bitcoin සහ altcoin හා සබැඳුනු ඉතිහාසය කෙටියෙන්..

nirmanapro

Junior member
  • Jan 22, 2009
    109
    13
    18
    Eurasia
    bitcoin සහ altcoin හා සබැඳුනු ඉතිහාසය කෙටියෙන්..

    පසුගිය සතියේ ඩොලර් 17000 දක්වා ඉහල නැගි bitcoin ලොව පුරා ප්‍රධාන පෙලේ පුවත් ශීර්ෂ පාඨ අතරට එක් උනා.

    තවමත් අළුත් ලෙස සැලකුනද bitcoin පැවත එන්නේ වසර 2009 පටන්. bitcoin සතු තාක්ෂණය ඊටත් වඩා පරණයි. එය ප්‍රථම වරට ප්‍රසිද්ධ වූ කාලය තුල ඩොලර් 1000ක් ඊට යෙදවූ අයෙක් වේ නම් ඔහු අද වන විට ඩොලර් මිලියන 40කට වැඩි වත්කමක් හිමි වාසනාවන්තයෙක්.

    1998 – 2009 ( පූර්ව bitcoin වර්ෂයන් )
    ප්‍රථම වරට ස්ථාපනය කරන ලද ක්‍රිප්ටෝ මුදල bitcoin වුවද, සංකේතන ක්‍රම මගින් ආරක්ෂා වූ ලේජර සමග බිහිකිරීමට ප්‍රයත්න ගත් අන්තර්ජාල මුදල් ඊට පෙරද පැවත ඇත. B-Money සහ Bit Gold එවන් ප්‍රධාන පෙලේ සංකල්ප දෙකකි. ඒවා සංකල්ප ලෙසම පැවති ඇති අතර කිසි දිනෙක සංවර්ධනය වී නොමැත.

    the-evolution-of-emoney-deepsec-7-638.jpg


    2008 ( අභිරහස් නකමොටෝ යුගය )
    සමානුගතික ඉලක්ට්‍රොනික් මුදල් පද්ධතියක් (A Peer to Peer Electronic Cash System) පිලිබඳ ලියවුණු bitcoin නම් පත්‍රිකාවක් ගුප්ත ලේඛන පිළිබඳ ලිපි සාකච්ඡාවකට (mailing list discussion on cryptography) 2008 වසරේදී එක් වෙනවා. එය පලවී තිබෙන්නේ සටෝෂි නකමොටෝ (Satoshi Nakamoto) නමින් හැදින්වූ ගිණුමකින්. එම අනන්‍යතාවය තහවුරු කිරීමට කිසිවෙක් අදටත් සොයාගෙන නැති අතර මෙම නකමොටෝ නමින් හැඳින්වෙන පුද්ගලයා කවුරුන්ද යන්න අදටත් අභිරහසක්.

    super202.png


    2009 ( bitcoin හි ආරම්භය )
    bitcoin මෘදුකාංගය ලොව ප්‍රථම වරට මහජනයා අතට පත් වන්නේ මෙම වසරේදීයි. නව bitcoin බිහිකිරීමේ ක්‍රියාවලියත්,
    blockchain එක තුල ගණුදෙනු වාර්තා කිරීමේ හා තහවුරු කිරීමේ ක්‍රියාවලියත් හැඳින්වෙන්නේ mining යන නමින්. මෙම mining ක්‍රියාවලිය ප්‍රථම වරට ඇරඹෙන්නේත් 2009 වසරේදීයි.

    btcminer.png


    2010 ( bitcoin සඳහා අගයක් ලැබීම )
    මේ වනතෙක් mining පමණක් සිදුවෙමින් තිබී ප්‍රථම වරට වෙළදාමට එක් වන පෙර නොවූ විරු මෙම නව ඒකකයට මුදල් වටිනාකමක් ලබාදීම ඉතාම අසීරු කර්තව්‍යයක් වූවා නොඅනුමානයි. එය සිදුවන්නේ bitcoin හිමි අයෙක් අහම්බයෙන් මෙන් තමා සතු bitcoin 10,000ක් පීසා 2ක් මිලදී ගැනීමට යෙදවීමත් සමගයි. ඒ සමගම bitcoin හිමිකරුවන් තමන් සතු bitcoin සඳහා යම් වටිනාකමක් එක් කරගැනීම ආරම්භ වෙනවා.

