Big Bad Wolf බලන්න ගියාද?

precious

Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    Still ppl are entering and bit crowded. Great deal. Books are very cheap almost 50%- 60% reduced. Budget was 5k but ended up with 9k.:sorry:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Un mama hitanne trend analysis ekak wage me awrudde karanne.. :rolleyes::rolleyes:

    Next year wage poth category godak dai.. :)

    ඒ නරියාගේ දත් කියත් පටි මෙන් ය. කපටි සිනාවෙන් ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දිගු තාප්පය පුරා පොල් ගස් යටින්, බස් හෝල්ට් පසු කරමින්, කෝච්චි මඟ හරිමින් යන්නේ හෙයින් පසුපසින් යාම සුදුසුය. ඒත් කහ පැහැති සරමක් බැරි මරගාතේ ඇඳගෙන සිටින හෙයින් නරියා ශ්‍රී ලංකාවේ උපන් නරියෙක්ද නැත්නම් මෙරටට ආනයනය කළ නරියෙක්දැයි පළමුව දැනගත යුතුය. එහෙත් එහේ බලා මෙහේ බැලූ අල්ල පනල්ලේ 'හොක්කි හොක්කි හූ' කියමින් නරියා පැන ගොසිනි. එහෙත් මේ නගර මැදක සරොම් ඇඳගෙන ඇවිදින නරියකු දැකීම මගේම වරදකැයි ඔබට සිතාගත හැකිය. ඒ මහා භ්‍රාන්තියකැයි සිතා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ ඇතුළු වීමේ දොර‍ටුවෙන් පාවී ගියෙමි. සක්වල සසල කරමින් වැයෙන සංගීතය එළිමහනේය. ඉඳික‍ටුවක් බිම වැටෙන නිශ්ශබ්දතාවය ඇතුළතය. ඒ සා පොත් එකතුවක් එක තැනක නිදාගෙන මෙන් සිටිනු දැකීමෙන් පළමුව මම මවිතයට පත් වීමි. දෙවැනුව එවන් පුදුමයක් හට ගත්තේ කෙසේදැයි කියා සිතීමි.
    මේ ලොව විශාලතම පොත් අලෙවිය ලෙස සලකන 'බිග් බෑඩ් වුල්ෆ්' ශ්‍රීලංකාවට පැමිණ ඇත්තේ අහම්බයකිනි. පසුගිය බදාදාවේ (04) නිල වශයෙන් ඇ‍රැඹි මේ මහා පොත් ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකාවේ නියෝජිතයා වූ නිශාන් වාසලතන්ත්‍රීගේ මැදිහත් වීමෙනි. මේ ඒ මැදිහත් වීම ගැන ඔහු කියූ කතාවයි.
    "මේක හරිම අහම්බෙන් වෙච්ච දෙයක්. මගේ ආයතනයේ වැඩකට මැලේසියාවේ ගිය වෙලාවක යාළුවෙකුගේ මාර්ගයෙන් ඇන්ඩෘ යැප්ව හම්බ වුණා. මම එයත් එක්ක පොත් තියෙන විශාල වෙයාර්හවුස් එකකට ගියා. ඒක දැකලා මම ඇහුවා මේ පොත් එක්ක මොනවද කරන්නෙ කියලා. එයා කිව්වා අපි ලෝකෙ වටේම ඉන්න පබ්ලිෂර්ස්ලා එක්කහු කරගෙන එයාලගෙ පොත් සල්ලි දීලා ගන්නවා. ඒවා ආයෙත් 80% ,60% වගේ ඩිස්කවුන්ට්වලට විකුණනවා කියලා. ඒ වගේම ඉංග්‍රීසි භාෂාව