Beauty and Hair Marketing Ex.Vacancy

handtohand

Member
May 30, 2016
130
9
0
මේ ත්‍රෙඩ් එක එලකිරියෙ දාන්නේ ඔයාලගෙන් කෙනෙකුටත් අපිටත් වැඩක් වෙන්න නිසා සුදුසු අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් කෙලින්ම අපිට කතා කරන්න. දන්න අයට කියන්න. අපි ආනයනය කරනවා අධිතාක්ෂනික උපකරණ පෙලක්. කොටසක් රූපලාවන්‍ය ශිල්පීන්ට. තව කොටසක් කේෂලාවන්‍ය ශිල්පීන්ට, තවත් කොටසක් සමට ප්‍රතිකාර කරන අයට (දොස්තරලට ). උපකරණ ඇරුනහම ජනප්‍රිය ඔයිල් වර්ගයක් (කොන්ඩෙට සහ සමට ) සහ කොස්මැටික් වර්ග කීපයකුත් ඒ අතර වෙනවා. අපි ඉන්නෙ ජා-ඇල ප්‍රදේශයේ. අපිට අපේම කියල මාර්කටින් සහ සේල්ස් කරන්න පුලුවන් කෙනෙක් අවශ්‍ය වෙලා තියෙනවා. ඉහතින් කියපු කස්ටමර් ගෘප් එක මුලු රට වටේම ඉන්නව. අඩියෙන් අඩියට. නමුත් ඇප්ලිකන්ට් ජාඇල අවටින් උනොත් තමයි හොද. බේසික්+පෙට්‍රල්+මොබයිල් දෙනවා. 9.00 - 6.00 ෆුල් ටයිම් වැඩ කරන්න කෙනෙක් තමයි ඕනෙ. බයික් එකක් තියෙන්නත් ඕනෙ. ටාගට් එකකුත් දෙනවා. හැම සේල් එකකින්ම 10% කට ආසන්න කමිශන් එක්කුත් දෙනවා. දල වශයෙන් මාසෙකට 80000.00 කට වඩා උපයන්න පුලුවන්. ටෙලි. නම්බර්ස් දැමීම නුසුදුසු නිසා වැඩි විස්තර අවශ්‍ය අය PM කරන්න. පිරමීඩ් ව්‍යාපාර වල මාර්කටි කරන අය තොරතුරු විමසීමෙන් වලකින්න තරම් අව0ක වන්න.

වයස අවුරුදු 24ට වඩා වැඩි පිරිමි අයෙකු විය යුතුයි.
මාකටින් සහ සේල්ස් ක්ශේත්‍රයේ පලපුරුද්දක් අවශ්‍යයි.
නව අදහස් සමග නිර්මානශීලී ධනාත්මක අයෙකු විය යුතුයි.
ඉ0ග්‍රීසි ලිවීම සහ කියවීම සමග කතා කිරීමට හැකිනම් වඩා හොදයි.


සචිත්‍ර.