    BitcoinPizzaDay.png


    2011 ( bitcoin ප්‍රතිවාදීන්ගේ ආගමනය )
    bitcoin ජනප්‍රියත්වය වර්ධනය වීම ඔස්සේ, විමධ්‍යගත හා සංකේතනය කළ මුදල් වල සංකල්පය අල්ලා ගනිමින් ප්‍රථම විකල්ප ක්‍රිප්ටෝ මුදල් ඒකකයන් කරලියට එනවා. altcoin නමින් හැඳින්වෙන මෙම විකල්පයන් cryptography මුලාරම්භය සතු ගුණාංග වැඩිදියුණු කරන්නේ වඩාත් වේගවත්, වඩාත් නිර්නාමික හා අනෙකුත් වාසි රැසක් ඊට එක් කරමින්. මෙලෙස පළමුව බිහිවන විකල්පයන් ලෙස හැඳින්වෙන්නේ namecoin සහ litecoin නම් විකල්පයන්. වත්මන වන විට දහසකට අධික එකිනෙකට වෙනස් ගුණාංග වලින් යුත් altcoin සංසරණය වෙමින් පවතිනවා.

    Alternatives+Litecoin+(LTC)+PPCoin+(PPC)+NameCoin+(NMC).jpg


    2013 ( bitcoin මිල බිඳ වැටීම )
    එක් bitcoin එකක අගය ඩොලර් දහස දක්වා වැඩි වෙනවාත් සමග මිල ඉතා වේගයෙන් පහල වැටීමට පටන් ගනියි. එම අවස්ථාවේ මුදල් ආයෝජනය කල මහත් පිරිසකට පාඩු විඳීමට සිදු වන්නේ මිල ඩොලර් 300 වැනි අගයකට නැවත පහත වැටීමත් සමගයි. එම අගය නැවත ඩොලර් දහස කරා යාමට එතැන් පටන් වසර 2ක් ගත වීමත් විශේෂත්වයක්.

    screen%20shot%202015-01-14%20at%2009.22.20.png


    2014 ( වංචා සහ සොරකම් )
    හුදු අනන්‍යතාවයකින් හා පාලනයකින් තොරව නිර්මාණය වූ මෙම මුදල් කෙරෙහි අපරාධකරුවන් ආකර්ෂණය වීම පුදුමයට කරුණක් නොවේ. ඔවුන්ට එය ඉතා පහසු සහ ලාභදායී ඉලක්කයක් වූවා නොඅනුමානයි. 2014 ජනවාරි මස වන විට ලොව විශාලතම bitcoin හුවමාරු වෙළඳපොළ නමින් විරුදාවලිය ලත් Mt.Gox වැසී යන්නේ ලොවට ඒ බව පසක් කරමින්. 850,000ක bitcoin හිමිකරුවන්ට තම වත්කම් අහිමි වී යන්නේ එක රැයකින්. සිදු වුයේ කුමක්ද යන්න පිලිබඳ විමර්ශන අදටත් සිදුකෙරෙමින් පවතින අතර එය කුමක් වූවත් කවුරුන් හෝ වංචනික ලෙස එම මුදල් සොරාගත් බව ලොවම පිලිගන්නවා. එවකට ඩොලර් මිලියන 450ක් වැනි වටිනාකමක් සතු වූ එම සොරකමෙහි අද අගය ඩොලර් බිලියන 5.2ක් පමණ වෙනවා.