ව්‍යාප්ත කරගන්න ඕන රටවල්වලට ගිහිල්ලා අපි මේ පොත් අඩු ගාණට විකුණනවා කියලා. ඉන්දුනීසියා, මැලේසියා, බැංකොක් වගේ රටවල දැනටමත් මේ සේල් එක කරගෙන යනවා. ඊළඟ අවුරුද්ද වෙනකොට චීනෙටත් යන්න හිතාගෙන ඉන්නවා කියලා. ඒ වෙලාවෙ තමයි මම එයාට කිව්වෙ ඇයි මේක ලංකාවෙත් කරන්නෙ නැත්තෙ කියලා. කිසි පැකිලීමක් නැතිව එයා කැමති වුණා ලංකාවට එන්න. සේල් එක ලංකාවෙ කරන්න කලින් මට ඇස් දෙකෙන්ම මේක බලාගන්න ඕන වුණා. ඒ නිසාම බැංකොක්වලයි, ,තායිලන්තෙයි තිබ්බ සේල් දෙකම බලන්න මම ගියා. හැබැයි ඒ අය මේ සේල් එක කරන්නේ ලොකු ඉඩක. අපිට ඒ තරමෙ ඉඩක් මෙහේ නෑ කියලා. අන්තිමට එයාලා කැමති වුණා අපිට තියෙන ඉඩ පාවිච්චි කරලා සේල් එක කරන්න. ජූනි මාසෙම ලංකාවට ඇවිත් ඔක්තෝබර් මාසෙ 'බිග් බෑඩ් වුල්ෆ්' සේල් එක ලංකාවෙ තියන්න තීරණය කළා."
    'බිග් බෑඩ් වුල්ෆ්' ප්‍රදර්ශනයේ විශාල බව දැනෙන්නේ ප්‍රදර්ශන මධ්‍යස්ථානය පුරා නිදාගෙන මෙන් වැතිරී සිටින පොත් තේරීමට ගිය විටය. ප්‍රබන්ධ එක කොණකත්, ළමා කතා සහ චරිත කතා ආදිය තවත් තැනකත් තිබෙන අතර යොවුන් පාඨකයන් වෙනුවෙන් තවත් පොත් කඳු කිහිපයකි. එක යායට තිබෙන පොත් බහා ගැනීමට තල්ලු කරන බාස්කට් සහ අතේ එල්ලාගෙන යා හැකි බාස්කට්ය. එයිනුත් වැඩිම පිරිසක් රොද බැඳ උන්නේ ළමා කතා වෙනුවෙන් වෙක් කර තිබූ විශාල ඉඩෙහිය. රු:120 සිට 2000-3000 තෙක් මිල නියම කළ පොතපත ඔබව එතුළටම කාන්දු කර ගන්නවා නිසැකය. කොමික් පොත් වෙනුවෙන් වෙන් වූ ඉඩෙහි වූයේ කොමික් රසික, රසිකාවියෝ පමණක්ම නොවේ. මීට පෙර කොමික් නොකියවූ අයද එහි සිටියෝය. එහෙත් වචනයක්,දෙකක් කියා මඟහැර යනවාක් මිස දිගු කතාවකට ඔවුන් පටලවා ගැනීම අපහසුය.
    මහජනතාව වෙත ඔක්තෝබර් 05 වැනිදා උදෑසන 9.00ට විවෘත වන මුත් 04 වැනිදා විශේෂ ආරාධිතයන් සඳහා පූර්ව අලෙවියක් සූදානම් කර තිබුණි. එකී දිනය අපතේ හෙළීමට මේ තරුණ කියවන්නන් අකමැති හෙයින් කතා කිරීමට අකමැති වීම සාධාරණය. මේ පූර්ව අලෙවි දිනය හෙයින් සියල්ලෝම අන් අයට පෙර පොත් ගැනීමේ දැවීමකින් පසු වනවා විය හැකිය. පැය 24 පුරාම විවෘතව පවතින 'බිග් බෑඩ් වුල්ෆ්' පැය 255ක් පුරා ඔබට පොත් විකුණයි. නවතම ඉංග්‍රීසි පොත් සඳහා 80% ක් සහ 60%ක් දක්වා විශේෂ වට්ටම් ලබා ගැනීමට හැකියාව සපයා ඇත. ලොව පුරා අතිශය ජනප්‍රිය ඉංග්‍රීසි පොත් 20 000ක්ද, විවිධාකාර ශානරයන්ට අයත් පොත් මිලියන 1.5ක් මෙහිදී මිලදී ගැනීමට හැකිය.
