beware from laptop !!!

manika75

Member
Jul 5, 2011
119
27
0
තම නිවසේ ඇති වූ ගින්නක් හේතුවෙන් විසි පස් හැවිරිදි තරුණයෙකු ජුනි හතර වෙනිදා ඇමරිකාවෙදී මිය යයි. විශ්ව විද්‍යාලයක නේවාසිකව ඉගෙනුම ලැබු ඔහු දිනක් තම දෙමවිපියන් හමුවීමට නිවසට පැමිනෙයි. තම පියා සමඟ දහවල් ආහාරය ගත්තායින් පසු ඔහු නැවත නේවාසිකාගාරය සඳහා යාමට සැරසුනත් පියාගේ ඉල්ලීම මත තම මව වැඩ නිම වී ගෙදරට පැමිනෙන තෙක් නිවසේ සිටීමට ඔහුට සිදු විය. මව පැමිනෙන්නට හවස් වන නිසා ඇය පැමිනෙන තුරු නිදා ගැනීමට ඔහු තීරනය කලා. ඊට පැය ගණනකට පසු එම නිවසින් කළු දුම් පිටවන හෙයින් අසල්වැසියන් විසින් ඒ බව පොලිසියට දන්වා සිටියා.

අවාසනාවකට අර තරුණයා එම නිවස තුලම මිය ගොස් තිබුනා. ගින්න ඇතී වීමට හේතුව සොයා ගැනීමට දවස් ගණනක් ගත වුනා. ගින්නට හේතුව වි තිබුනේ තරුණයා විසින් තම ලැප් ටොප් (lap top) එක ඇඳ මත තබා නින්දට යෑමයි. ලැප් ටොප් (lap top) එක ඇඳ මත තිබීමෙදී එහි කූලින් ෆෑන් (cooling fan) එකට අවශ්‍ය වාතය නොලැබෙයි මේ හේතුවෙන් පරිඝනකය සිසිල් වීමක් සිදු වන්නෙ නැත. ගින්නට හේතුව වී තිබුනෙ එයයි. අඩුම තරමේ අර තරුණයා නින්දෙන් අවදී වී තිබුනේද නැත ඔහු මිය ගොස් තිබුනේ කාබන් මොනොක්සසයිඩ් (carbon monoxide) වායුව ආග්‍රාහනය කිරිම හේතුවෙනි.

අද ශ්‍රී ලංකාව තුලද විශාල පිරිසක් ලැප් ටොප් (lap top) භාවිතා කරයි සහ එම පිරිසෙන් සැලකිය යුතු පිරිසක් එය භාවිතා කරන්නෙ ඇඳ මත තබාගෙනය. මෙය සමහරක් අය ගාණකට නොගත්තද මෙයින් අවදානමක් පවතින බවට ඔවුන්ට මතක් කර දෙන්නෙමි.

this information from FB
 
  • Like
Reactions: maxxaa