    goxxed.png


    2016 ( Ethereum සහ අනෙකුත් ICO )
    මෙම වසරේදී bitcoin හා කරට කර ඒමට එක්තරා ක්‍රිප්ටෝ මුදලක් සමත් වෙනවා. ඒ ethereum නමින් හැඳින්වෙන මෙය වටා ඉතා විශාල උධ්‍යෝගයක් වර්ධනය වීමත් සමගයි. මෙම platform එක Ether නමින් හැඳින්වෙන ක්‍රිප්ටෝ මුදල් ඒකකය භාවිත කරන අතර එමගින් blockchain එක මත පදනම් වූ smart contracts සහ apps සඳහා පහසුකම් සැපයෙනවා. Ethereum ආගමනයත් සමග Initial Coin Offerings (ICOs)හි මතු වීම සලකුණු වන්නේත් 2016 වසරේදීමයි. ICO නමින් හැඳින්වෙන්නේ ආරම්භක ව්‍යාපාර (startup ventures) සඳහා තම කොටස් (stocks or shares) ආයෝජකයින් වෙත ඉදිරිපත් කරමින් ක්‍රිප්ටෝ මුදල් හරහාම අරමුදල් රැස් කරගැනීමට ඉඩ ලබාදෙන වේදිකාවන් වේ. ආයෝජකයින්ට මෙය ආයෝජනයට මෙන්ම වෙළදාමටත් යොදාගත හැකි වීම විශේෂත්වයක්. කෙසේ නමුත් ඇමෙරිකාවේ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) ඒ සඳහා නිසි අධීක්ෂණයක් නොමැතිකම යන හේතුව මත ආයෝජකයින්ට අනතුරු අඟවන්නේ ICO නමින් හැඳින්වෙන්නේ නීත්‍යානුකූල ආයෝජනයන් ලෙස වෙස්වලා ගෙන පැමිණෙන වංචනික ව්‍යාපෘතීන් විය හැකි යැයි පවසමින්.

    ethereum.jpg


    2017 ( bitcoin ඩොලර් 15,000 පසු කරමින් වර්ධනය වේ )
    bitcoin ගෙවීම් මාධ්‍යයක් ලෙස පිළිගන්නා ආයතනවල ක්‍රමික වර්ධනයත් සමග bitcoin සඳහා ලැබෙන ජනප්‍රියත්වය අඛණ්ඩව වර්ධනය වෙනවා. ක්‍රමානුකුලව වැඩි වැඩියෙන් bitcoin භාවිතයත් සමග bitcoin සහ ක්‍රිප්ටෝ මුදල් යන පද්ධතිය තුලට වැඩි වැඩියෙන් මුදල් ගලා එන බව පැහැදිලිවම දක්නට ලැබෙනවා. මෙම කාල පරිචය තුළ bitcoin සහ අනෙකුත් සියලුම altcoins සිය වෙළඳ වර්ණක සීමාව (market cap) ඩොලර් බිලියන 11 සිට එහි වර්තමාන උස වන ඩොලර් බිලියන 300 දක්වා ඉහල නගිනවා. Barclays, Citi Bank, Deutsche Bank සහ BNP Paribas ඇතුළු බැංකු රැසක් තමන්ට ඉදිරියේදී bitcoin සමග වැඩ කිරීමට හැකි ආකාරය පිළිබඳව පරීක්ෂණ පවත්වන බව ප්‍රකාශ ප්‍රසිද්ධියේ ඉදිරිපත් කරන්නේ මේ අතරතුරේදීයි. මේ සමගම bitcoin සතු තාක්‍ෂණය වන blockchain නොබෝ දා පටන් ගත් fintech තාක්‍ෂණය තුල විප්ලවයක් ඇවිලීමට සමත් වෙනවා.

    bitcoin-mobile-phone-1440x564_c.jpg


    bitcoin හා ක්‍රිප්ටෝ මුදල් පිලිබඳ ඔබේ මතය කුමක් වුවත්, උගතුන් යැයි තමන්ටම කියාගන්නා පිරිස කුමක් පැවසුවත්, bitcoin යනු තවත් ඉතා දීර්ඝ කාලයක් පවතින දෙයක් වනු නොඅනුමානයි. bitcoin හි මුල් ව්‍යවසායකයින් පවසන අන්දමින් එහි සාර්ථකත්වය නියමයක් වේද? එය ආණ්ඩු පාලනයන් තුලින් මධ්‍යගත කෙරෙන රාජ්‍ය මුදල් ප්‍රතිස්ථාපනය කරයිද? 2018 වසරේදී අපට ඒ පිලිබඳ ඉඟි සොයාගත හැකි වනු ඇත. එහෙත් නිශ්චිත පිළිතුරු සඳහා අපට තව කාලයක් බලා හිඳීමට සිදු වේවි.

    උපුටා ගැනීම forbes සඟරාවෙන්