    යළිත් 'බිග් බෑඩ් වුල්ෆ්' ගැන කියන්නේ ප්‍රෝරීඩ් ලංකා ආයතනයේ අධ්‍යක්ෂ නිශාන් වාසලතන්ත්‍රී ය.
    "මම මේ අදහස අරගෙන ගියා අධ්‍යාපන ඇමතිතුමා හම්බ වෙන්න. ඔහුත් මේ වැඩසටහනට එක පයින් කැමති වුණා. ව්‍යාපාරිකයෙක් විදිහට බැලුවොත් මේක මට අදාළම නැති ක්ෂේත්‍රයක්. නමුත් මම හිතුවා මවුපියන් විදිහට අපිට සමාජයට දෙන්න පුළුවන් අධ්‍යාපනය විතරයි. දැනුම විතරයි. ඒක නිසාමයි මේ වගේ ලොකු සේල් එකක් ලංකාවට ගේන්න මම හිතුවේ. පොත් හින්දද මන්දා අපිට මාධ්‍යයෙන් ලොකු සහයෝගයක් ලැබුණා.
    ඊට අමතරව තවත් අමතක නොවෙන දෙයක් වුණා. මම 'බිග් බෑඩ් වුල්ෆ්' සේල් එකට ඉන්දුනීසියාවට යන්න ඉමිග්‍රේෂන් එකේ ඉන්නකොට ඒ කවුන්ටර් එකට ලංකාවෙ ළමයි 05 දෙනෙක් ඇවිත් හිටියා.එ අය මොකටද යන්නෙ කියලා ඇහුවමයි කිව්වේ අපි මේ බිග් බෑඩ් වුල්ෆ් සේල් එකට යනවා කියලා. මෙන්න මේකත් මගේ හිතට තදින් වැදුණා."
    "එතකොට කොහොමද මෙච්චර ලොකු ඩිස්කවුන්ට් එකක් දෙන්නේ? 80% කියන්නේ ලොකු ඩිස්කවුන්ට් එකක්නේ?"
    ඒ පැනය මගෙනි. ඔහු කියන්නට කල් දමන දෙය කලින් අසා ගැනීමේ තැතකි.
    "'බිග් බෑඩ් වුල්ෆ්" එකත් එක්ක මුළු ලෝකෙම ඉන්න ප්‍රකාශකයෝ ළඟින් ආශ්‍රය කරනවා. ඒ අය පොතක් පබ්ලිෂ් කරපු ගමන් මේ අයට සාම්පල් පොතක් එවනවා. බිග් බෑඩ් වුල්ෆ් ලා ළඟ මේ පොත් සමීක්ෂණය කරන්න ලොකු කමි‍ටුවක් ඉන්නවා. පොත හරියන්නෙ ලංකාවටද, ඉන්දියාවටද, චීනෙටද, ඉන්දුනීසියාවටද කියලා ඒ අය කියවලා තීරණය කරනවා. පබ්ලිෂර් ප්‍රින්ට් කරන්න ඉන්නෙ පිටපත් කීයක්ද කියලා ඇහුවම ලැබෙන උත්තරේ 5000ක් නම් බිග් බෑඩ් වුල්ෆ් පබ්ලිෂර්ට කියනවා 50 000ක් ප්‍රින්ට් කරන්න කියලා. හැබැයි ඉතරි 45 000 මේ අය ගන්නෙ මුද්‍රණය කරන්න වියදම් කරපු ගාණට විතරයි. ඒ ගාණට සුළු ලාබයක් තියාගෙන බිග් බෑඩ් වුල්ෆ් මේ පොත් සේල් එකේ විකුණනවා. හැම ප්‍රකාශකයෙකුටම ඕනෙ තමන්ගේ පොත් ලෝකෙ පුරා යනවා දකින්න. ඒත් හැම තිස්සෙම ඒ අයට හැම රටකටම පොත් අරගෙන යන්න හැකියාවක් නෑ. අපි මේ විකුණන්න තියෙන හැම පොතක්ම තාමත් ඉටි කවර පිටින් තියෙන්නේ. එක පොතක් විතරයි සාම්පල් එකක් බලන්න ඉටි කවරය අයින් කරලා තියෙන්නේ. මේ කිසි පොතක් ඉන්දියාවෙ මුද්‍රණය කරපු ඒවා නෙවෙයි, ඔක්කෝම පොත මුද්‍රණ කරන මවු රටෙන්ම ආපු ඒවා."
