Blood ivory -දළ, ඇට, ලේ, මස්‌ දන්දුන් දැවැන්තයිනි

sudokuu

Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    Blood ivory -දළ, ඇට, ලේ, මස්‌ දන්දුන් දැවැන්තයිනි

    දළ, ඇට, ලේ, මස්‌ දන්දුන්
    දැවැන්තයිනි
    ඔබ වෙනුවෙන්
    සදාචාරාත්මක තීන්දුව
    ලැබෙන දිනය අදයි

    ගාලුමුවදොර පිටියේදී ඇත් දළ තොගයේ වටිනාකම ශූන්‍ය කරයි

    soba1.jpg
    අද (26 දා) ශ්‍රී ලංකාවේ වනජීවී සංරක්‍ෂණ ඉතිහාසයට නව පිටුවක්‌ පෙරළෙන දවසකි. එය ලෝක සත්ව සංරක්‍ෂණයේම අලුත් පරිච්ඡේදයක්‌ ලියෑවෙන දිනයක්‌ ලෙසද හැඳින්විය හැකිය. ඒ වඳවී යාමේ තර්ජනයට ලක්‌ව ඇති වන සතුන් තවදුරටත් මිහිමතින් තුරන් නොකරන්නැයි ශ්‍රී ලංකාවේ අප ලෝකයාටම ඇසෙන්නට හඬ ගා කියන දිනයක්‌ බවට අද දිනය පත්ව ඇති නිසාය.

    ශ්‍රී ලංකා රේගුව මගින් මීට වසර තුනකුත් මාස අටයි දින 14 කට පෙර දී ශ්‍රී ලංකා වරායේදී (කොළඹ) අත්අඩංගුවට ගෙන (අනාරක්‍ෂිතව) ගබඩා කර තිබූ අප්‍රිකානු ඇතුන්ගේ ටොන් එකහමාරක ඇත්දළ තොගයක්‌ (Blood Ivory) ප්‍රසිද්ධියේ ගාලුමුවදොර පිsටියේදී තලා පොඩි පට්‌ටම් කර විටිනාකම ශූන්‍ය කරන දිනය ලෙස අද දිනය ඉතිහාසයට එක්‌වීම මේ විශේෂත්වයයි.

    soba2.jpg
    අද (26 දා) පෙරවරුවේ සර්වාගමික වතාවත් මැද, අකාලයේ මියගිය අප්‍රිකානු ඇතුන්ට පිං අනුමෝදම් කරමින් උන්ගේ දළ 359 ක්‌ මෙසේ තලා දමනුයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් හා වඳවී යැමේ තර්ජනයට ලක්‌ව ඇති ශාක සහ සත්ත්වයන්ගේ අන්තර් ජාතික වෙළෙ¹ම පිළිබඳ සම්මුතියේ CITES - (Convention on International Trade in Endangered Specics of Wild Fauna and Flora f,alï Jhon Scanlon මහතාගේද සහභාගිත්වයෙනි.

    දෙස්‌ විදෙස්‌ පරිසරවේදීන් (පාරිසරික) මාධ්‍යවේදීන් වනජීවී අමාත්‍ය ජයවික්‍රම පෙරේරා මහතා සහ එම දෙපාර්තමේන්තු කාර්ය මණ්‌ඩලය මෙන්ම විශේෂයෙන්ම ලෝක රේගු දිනය යෙදෙන අද ශ්‍රී ලංකා රේගු කාර්ය මණ්‌ඩලයේ සාමාජිකයන්ද සහභාගිත්වයෙන් මෙසේ මෙම ඇත් දළ තොගය තලා වටිනාකම ශූන්‍ය කිරීම සිදු කෙරේ.

    ශ්‍රී ලංකාවේ ජෛවවිවිධත්ව හා වන සත්ත්ව සංරක්‍ෂණය සඳහා අතිශය කීර්තියක්‌ අත්කර දෙන මෙම අවස්‌ථාව හේතුවෙන් අනාගතයේදී ශ්‍රී ලංකාවේ වන සත්ත්ව සංරක්‍ෂණ කටයුතු සඳහාද සුබ කලදසාවක්‌ උදාවනු ඇතැයි පරිසරවේදීහු කියා සිටිති.

