දැන් එන්න එනන මින්නුස්න්ට එක දෙයක වැඩි වෙලා කරන්න කියවන්න බැරි වේගෙන එන්නේදැන් බ්ලොග් කියවන කට්ටිය අඩුයි නේද. ගොඩදෙනෙක් ෆේස්බුක් ආභාෂයක්ද මන්දා වාක්ය තුන හතරක් එහාට කියවන්නෑ. ඉතින් ඒ කාලෙ වගේ බ්ලොග් වලට තැනක් නැහැ.
මමද ඇතුලු බොහො පිරිසක් ඒ කාලෙ ට්රැවල් බ්ලොග් ලිව්වා. දැන්නම් ඒ එකක්වත් නැහැ. මමත් හිතන්නෙ බ්ලොග්වල ස්වර්ණමය යුගය අවසන්.
ඔව් ඒක ඇත්ත.දැන් එන්න එනන මින්නුස්න්ට එක දෙයක වැඩි වෙලා කරන්න කියවන්න බැරි වේගෙන එන්නේ
facbook එම නිසා.. උනුත් කරන්නේ තව stories වගේ features add කර කර ඒක ෆෝරම් කරන එක...
විනාඩියක් එකක බලල තව අලුත් එකකට යන්නයි දැන් ඕනි හැමෝටම

වැඩ වැඩිවිමත් සමග තමා හැමදෙයක්ම ටිකෙන් ටික නැවතිලා තියෙන්නේ. ඒ නිසා තමා ගොඩක් අය දැන් විඩියෝ වලටත් හැරෙන්නේ. ඉක්මනට තියන දෙයක් බලලා යන්න හදන්නේ.ඉස්සර සැහෙන වටින බ්ලොග් තිබුනා,2007-2014 වගේ කාල වල හිටපු කැම්පස් සෙට් තමයි ගොඩක් බ්ලොග් කලේ....2014 පස්සෙ බ්ලොග් කලාව අඩු උනා...
blogspot.com, wordpress.com තියන ඒවා එක්ස්පයර් වෙන්නේ නෑ. වෙන ඩොමේන් අරන් තියනවනම් එක්ස්පයර් වෙනවා නේද. ගෙවන්න ඔනේනේ එවට.පරණ blog තාම ලයිව් තියද් බන් domin, hosting expire වෙනවා වගේ blog වල එහෙම සින් එකක් නැද්ද
Lakdasun tham thiyenawa.කට්ටිය දාල තියන බ්ලොග් ටික දැක්කම හිත අතීතෙට ඇදිලා ගියා. ඒ කලේ තිබුනේ ADSL අන්ලිමිටඩ් තිබ්බේ 512kbps ආපු කනෙක්ෂන් එකක්. BTjunkie හරි EZTV එකට හරි ගිහින් අලුතෙන් අපු ටීවි සීරීස් සහ ෆිල්ම් ඩවුන්ලෝඩ් වෙන්න දාල ඕව කියවන එක තමා කලේ. වෙනම ජිවිතයක් තිබ්බ බ්ලොග් අස්සේ. ඔය කාලෙම ලස්සන ෆෝරම් එකක් තිබ්බ ලක්දසුන් කියල. ඒක ෆෝරම් එකක් වුනාට මෙම්බර්ස්ලා බ්ලොග්වල වගේ තමන්ගේ චාරිකා සටහන් දානවා. බ්ලොග් යට යෑමට සමාන්තරව ඒ සයිට් එකත් යට ගියාද මන්දා...
ලාංකීය සිතුවිලි සින්ඩියට මොකද වුනේ? අලුත් වැඩකරන සින්ඩියක් තියද?