    පොත් මිලදී ගැනීමට ආ සියල්ලෝම කුමක්දෝ කෝඩ් එකක් අනුව වැඩ කරන්නාක් මෙනි. තමන් මිලදී ගන්නවා යැයි කූඩවල බහාගත් පොත් පවා අන්තිම මොහොතේ නොගන්නෙමි යි කියා හිත වෙනස් කරගතහොත් ඒවා වෙනත් තැන්වල දමා නොයන තරමට ඔවුන් සංවරය. පොත තිබූ තැනටම යළිත් ගෙනිහින් ඇරලවන්නට ඔවුන් වග බලා ගන්නා බව මගේ නිරීක්ෂණයට හසු විය. පසුගිය මාසයේ පැවැති කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පොත් සමඟ ගනුදෙනු කළ සුළුතරයක් පොත්වලට සැලකූ ආකාරය සිහිපත් වූ විට මේ නම් අරුමයක් සරි විය. සියයට 20ක වට්ටම් වෙනුවෙන් ‍රැස් කෑ ඒ පාඨකයන් සහ සියයට 80ක වට්ටම සමඟ නිහඬව පොත් ‍තෝරන මේ පාඨකයන් ගැන යම් සිතුවිල්ලක පසුවීමට සිදුවීම දෛවෝපගතය.
    ඒ ගැන නිශාන් වාසලතන්ත්‍රී කියන්නේ මෙවැන්නකි.
    "සේල් එක ඇතුළේ 200ක් අද වැඩ කරනවා. එච්චර සේවකයන් ඉන්නෙ පොත් ගත්ත තැන්වල නොතියා වෙනත් තැන්වලින් තිබ්බම ඒවා ආයෙ තිබ්බ තැනටම ගිහින් තියන්නයි. ඒත් මම උදේ ඉදන් බලන් හිටියා ඒ අයට කරන්න වැඩක් නෑ. කවුරුවත් පොත් වෙන තැන්වල දාලා යන්නෙ නෑ. අපේ පාඨකයන්ගේ විනය ගැන මට හරිම සතු‍ටුයි. ඒ අය පොත්වලට ආදරේ කරන අය. ඒ අය දන්නවා පොත්වලට සලකන්න. අධ්‍යාපනය විසින් විනය හදනවා කියලා මම විස්වාස කරනවා."
    ඊළඟට කලබලයෙන් එහා-මෙහා ඇවිදිමින් සිටි ඇන්ඩෘ යැප් ව පු‍ටුවක වාඩි කරවා ගන්නට මම සමත් වීමි. 'බිග් බෑඩ් වුල්ෆ්' නිර්මාතෘ ඔහුය. සම නිර්මාතෘ ජැකලින් ය. බිග් බෑඩ් වුල්ෆ් ආවේ කොහෙන්දැයි ඇන්ඩෘගෙන්ම අසා පැහැදිලි කරවා ගැනීම වටී.