    කෙන්යාවේ සිට ඩුබායි දක්‌වා කන්ටේනරයක බහා ප්‍රවාහනය කරමින් තිබූ මෙම අප්‍රිකානු ඇතුන්ගේ දළ තොගය ශ්‍රී ලංකා රේගුව මඟින් අත්අඩංගුවට ගනු ලබන්නේ ප්‍රතිනැව්ගත කිරීම සඳහා කොළඹ වරායේ ගබඩා කර තිබියදීය. ඒ 2012 වසරේ මැයි 12 වැනිදාය. ශ්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව සංරක්‍ෂණ හා ජාතික උරුමයන් සුරැකීමේ අංශයේ එවක ප්‍රධානියා ලෙස කටයුතු කළ (දැන් විශ්‍රාමික) සහකාර රේගු අධ්‍යක්‍ෂ සමන්ත ගුණසේකර මහතා ප්‍රමුඛ වැටලීම් අංශය මඟින් මෙම සැක සහිත කන්ටේනරය විවෘත කර බැලීමේදී ඒ තුළ අප්‍රිකානු ඇතුන්ගේ දළ 359 ක්‌ සොයා ගන්නා ලද අතර, පසුව එහි වටිනාකම තක්‌සේරු කිරීමේදී කිලෝ ග්‍රෑම් 1500 ක්‌ වූ මෙම දළ තොගයේ මිල නියම කෙරුණේ රුපියල් මිලියන 370 ක්‌ ලෙසිනි.

    රේගුව මඟින් මෙම ඇත්දළ තොගය අත්අඩංගුවට ගැනීමේදී නීති ප්‍රතිපාදන ලෙස භාවිතයට ගැනුනේ වඳවී යැමේ තර්ජනයට ලක්‌ වූ ශාක හා සතුන්ගේ අන්තර්ජාතික වෙළෙ¹ම සම්බන්ධයෙන් රටවල් අතර අත්සන් කර බලාත්මක කර ඇති "සයීටීස්‌" සම්මුතියයි. ශ්‍රී ලංකාව මෙම සම්මුතියට අත්සන් කර ඇති රටක්‌ වන අතර, ජාත්‍යන්තර ජෛව විවිධත්ව හා පරිසර සම්මුති රැසකට එකඟ වී ඇති රටක්‌ වනවා සේම, ජාතික වශයෙන්ද වන සතුන් හා වනජ ද්‍රව්‍ය (ශාක) ආරක්‍ෂා කිරීම සඳහා ආඥපනත් බලාත්මක කර ක්‍රියාත්මක කරන ජාත්‍යන්තර කීර්තියට පත් රාජ්‍යයකි. එසේ හෙයින් මෙම හොර ඇත්දළ ජාවාරම අනාවරණය කර ගැනීම එදා, 2012 වසරේ මැයි 12 වැනිදා බී.බී.සී, සී.එන්.එන්. වැනි ජාත්‍යන්තර මාධ්‍ය පවා පැසසීමෙන් වාර්තා කළහ.

    එනමුත් මෙසේ අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකා රජයේ භාරයට ගත් මෙම හොර ඇත්දළ තොගය නොහොත් අප්‍රිකානු "ඇතුන් මරා ලබා ගත් දළ" (Blood Ivory) සඳහා මීළඟට කළ යුත්තේ කුමක්‌ද යන්න ගැන ශ්‍රී ලංකා රජය තීන්දුවකට නොපැමිණි නමුත් ජාත්‍යන්තර ප්‍රවෘත්ති සේවා මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවද බලා සිටියේ ඊට කුමක්‌ කරන්නේද යන්න ගැනය.

    සැබැවින්ම කළ යුත්තේ නම් මෙම ඇත්දළ තොගය මිල නොකර ගිනිතබා හෝ වෙනත් අයුරකින් (තලා දමා හෝ) විනාශ කර දැමීමය. මන්ද ඊට මිලක්‌ නියම කරන්නේ නම් එය ඇත්දළ ජාවාරම්කරුවන්ගේ අපේක්‍ෂාවන්ම ඉටුකිරීමක්‌ වන නිසාය.

    එහෙයින් මෙවන් වන සත්ත්ව කොටස්‌ අත්අඩංගුවට ගත් විට විනාශ කිරීම සාමාන්‍ය සම්ප්‍රදායයි. එය හරියට දඩමස්‌, කංසා වැනි නීති විරෝධී දැ අත්අඩංගුවට ගත් විට විනාශ කර දැමීමට නියෝග කරන අධිකරණ ක්‍රියාදාමයට සමාන වූවකි.

