Biggest internet scam in Sri Lanka

Mawathagama

Well-known member
  • May 5, 2016
    6,565
    3,239
    113
    ලංකාවේ මෙච්චර කාලෙකට කරපු ලොකුම ඉන්ටනෙට් ස්කෑම් එක ගැනයි මේ. ගොඩක් කට්ටිය ස්කෑම් ගැන කතා කරන නිසා මම මේක කියන්න හිතුව. මේ ගැන ඉස්සර නම් එළකිරි ලිපි ගියා මම දන්න තරමින්.

    නම තමයි සීගල් සොෆ්ට්වෙයාස්.

    මේක කරේ 2006 විතර ගල්කිස්සෙ. ඒ ගොල්ලොන්ගේ කාර්යාලේ තමයි ලයන් පබ් එක ඉස්සරහ තියන ෂෙඩ් එකට අල්ලපු ගෙදර. වම් පැත්තේ කළු පාට ගේට්ටුවක් එක්ක.
    ඉන්දියන් කොල්ලෙක් තමයි මේක කරේ. මෙන්න මේකයි උනේ.

    ඕනම කෙනෙකුට අවුරුදු දෙකක ට කරන්න දෙයක් දුන්න රුපියල් 6500 කට. ඒ 6500 එක කොටසකට ස්ලොට් එකක් කියල. සල්ලි දීල ස්ලොට් එකක් අරන් කරන්න තියෙන්නේ මේකයි. දවසකට ලින්ක් හතරක් එවනවා ඊමේල් කරලා. කරන්න තියෙන්නේ ඒ ලින්ක් වල තියන විස්තරේ කොපි කරලා එක්සෙල් ශීට් එකක පේස්ට් කරලා ඒ ගොල්ලන්ගේ වෙබ් එකට අප්ලෝඩ් කරන්න. ඔය ලින්ක් හතර කරන්න ඕනනම් විනාඩි පහක් යයි. සතියට දවස් පහක් එවනවා. මාසෙට ඕකට 4000 ක් ගෙවනවා. කොහොමද වැඩේ? 6500 ක් වියදම් කරලා ස්ලොට් එකක් ගත්තහම අවුරුදු දෙකක් යනකම් 4000 ගානේ මාසෙට. විනාඩි පහක වැඩකට!!!

    කට්ටිය ස්ලොට් හතර, පහ, දහය, විස්ස ගත්තා. ආදායම හතලිස් දාහයි පනස් දාහයි ලක්ෂයයි... කරපු කට්ටියට හරියටම සල්ලි ලැබෙනවා. තව කට්ටිය අරන් ආවොත් රුපියල් දෙදාහක් කොමිස්.

    මාසයක් විතර කෙරෙද්දී කතාව ගියා නැගල. යාලුවොන්ට කියද්දී මට මේ මාසේ මෙච්චරයි කියල ඔන්න එයත් එනවා. වැඩේට.

    මාස දෙක තුනක් යද්දී මේකෙ පීක් එක ආව. හතරවටින් එන්න ගත්ත. කෝටි ගණන් වලට ස්ලොට් ගත්ත. පොලොන්නරුව පැත්තේ දොස්තර කෙනෙක් කෝටි එක හමාරකට ගත්තලු. ඔහොම පීක් මාසේ කෝටි කීයක් ද නැතුව ආව.
    ඒ මාසේ අන්තිමේ සල්ලි දාල නැත්වහම කට්ටියට රත් වුනා. ඔෆිස් එක වටලලා බලද්දී කලින් දවසේ පැනල ගිහිල්ල. ඊට කලින් දවසේ වැල්ලවත්තේ සල්ලි මාරු කරන තැන් කීපයකින් කෝටි දහයක් මාරු කරල. එදා විතරක් !
    එයා රාජ් කියල අවුරුදු 26,27 විතර කොල්ලෙක්. එච්චර උස මහත නැති. අද වෙනකම් අතුරුදහන්.

    ඒ අන්තිම මාසෙ ලොකු ඉල්ලුමක් තිබ්බ. කට්ටිය ඔෆිස් හදල කෙල්ලෝ අරන්, කොම්පියුටර් අරන්, මහා පරිමානෙට පටන් ගත්ත. සල්ලි නේද්දි තමයි තේරුනේ ස්කෑම් එකක් කියල.

    එයා කරේ ඉස්සෙල්ලම විශ්වාසයක් ගොඩ නඟා ගත්ත. සල්ලි දුන්න. හරියට කෝටි ගණනක් එන විදිහට ටාගට් එකට ගියා, අතුරුදහන් වුනා. අනික තමයි මුල මාසේ ඉඳලම එයාට 4000 ගෙවන්නවත් සල්ලි ගියේ නෑ මොකද ගොඩක් කට්ටිය 6500 ගානේ දෙන නිසා. අනික ගෙවන 4000 ටත් තව 2500 ක් අතින් දාල තව ස්ලොට් එකක් ගන්නවා කට්ටිය. එයාට සල්ලි ආව විතරයි. එන සල්ලි වලින් ම රෝල් කරලා අන්තිමේ කෝටි ගානක් අරන් යන්න ගියා.