    "මේ ඔක්කොම පටන් ගත්තේ මැලේසියාවෙන්. මැලේසියාවෙ පොත් හරිම ගණන්. මම හිතුවා ඒකට මොකක් හරි කරන්න ඕන කියලා. අනිත් එක කියැවීම සුඛෝපභෝගී දෙයක් වෙන්න බෑ. ඒ නිසාම ලෝකෙ වටේම ඉන්න ප්‍රකාශකයෝ හම්බ වෙන්න අපි ගියා. ගිහින් ඒ අය එක්ක කථා කරලා මේ ගනුදෙනුවට ආවා.
    අපි විකුණන පොත් අයිති වෙන්නේ නැවත සකස් කළ' ඝනයට. ප්‍රකාශකයෝ වැඩියෙන් මුද්‍රණය කරපු පොත් හැම තිස්සෙම ඒ අය ළඟ තියෙනවා. අන්න ඒ ඉඩෙනුත් අපි ප්‍රයෝජන ගත්තා. ඊට අමතරව මුද්‍රණ වියදමට විතරක් පොත් සල්ලි දීලා ගන්න එකඟතාවයකට ආවා. වැඩිය පැහැදිලිව කිව්වොත් අපි අඩු මුදලට අරගෙන අඩු මුදලට විකුණනවා. බිග් බෑඩ් වුල්ෆ් ලංකාවට ගෙනාපු එක ගැන මම සතු‍ටු වෙනවා. අපිට පුළුවන් නම් නගරේ විතරක් නෙවෙයි ගමටත් මේ සේල් එක අරන් යන්න මම වැඩියෙන් සතු‍ටු වෙනවා. මොකද කියැවීම ඕන කරන්නේ නගරේ ජීවත් වෙන මිනිස්සුන්ට වඩා ගම්බද අයටයි. පොතකින් ජීවිත වෙනස් කරන්න පුළුවන් කියලත් මම හිතනවා. ඊළඟ අවුරුද්දෙත් ලංකාවට එන්න අපි බලාපොරොත්තු වෙනවා. හැබැයි මේක ලේසි දෙයක් නෙවෙයි. අමෙරිකාවෙන් මැලේසියාවට පොත් ගේන එක, ඊට පස්සේ ආයෙත් ලංකාවට මේවා ගේන එක ලේසි නෑ.
    "මොකද පැය 24ක් පුරාම පොත් විකුණන්න හිතුවේ?' මහ මොළකරුගෙන්ම එය අසා දැන ගැනීම වටී.
    "හැම කෙනෙක්ටම පොත් ප්‍රදර්ශනේ බලන්න එන්න ඉඩක් දෙන්නයි එහෙම කළේ. එතකොට නෑවිත් ඉන්න කිසි කෙනෙකුට හේතුවක් තියෙන්න බෑ. ඇතුල් වීම නොමිලේ. පැය 24ම විවෘතයි. ඉතිං තවත් මොනවද?"
    ඇන්ඩෘ කුඩා ඇස් තවත් කුඩා කරමින් සිනාසෙමින් එසේ පවසයි.
    කියත් දත් ඇති නරියාගේ පෙනුම භයංකාර සහ ‍රැවටිලිකාර වුණත් ලබා දෙන්නේ කදිම ලාබයකි. සිනා මුහුණ පැළඳගෙන පාඨකයාගේ ඉණ, ඉහ අත ගාගන්නා දේවදූතයන්ට වඩා බිග් බෑඩ් වුල්ෆ් හොඳටම හොඳ යැයි මම කියන්නේ මාස දෙකක වෙනසකිනි. පොත් ප්‍රදර්ශන දෙකකින් පසුවය.

    කාංචනා අමිලානි

    :love::love:
    ඒ කියන්නෙ ලබන අවුරුද්දෙත් එනව :D
     

    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,206
    736
    113
    ~Madhouse~
    Is this true 5000 rupees for the Paper Back Edition ?

    34rhrhk.jpg