    පිලිපීනය වරක්‌ මෙවැනිම දළ තොගයක්‌ අත්අඩංගුවට ගෙන ප්‍රසිද්ධියේ ගිනි තබා විනාශ කර දැමුවේය. ඉන් පිලිපීනයටත් එහි සත්ත්ව සංරක්‍ෂණ ක්‍රියාදාමයට හා නීතියට දක්‌වන ගරුත්වයට අති විශාල කීර්තියක්‌ හිමිවිය.

    එහෙත් පිලිපීනයේ එහෙම වුණත් ලංකාවේ එහෙම වුණේ නැත. ශ්‍රී ලාංකික දේශපාලන අධිකාරිය 2012 වසරේ පටන් මෙම ඇත්දළ තොගයට මිලක්‌ (වටිනාකමක්‌) සොයමින් සිටියේය. මහින්ද රාජපක්‍ෂ රජයේදී මෙම දළ තොගය එක්‌තරා සමීපතම ආරක්‍ෂක ආයතනයකට ලබා දෙන ලෙස පවසමින් ජනාධිපති කාර්යාලයේ ලිපි ශීර්ෂයකින් රේගු ප්‍රධානියා වෙත ලිපියක්‌ද නිකුත් කෙරිණි. ජාත්‍යන්තර මාධ්‍යයට හෙළි වූ මෙම ලිපියෙන් රජයට, රටට ඇති වුණේම කළු පැල්ලමක්‌ පමණි. වත්මන් මෛත්‍රීපාල රජය බලයට පත්වන්නේ එවන් පසුබිමක්‌ තුළය.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම ඇත්දළ තොගය වෙන්දේසියේ විකුණා ලැබෙන ආදායම වකුගඩු අරමුදලට යොදා ගැනීමේ යෝජනාවක්‌ ගෙන ආවේය. එහෙත් එහිදීද යළිත් මෙම දළ සඳහා මිල නියම කිරීම මත අපකීර්තිමත් සංසිද්ධියක්‌ මතුව ආවේය. පරිසරවේදීහු දිගින් දිගටම කියා සිටියේ මෙසේ ඇතුන් මරා ලබාගත් ලේ තැවරුණු දළ (ඊකදදා ෂඩදරහ) විනාශ කිරීම හැර ශ්‍රී ලංකාවට කීර්තියක්‌ අත්වන වෙනත් ක්‍රියාදාමයක්‌ නැතය යන ප්‍රකාශයයි. එසේ වන්නේ නම් යම් දිනෙක ශ්‍රී ලංකාවේ වන සතුන් සංරක්‍ෂණය සඳහා අප නොසිතන ආර්ථික ප්‍රතිලාභ මේ ඔස්‌සේ ලැබිය හැකි බවද පරිසරවේදීහු පෙන්වා දුන්හ. ඒ අනුව ඉකුත් ඔක්‌තෝබර් මස හතර වැනිදාට (4) යෙදුණු ලෝක සත්ත්ව දිනයේදී මෙම දළ තොගය ප්‍රසිද්ධියේ විනාශ කිරීම සඳහා පරිසරවේදීහු රජයට බලකළහ. මාධ්‍යවේදීහු ඒ ගැන ලියා තැබූහ. එහෙත් එදින අප දන්නා පරිදි ජනාධිපතිවරයාට ඊට දින යොදාගත නොහැකිව තිබිණි. එසේ හෙයින් හෝ මොනයම් හෝ හේතුවක්‌ නිසා යළිත් මෙම ඇත්දළ පිළිබඳ මතකය බලධාරීන්ගෙන් ගිලිහී යමින් පැවතිණ. එහෙත්, පරිසරවේදීන්ගේ උත්සාහය බිඳ වැටුණේ නැත. ඔවුන්ගේ උත්සාහයේ ප්‍රතිඵල ලෙස දැන් රජය මඟින් මෙම ඇත්දළවල අවසන් තීන්දුව ප්‍රකාශයට පත්කර තිබේ. එනම් ගාලුමුවදොර පිටියට ගෙනවිත් ප්‍රසිද්ධියේ විනාශ කිරීම සඳහාය. තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා කියන පරිදි 2016 ජනවාරි මස 26 වැනිදාට යෙදෙන ලෝක රේගු දිනයේදී මෙම දළ තොගය ප්‍රසිද්ධියේ විනාශ කරනු ලැබේ. ඒ දෙස්‌ විදෙස්‌ පරිසරවේදීන් හා ජනමාධ්‍ය ඉදිරියේදීය. එසේම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ද සහභාගිත්වයෙනි.

