Beautiful ELEPHANTS

Iintercooler

Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    ඔන්න ඉතින් ටිකක් දුර පළාතක මහත්තයෙක් හිටියලු., මේ මහත්තයට පොඩ්ඩක් මොඩ් වීමේ අමාරුවක් තිබුන.. ඉතින් රස්සාවේන් ලැබුණු මුදලින් වැඩි ප්‍රමාණයක් එක එක සුකුරුත්තම් වලට වියදම් කිරීම පුරුද්දක් වෙලා තිබුන.. ඉතින් දවසක් මේ මහත්තයට හිතුන්ව කොච්චර හොදට ඇද පැළදගෙන මේ ගමට වෙලා මොකාට පෙන්නන්නද කියල..

    මෙහෙම හිතපු මේ මහත්තයා ගමේ සෙට් එකක් සෙට් කරගෙන විනෝද චාරිකාවක් යන්න ලැස්ති කර ගත්ත. ගමේ කොල්ලෝ කුරුට්ටෝන්ට අහිංසක මිනිස්සුන්ට පෙන්න මේ මහත්තයා ඉංගිරිසි වචන කෑලි එහෙම එහෙන් මෙහෙන් බස්සන්න ගත්ත. සන් ග්ලාස් දාල අලුතෙන් ගත්ත ෆෝන් එකත් අතේ අරන් සෙල්ෆියක් එහෙම ගහල හිතේ හැටියට රගුව. ඉත්න් ගමේ අනිත් මිනිස්සුන්ට මේවා මැජික් වගේ.. ආ කියන්න බැරි උනානේ විනෝද චාරිකාව ගියේ යාලෙ අලි බලන්න.. ඉතින් ගිහින් ගිහින් ඔන්න අලි රංචුවක් ලග වාහනේ නතර කරලා මෙන්න මහත්තයෝ අලි කියල පෙන්නුවලු. ඉතින් අපේ මහත්තයත් ෆොනේ එක දික් කරලා ෆොටෝ එකක් එහම අරගෙන very beautiful elephants කිව්වලු.

    ඔන්න ඉතින් ගමන් මහන්සියත් එක්ක නැවත නිවෙස් බලා යනකොට බාගෙට බාගයක් නින්දටත් වැටිලා හිටියලු. අපේ මහත්තයාගේ ෆොන් එක රින්ග් රින් වෙන සද්දෙට හැමෝම ඇස් ඇරලා බැලුවේ මේ අතරේදී තමයි. දුරකතනයෙන් ලැබුණු අරන්චියෙන් කලබල උන මහත්තයට දැනගන්න ලැබුනේ මේ මහත්තයාගේ ගෙදරට අලි ගහල කියල.
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,588
    1,555
    113
    45
    Weligama, Sri Lanka
    therenne naha oyi mokakda seen eka kiyala...

    China_Led_Tube_Light20093121738442.jpg