    අද වෙනකම් ලංකාවේ වෙච්ච ලොකුම ඉන්ටනෙට් ස්කෑම් එක තමයි ඒ.


    http://www.nation.lk/2006/10/29/newsfe5.htm

    http://www.sundaytimes.lk/061029/News/nws11.html
     
    Last edited:

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,565
    3,239
    113
    Campues kollo polime innakota menna bole hodata dekala purudu munuth tiyanawa lu.
    Balanakota Campus 1y ma ugan wana lectures la, lab assistants la, Lab admin la..

    e kaale kollo lecturers la ekka enawa. "sir ta udaw karanna" lecturer danne na oota 2000k commission kiyala :lol:
     

    TMSL

    Member
    Nov 29, 2016
    71
    8
    0
    බොහෝ දෙනා හිතන්නේ යාලුවෝ සෙට් කරන්න ඕන නැති investments පිරමීඩ නෙමෙයි කියල.ඒ උනාට ලොකුම පිරමීඩ ජාවරාම් 8/10ක විතර යාලුවෝ සෙට් කරන්නම ඕන නෑ .
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    ඒ දවස්වල අපිටත් ඕක ගැන එච්චර දැනුමක් නැ ඉන්ටනෙට් කියන්නේ වැල බලන්න තියෙන එකක් කියල හිතාගෙන හිටපු කාලේ තමයි ..හැබැයි මේක බොරුවක් කියල හිතාගන්න නම් ඒ කාලෙත් මොලයක් තිබ්බ
    මගේ යාලුවෙකුත් ස්ලොට් එකක් ගත්තා පව් සල්ලි හම්බ උනේ නැ ..
    කෝටි 10 නෙමෙයි කෝටි 100 හම්බ කලත් වැඩක් නැ ඕව පලදෙනව
    මහන්සියෙන් හොයන රු දහයත් වටිනව ඔය කෝටි ගානට වඩා මොකද ඒක සැනසීමයි
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,565
    3,239
    113
    ඒ දවස්වල අපිටත් ඕක ගැන එච්චර දැනුමක් නැ ඉන්ටනෙට් කියන්නේ වැල බලන්න තියෙන එකක් කියල හිතාගෙන හිටපු කාලේ තමයි ..හැබැයි මේක බොරුවක් කියල හිතාගන්න නම් ඒ කාලෙත් මොලයක් තිබ්බ
    මගේ යාලුවෙකුත් ස්ලොට් එකක් ගත්තා පව් සල්ලි හම්බ උනේ නැ ..
    කෝටි 10 නෙමෙයි කෝටි 100 හම්බ කලත් වැඩක් නැ ඕව පලදෙනව
    මහන්සියෙන් හොයන රු දහයත් වටිනව ඔය කෝටි ගානට වඩා මොකද ඒක සැනසීමයි

    ow ban godak minissu eka eka ewa wikunala ugas thiyala ehema thamayi salli dunne :(
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    lankawe moda sihalu innakam owa itin negala yanawa, salli kiwwoth onama ekak believe karanawa gon heththa
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    ow ban godak minissu eka eka ewa wikunala ugas thiyala ehema thamayi salli dunne :(

    මගේ යාලුවත් එහෙම තමයි බන් මොකක් හරි පෝන් එකක් උගස් තියල සල්ලි දැම්මේ මට නම් එහෙමවත් තිබ්බේ නැ :(
    ඒත් ඌට මම කිව්ව ඕක බොරුවක් වෙන්න ඇති කියල කිව්වත් වගෙම බොරුවක්
    ඔය කාලේම ගෝල්ඩ්කොයින් පිරමිඩ් එකත් නැගල ගිය කාලේ
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,565
    3,239
    113
    මගේ යාලුවත් එහෙම තමයි බන් මොකක් හරි පෝන් එකක් උගස් තියල සල්ලි දැම්මේ මට නම් එහෙමවත් තිබ්බේ නැ :(
    ඒත් ඌට මම කිව්ව ඕක බොරුවක් වෙන්න ඇති කියල කිව්වත් වගෙම බොරුවක්
    ඔය කාලේම ගෝල්ඩ්කොයින් පිරමිඩ් එකත් නැගල ගිය කාලේ

    mamath kiwwa okama. mama danna kollek Rifath kiyala. oo oka karaddi mama balan hitiya. mata penichcha eka thamayi file eka upload wenna click karana pamawa witharayi uploaded kiyana message eka enawa. 1gbps speed ekak thibbath ehema wenna ba.
    mama oota kiwwa meka nam boruwak kiyala. eth oo e mase iwara wela thawa slots 4 k gaththa. e tikata sorry thamayi.
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    774
    113
    38
    මහන්සියක් නැතුව සල්ලි හොයන්න යන කාට කාටත් හොඳ පාඩම්
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    සිරාවට ඒ දවස් වල අපි ලැබ් එකට යන්නේ ඉන්ටෙර්නෙට් බලන්ඩ
    එපා වෙනවා කට්ටිය ඔක්කොම් ඇවිල්ලා සීගල් එක මැෂින් එකක් නැ ෆ්‍රී
    අන්තිමට ගොඩකට කෙලවිලා ගියා

    :rofl::rofl::rofl:
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    හුරු පුරුදු සීන් එකක්, News ලින්ක් එකට ගිහින් Seagull නම දැක්ක විතරයි හීතල වෙලා ගියා :baffled:
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,882
    4,493
    113
    හුරු පුරුදු සීන් එකක්, News ලින්ක් එකට ගිහින් Seagull නම දැක්ක විතරයි හීතල වෙලා ගියා :baffled:

    me tiyenne badu
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    හැම වෙලාවෙම ඔහොම දේකට සල්ලි යොදවන කොට ආයේ දාපු ගානවත් ගන්න විදිහක් තියද බලන්න ඕන