    දළ තොගය විනාශ කෙරෙන්නේ ගිනි තැබීමෙන් නොවේ. මන්ද එය දේශගුණික විපර්යාස ඇතිකිරීමේ හරිතාගාර වායු විමෝචනයක්‌ වන නිසාය. කිලෝ ග්‍රෑම් 1500 ක්‌ බර දළ 359 බිම අතුරා තලා කුඩුකර වටිනාකම ශූන්‍ය කරන බව විෂය භාර ඇමැතිවරයා කියයි. එසේ පමණක්‌ නොවේ. ශ්‍රී ලංකාව යනු ඉහළ ආගමික හා සංස්‌කෘතියක්‌ ඇති රටක්‌ බැවින් මෙසේ විනාශ කරන ඇත්දළවල හිමිකාර ඇතුන් මෙහිදී සිහිකර බෞද්ධ, හින්දු, ඉස්‌ලාම්, කතෝලික ආගමික වතාවත් ඉටුකර පින් අනුමෝදන් කර දළ තලා විනාශ කරන බවද එය ලෝක ඉතිහාසයේ රන් අකුරින් ලියවිය යුතු සංසිද්ධියක්‌ බවද ඇමැතිවරයා කියයි. අපිද ඊට පිං අනුමෝදන් කිරීමට කැමැත්තෙමු. මනු සතාගේ සුඛ විහරණය උදෙසා මේ ඇත් ඇතින්නන් තම ලෙයින් නැහැවුණු සිරුරු මිහිතල මාතාව වෙනුවෙන් පුදකර ඇති නිසාය. එසේම මෙම දළ සඳහා ආර්ථික වටිනාකමක්‌ ලබා නොදී අවසන් ගෞරව දක්‌වන නිසාය. මෙය අප 2012 වසරේ සිට බලාපොරොත්තු වූ සදාචාරාත්මක තීන්දුවක්‌ද වන නිසාය. ඒ සදාචාරාත්මක තීන්දුව ලබාදෙන දිනය අදට (26) යෙදී තිබේ.

    මෙවන් මොහොතක මෙම කාර්යය ඉටුවන තෙක්‌ වසර තුනක්‌ පුරාවට අපමණ වෙහෙසකින් කටයුතු කළ පරිසරවේදීන් දෙපළක්‌ද සිහිපත් කිරීම වටී. ඒ ශ්‍රී ලංකා රේගු ජෛව විවිධත්ව අංශයේ නිර්මාතෘ හා හිටපු සහකාර රේගු අධ්‍යක්‍ෂ සමන්ත ගුණසේකර සහ විද්‍යා අබේගුණවර්ධන මහත්වරුන්ය.

    ජගත් කණහැරආරච්චි divaina


    inner_r6_c1.gif
     

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    One Country Will Destroy Its Ivory—and Pray for Elephants

    Sri Lanka also becomes the world’s first country to apologize for complicity in the illegal killing of elephants.

    01-ivory-sri-lanka.jpg



    Sri Lanka will crush and burn its ivory stockpile, which comprises 359 elephant tusks. It will become the 16th country to destroy ivory

    During the past several years, I've watched country after country destroy their stockpiles of confiscated elephant ivory, preventing that ivory from somehow slipping back into the black market and symbolically demonstrating commitment to stopping the illegal trade.

    But to my mind, something that’s always been missing is an apology: No country has ever formally said sorry for its complicity in the trade. Tomorrow Sri Lanka will hold a religious ceremony to do just that.

    “We have to apologize,” said the Venerable Omalpe Sobitha Thero, the Buddhist priest who will lead the service. “Those elephants were victimized by the cruelty of certain people. But all of human society is responsible. We destroyed those innocent lives to take those tusks. We have to ask for pardon from them.”

    Sri Lanka’s destruction of its ivory—the first by a country in South Asia—brings to 16 the total so far. (For the other countries, see the chart below.) The ivory will be crushed at an iconic oceanside park in the heart of Colombo, Sri Lanka’s capital, then burned in a city incinerator.

