එ‍් උඹල හිතාගෙන ඉන්න විදිහනෙ. තමන්ටවත්, පිට කෙනෙක්ටවත් හානියක් කරන් නැත්තම්, අවදානමක් නැත්තම් mental state එකක් ගැන වද වෙලා වැඩක්ම නෑ. මට එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ කියල මට කියන්න පුළුවන්. හැබැයි එ‍්ක prove කරන්න බෑ කියල මාත් පිළිගන්නවා.
හැබැයි ඉතින් කොහොමත් තමන්ට තේරෙන් නැති විදිහකට ජීවත් වෙන, සතුටින් ඉන්න හැම එකාවම, හැමෝම කරන විදිහට සේරම කරල එ‍්කෙන් පිට ජීවිතයක් නෑ කියල හිතාගෙන ඉන්න උන්ට පේන්නෙ මානසික ප්‍රශ්නයක් වගේ තමයි. අවුලක් නෑ එ‍්ක ඉතින් කැමති විදිහට interpret කරගන්න පුළුවන්.
හැබැයි අැත්තටම mental health කියල සලකන දේවල් ටික ගැන පොඩ්ඩක් හිතල බලහන්කො. තමන්ට තමන් ගැන තියෙන තෘප්තිමත් බව, සතුටින් ඉන්න එක, stress නැති එක, මනසට අවශ්‍ය stimulation එක ලැබීම වගේ මොකක් හරි දේකින් අඩුවක් මට තියෙනවද?
උඹලට නම් 100% සෑහෙන්න එ‍් පැත්ත කේස්නෙ නේද? මොනවා තිබ්බත් satisfaction එකක් නැතිව, අනිත් උන්ගෙ රෙද්දවල් ගැන වද වෙවී, ප්‍රශ්න කෝටියක් ඔලුවෙ තියාගෙන, stress වෙලා අමු කරුමෙකනෙ අැත්‍තටම ඉන්නෙ. එ‍්වා පිටින් බලන්න නෙවෙයි, තමන්ටම බලා ගන්න වෙන දේවල්.
අාතල්ම සීන් එක ඕක ගැන අැරෙන්ඩ ඉතිරි ටික ගැන මට challenge කරන්නවත් බෑනෙ නේ? නින්ද, Body fat percentage එක, ලෙඩක් දුකක් නැතිව ඉන්න එක, ගාණෙන් අඩු වුණාට කිසිම පැත්තකින් අඩුවක් නැති පරිපූර්ණ පෝෂණය එක්ක alcohol, nicotine දහ ජරාව අැඟේ දාගන්න තරම් රුදාවක් හැදිල නැති එක, ඔය එකකට හරි අඩු ගාණෙ පෙන්නන්න පුළුවන් දෙයක්වත් තියෙනවද? නෑනෙ. මම කන බොන දේවල් අඩු කුලේ කියල හිනා වෙවී හිටියට AI දාලවත් මගෙ diet + lifestyle එකේ තියෙන එක වැරැද්දක් කාටවත් තාම පෙන්නගන්න බැරි වෙලානෙ තියෙන්නෙ.