කියල වැඩක් නෑ එක නන්උඹේ පෝස්ට් එක දැක්කම ගණං හදල බැලුවෙ.
මේ අවුරුද්දට මගේ ලයිසන් එකටයි, බයික් එකටයි අවු 10ක් පිරෙනව. තාම එක පාරක්වත් හැපිල නෑ. එක පාරක් වැටිල තියෙනව.
මම කවදාවත් වමෙන් ඉස්සර කරල නෑ. සයිඩ් මිරර්, සිග්නල් හරියටම පාවිච්චි කරනව. කාර් එක ගන්න කලින් එක දිගට දුර පැදල තියෙනව.
දැන්නං දුර යන්නෙ නෑ. වැඩට යන්න විතරයි පාවිච්චි කරන්නෙ.
හැබැයි අවු 10කට කලින් තිබුණ තත්වෙ නෙමෙයි දැන් පාරවල් වල තියෙන්නෙ. 15,16 හැකරැල්ලො වගේ කොල්ලො ස්කූටර් තොරං වල නැගල පාරවල් පුරා භීෂනය පතුරනව.
80ට විතර යන ගමන් ඇගෙ ගෑවෙන නොගෑවෙන ගානට වමෙන් ඔවර්ටේක් කරනව දැන් ඉන්න බයික් කොල්ලො. බස් 2ක් මාරු වෙන වෙලාවට මැද්දෙන් ඔබනව. ලොරි කන්ටේනර් ඔවර්ටේක් කරනව වමෙන්.
තව වාහනයක් ඔවර්ටේක් කරන වාහනෙත් ඔවර්ටේක් කරල ක්සනිකව වමට කපනව.
ඇග හිරි වැටෙනව බන්. ස්කිල් ද මෝඩකමද දන්නෙ නෑ ඉතින්.
වෙලාවට අපි පරන තාලෙ ඩ්‍රයිවර්ල උනෙ