Biodiversity of SriLanka - මානතුඩු මහ පිලිහුඩුවා/Stork-billed Kingfisher(Pelargopsis capensis)

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඔබගේ ‍දැන ගැනීම පිනිස සහ සංරක්ෂණය සඳහා දැනුවත් වෙමු.

    ස්‍රී ලන්කාව තුල පිලිහුඩු වර්ග කිහිපයක් වාසය කරනවා.

    ගෝමේර කලපු පිලිහුඩුවා / Pied Kingfisher

    පොදු මල් පිලිහුඩුවා/ Common Kingfisher
    https://elakiri.com/threads/biodive...er-eurasian-kingfisher-alcedo-atthis.2147145/

    නීල කන් පිලිහුඩුවා / Ceylon Blue-eared Kingfisher - (very rare migrant)

    ලය සුදු පිලිහුඩුවා / White-breasted Kingfisher
    https://elakiri.com/threads/biodive...easted-kingfisher-halcyon-smyrnensis.2140632/

    හිස කලු දම් පිලිහුඩුවා / Black-capped Purple Kingfisher - (very rare migrant)

    මානතුඩු මහ පිලිහුඩුවා Stork-billed Kingfisher

    රන් පිලිහුඩුවා / Three-toed Kingfisher



















    මෙරට හමුවන පිළිහුඩු විශේෂ අතරින් ශරීර ප්‍රමාණයෙන් විශාලම පිළිහුඩුවා වන මානතුඩු මහ පිලිහුඩුවා මෙරට තුල අභිජනනය කරන තරමක් දුර්ලභ පක්ෂියෙකි.
    පහතරට තැනිතලා ප්‍රදේශ වල සිට කඳුකරයේ පහල මට්ටම දක්වා ගංගා, ඇල දොළ, වැව්, වගුරු බිම්, කුඹුරු, කලපු ආදී ජල මූලාශ්‍ර ආශ්‍රිතව ගස් කොළන් සහිත පරිසර වල හමුවේ.

    වියලි කලාපයේ වඩා සුලභ වන අතර තනිව හෝ ජෝඩු වශයෙන් මාළුන්, ගෙම්බන්, කකුළුවන් වැනි කුඩා සතුන් ගොදුරු කරගනිමින් ජීවත් වේ.
    ජනවාරි සිට මැයි දක්වා සහ ඇතැම්විට නැවතත් අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා මාස වල ගං ඉවුරක හෝ වැව් බැම්මක ගුලක් හාරා බිත්තර දෙකේ සිට පහ දක්වා ප්‍රමාණයක් දමා අභිජනනය කරයි.


    උන්දැට තාම නන් ලොකු තර්ජනයක් නැ

    Conservation status එක - Least-concern


    ශ්‍රී ලංකාවට ආවේණික ශාක සහ සතුන් විකිණීම වන සත්ව සහ තුරුලතා සංරක්ෂණ ආඥාපනත යටතේ දඩුවම් ලැබිය හැකි බරපතල වරදක් වන බැවින් "ආවේණික" සතුන් විකිණීම හෝ ප්‍රවාහනය කරනවා දුටුවහොත් ලඟම ඇති පොලිස් ස්තානනයට හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලඟම කාර්යාලය ට දැනුම් දෙන්න.

    Info -


    https://en.wikipedia.org/wiki/Stork-billed_kingfisher
    https://amazinglanka.com/wp/kingfis...tork-billed Kingfisher, a,The sexes are alike.
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    tfs

    egyptian vulture me ekek dakka , muwa lankawedi dakinna aduma ekek lu afaik . athe mukuth thibune naha .
    camera athe thibbe naha :( . bentara

    1800
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,066
    1
    61,229
    113
    Mother Earth
    අඩේ මම මේ පිළිහුදු වර්ගේ දැකලම නෑ. මම දැකල තියෙන්නෙ තනි නිල් පාට බෙල්ල දුබුරු පාට බඩ සුදු උන්ව විතරයි. උබද පොටෝ ගත්තේ? සුපිරියි
     
    • Like
    • Love
    Reactions: NRTG and Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අඩේ මම මේ පිළිහුදු වර්ගේ දැකලම නෑ. මම දැකල තියෙන්නෙ තනි නිල් පාට බෙල්ල දුබුරු පාට බඩ සුදු උන්ව විතරයි. උබද පොටෝ ගත්තේ? සුපිරියි

    ටිකක් දකින්න අමාරුයි

    උබ කියන්නෙ මූ
    මූ හෙන කොමන්
    https://elakiri.com/threads/biodive...easted-kingfisher-halcyon-smyrnensis.2140632/
     
    • Like
    Reactions: NRTG

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,044
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    අපේ පැත්ත ඔය වයිවාරණ පාට පාට කුරුල්ලො නෑ නේ.ඉන්න තරමක් ඉන්නේ කාක්කොයි කොක්කුයි
     
    • Wow
    Reactions: NRTG