    The ivory—the country’s entire stockpile—came from a single shipment of 359 tusks, weighing 1.5 tons, seized by customs authorities at the Port of Colombo in May 2012. The shipment was in transit from Kenya to Dubai. DNA testing later showed that the tusks came from Tanzania.

    Sri Lanka’s president, Maithripala Sirisena, who took office in January 2015, will attend the event. His government’s action represents an about-face from the previous regime, which in 2013 had tried to donate the ivory to the Sri Dalada Maligawa Buddhist Temple.




    That plan was announced shortly after a National Geographic story, “Ivory Worship,” revealed that the global religious market fuels elephant poaching, and it prompted a public outcry. Critics feared that the ivory would re-enter the black market.

    They also argued that by giving the ivory to a third party, Sri Lanka would flout the Convention on International Trade in Endangered Species of Wild Fauna and Flora (CITES), the body that regulates the global wildlife trade.

    “We can show the world that we are also in the CITES family,” Samantha Gunesekera, former deputy director of Sri Lanka Customs, says. “We convey that message throughout the world, [and to] our people.”

    At the ivory crush, there will be two minutes of silence, after which Sirisena, along with Minister of Sustainable Development and Wildlife Gamini Jayawickremea Perera, Minister of Finance Ravi Karunanayake, and CITES Secretary-General John Scanlon, will address the gathering.

    Then the Venerable Omalpe Sobitha Thero will lead a religious ceremony that will include a transfer of merits, a Buddhist ritual often done for departed relatives to honor them and help them reach a better place in their next life.
    By Laurel Neme
    from national geographic site-
    http://news.nationalgeographic.com/...nka-elephants-buddhism-ivory-stockpile-cites/
     
    Last edited:

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    අවුරුද්දක් තිස්සේ මුකුත් නොකරපු පොන්න යහපාලන ආණ්ඩුව මොකද බන් මේ සංදර්ශන තියල ඇත්
    දළ පුච්චන්නේ ? එකට අගමැතියයි , ජනපතියි දෙන්නම එනවලු බලන්න..... මුන්ට වෙන වැදගත් වැඩක් නැද්ද බන් කරන්න? මොනවද මේ කරන වැඩ? හරියට මුන් ගේ ආණ්ඩුව කාලේ අල්ලපු එකක් වගේ පුරසාරම් කියල මාකට් කරන්නේ. යකෝ ඕක ඇල්ලුවේ මහින්ද ගේ කාලේ ...


    මුනුත් හරියට ප්‍රේමදාස වගේ අනුන් කරපුව ට එක දාගන්නවා

    නොහැකියාව
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    cdsfas

    පිස්සො මුන් මෙච්චර වටින දේවල්..(වටිනවා කිවේ මුදලට නෙවෙයි දල ඇතෙක් මරනවා කියන්නේ මිනිස්සු 100 ක් මරනවා හා සමානයි මේ වගේ කතාවක් අහලා තියනවා මන්) මුන්ට මේවා කෞතුකාගාරයක ප්‍රදර්ශනය කරන්න තිබුනා ඒ ආගමික කටයුතු සිදු කරලා..මිනිසා විසින් මේ දැවන්ත සතුන්ට කරපු විනාශය කියලා ඉදිරි පරපුරවල් දැනුවත් කරන්න..මුන් හදන්නේ පුච්චලා දැම්මම මිනිස්සුන්ට ටික දවසකින් අමතකයිනේ මේවා.
     
    Last edited:

    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    අවුරුද්දක් තිස්සේ මුකුත් නොකරපු පොන්න යහපාලන ආණ්ඩුව මොකද බන් මේ සංදර්ශන තියල ඇත්
    දළ පුච්චන්නේ ? එකට අගමැතියයි , ජනපතියි දෙන්නම එනවලු බලන්න..... මුන්ට වෙන වැදගත් වැඩක් නැද්ද බන් කරන්න? මොනවද මේ කරන වැඩ? හරියට මුන් ගේ ආණ්ඩුව කාලේ අල්ලපු එකක් වගේ පුරසාරම් කියල මාකට් කරන්නේ. යකෝ ඕක ඇල්ලුවේ මහින්ද ගේ කාලේ ...


    මුනුත් හරියට ප්‍රේමදාස වගේ අනුන් කරපුව ට එක දාගන්නවා

    නොහැකියාව

    :yes::yes::baffled::yes::yes: