මගේ යාළුවෙක් අම්මගේ රත්තරන් බඩුත් උගස්තියලා රුපියල් 35000/= හදාගෙන එල් ඊ ඩී බල්බ් 36ක් ගත්තා (ඒකාලේ එල් ඊ ඩී දැන්වගේ හැමතැනම තිබ්බෙ නෑ. බෙස්ට් ලයිෆ් ප්‍රඩක්ට් එකක් කියලා දීලා තියෙන්නේ).
උගේ යාළුවෙක්ව (මාව) මුලින්ම කන්වින්ස් කරන්න හැදුවා. පානදුරේ එක්කගෙන ගියා. මන් රටයන සිහියෙන් හිටපු නිසාද කොහෙද උන්ගේ දේශනේ එච්චර වැදුන්නෑ.
සතියකට විතර පස්සේ තුන්දෙනෙක් ත්‍රීවිල් එකෙන් අපේ ගෙදර ආවා. ටයි දාගෙන බෙස්ට් ලයිෆ් එකේ වැඩකරන උන් කියලා කිව්වේ. රට යන්න ඉන්නේ කිව්වම උන්ගේ ෆුල් ට්‍රයි එක අපිට මත්තල ඉඩම් විකුණන්න(2013)
කොහොම හරි උන්ගේ වැඩේ හරි ගියේ නෑ. මන් නැති අතරෙත් එකාදෙන්නා ඇවිත් තියනවා. අපිට ලාබ අරන්දෙන්න උන්ට ඔච්චර අමාරුවක් තියනවද කියලා තාත්තා මන් ගෙදර හිටියත් පස්සේ පස්සේ උන්ට කියලා තියෙන්නේ මන් ගෙදර නෑ කියලා.
පස්සේ ආරන්චි වුණේ බල්බ් 36 ගතපු යාළුවවත් කන්වින්ස් කරලා තියෙන්නේ මත්තල ඉඩමක් ගතපු උගේ යාලුවෙක්. කොහොම හරි ඌට එකෙක්වත් හොයාගන්න බැරිවුණා. අවුරුද්දකට පස්සේ දැනගෙන තියෙන්නේ ඒ බල්බ් ටික 10000/= වත් වටින්නෑ කියලා. අනික බෙස්ට් ලයිෆ් ප්‍රඩක්ට් කිව්වට බල්බ් එකේ උන්ගේ ලේබල් එකක් අලෝලා විතරයි. (ලේබල් එක 5හේ මුද්දරෙන් 1/4 එකක් විතර ඇති. බල්බ් එක රත්වෙනකොට ලේබල් එක නිකම්ම ගැලවෙනවා)
එදා අර ත්‍රීවිල් එකෙන් අපේ ගෙදර ආපු උන්ගෙන් එකෙක් මාස 6කට විතර පස්සේ සේල්ස් රෙප් කෙනෙක් විදියට ඇවිත් තියනවා අපේ කඩේට. එතකොට තමයි අපි දන්නේ උන් ඒකේ වැඩකරන උන් නෙවෙයි ඒකෙන්ම අමාරුවේ වැටිලා තව එකෙක්ව අමාරුවේ දාලා හරි ගොඩයන්න බලන උන් කියලා.