Best Country to Travel:SL

the_myth

Well-known member
  • Apr 15, 2009
    1,568
    171
    63
    in a country like heavan
    සංචාරකයන්ට හොඳම රට ශ‍්‍රී ලංකාව බවට පත්වෙයි.



    බි‍්‍රතාන්‍යයේ සංචාරක සමීක්ෂණ ආයතනයකට අනුව දීර්ඝ සංචාරවල නිරත වන සංචාරකයන් සඳහා ලොව හොඳම සහ අඩුම වියදමක් සහිත රට ශ‍්‍රී ලංකාව බව සමීක්ෂණයකින් හෙළි වී තිබේ. එහි ප‍්‍රතිඵල බි‍්‍රතාන්‍ය ඬේලි ටෙලිග‍්‍රාෆ් පුවත්පත මගින් වාර්තා කර තිබෙන අතර සමීක්ෂණය සිදුකර ඇත්තේ ලොව ප‍්‍රධානතම සංචාරක ප‍්‍රදේශ 22ක් යොදා ගනිමිනි. එහිදී සංචාරකයන් වැඩි වශයෙන් මිලට ගන්නා භාණ්ඩ 10ක මිල ගණන් ද සොයා බලා තිබේ. සවස් කාලයේ කෝපි කෝප්පයක්, සිසිල් බීම, තැපැල් ගාස්තු ඇතුළු මෙම වියදම් 10 සඳහා ශ‍්‍රී ලංකාවේ දී පවුම් 46 ශත 85ක් වැය වන බව හෙළි වී ඇත. ඒ සඳහා ඕස්ටේ‍්‍රලියාවේ දී වැය වන මුදල පවුම් 155 ශත 48කි. යුද්ධය නිමාවත් සමග මෙරට සංචාරක කර්මාන්තය ලබා ඇති පුනර්ජීවනය පිළිබඳව ඬේලි ටෙලිග‍්‍රාෆ් පුවත්පත දීර්ඝ ලෙස විස්තර කර තිබේ. වසරේ පළමු මාස 8 තුළ දිවයිනට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව 47%කින් එනම් හාර ලක්ෂය දක්වා ඉහළයාම එහිදී විශේෂයෙන් පෙන්වා දී ඇති කරුණකි. මෙම සමීක්ෂණය අනුවල දෙවැනි තැන මෙක්සිකෝවටත්, තුන්වන තැන කෙන්යාවටත් හිමි වී ඇති අතර හතර වන සහ පස්වන ස්ථාන හිමි වී ඇත්තේ මලයාසියාව සහ ඉන්දුනීසියාවටයි. පසුගිය වසරේ පැවැත් වූ මෙම සමීක්ෂණයේදී අංක එකේ සංචාරක මධ්‍යස්ථානය ලෙස සැලකුණු තායිලන්තයට හිමි වී ඇත්තේ හය වන ස්ථානයයි.

    Source:lankacnews
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    සංචාරකයන්ට ලාභම රටයි ශ්‍රි ලංකාව :D
    Its good news machan thanx for sharing :D
     
    • Like
    Reactions: the_myth