BMW i8 එකේ photos ගොඩක් දෙනෙක් දැක්කා, ඕකේ පසුපස කතාව දන්නේ ටික දෙනයි.
මේ පොස්ට් එක කලින් දාන්න හිටියේ වැඩත් එක්ක මිස් උනා හැබැයි මේ වෙලාවේ මේක දාන්නම ඕනේ... කතාව පොඩ්ඩක් දිග වැඩී.
මැටි ගෙදරක අවරුදු 18-20 විතර හිටපු මම එක පාරටම මේ වගේ වාහනයක යනකොට ගොඩක් අයට ඒක ලොකු ප්‍රශ්නයක් , පොඩි කලේ ඉදලම තිබ්බ ලොකු හීනයක් තමයි Computer Technician කෙනෙක් වෙන එක හැබැයි ඒ කලේ Computer එකක් තියෙනවා කියන්නේ පට්ටම සල්ලි තියෙන ගෙදරක් අපේ ගෙදර Computer එකක් ගන්න තියා Current එක ගත්තෙත් මන් 4-5 වසරේදී විතර හැබැයි මන් infotec international එකේ class ගියා මගේ ආසාවට අම්මා එකට කොහොම හරි දැම්මා හොදටම උන පටන් ගත්තේ ඊට පස්සේ (90% විතර මේ පැත්තට ආසාව වැඩි වෙන්න ප්‍රදානම හේතුව ඕක ) ඊට පස්සේ මන් O/l වලට කරන්නේ IT ගොඩක් වෙලාවට school එකේ It ලැබ් එකෙමයි හිටියේ ඒ තරම් පිස්සුවක් , මට Computer එකක් ගන්න එක ගලවල හදන්න ඒ කාළෙම පුදුම ආසාවක් තිබ්බේ ගෙදරට කිව්වත් ඒ ආසාව ඉශ්ට කරන්න පුළුවන් කමක් නෑ තාත්තා ගත්තු කම්කරු පඩියෙන් හා අම්මා කරපු පොඩි පොඩි ස්වයං රැකියා (රෙදි මහනවා , කඩවල් වලට කෑම දානවා ඔය වගේ පොඩි පොඩි දේවල් ) වලින් තමා ගෙදර රෝල දිව්වේ , මේ තිබ්බ තත්වේ එක්ක ගොඩ යන්න මාර උනන්දුවක් තිබ්බේ මුළු පවුලම ගොඩ දන්න ඕනේ අම්මව රැජිනක් වගේ තියන්න ඕනේ කියන එක මොකද එයාලට තිබ්බ ප්‍රශ්න එක්ක නිදහසේ ඉන්නවා කියන එක හීනයක් , පලවෙනි desktop computer එකක් ගත්තේ මන් කඩදාසි බෑග් අලවලා සල්ලි එකතු කරලා ගත්තේ CPU එක විතරයි ආච්චිඅම්මා තමයි Monitor එක අරන් දුන්නේ මාස 5-6 විතර පස්සේ ඔහොම මන් ඔකේ එල්ලිලා ඉදලා මාරම දේවල් ටිකක් ඉගෙන ගත්තේ මන් මේකෙන්ම ගොඩ යනවා කියන එකමයි ඔලුවේ තිබ්බේ.
අම්මගේ යාලුවෙක්ගේ පුතෙක්ට හොදට computer හදන්න පුළුවන් (සඳරුවන් අයියා ) එයාගෙන් තමයි මන් Computer හදන්න ඉගෙන ගත්තේ ගෙදර තිබ්බ එකම ගලවලා හදලා 2008-2012 කියන්නේ මාර ඉක්මනට ගිය කාලයක් අව්රුද්දක් හරියටම phone කඩේක වැඩ කරා තාත්තගේ යාලුවෙක්ගේ ඊට පස්සේ තමයි 2012 පොල්ගහවෙල Computer shop එකේ මන් වැඩට ගියේ පොළොන්නරුවේ ඉන්නම හිතුනේ නැති හේතුවක් නිසා.
ඔතනදි තමයි මගේ කතාව සම්පූර්ණම වෙනස් වෙන්නේ එතන තිබ්බ නිදහසෙන් මන් හොදටම ප්‍රයෝජනය ගත්තා මගේ වැඩ ටික ඉවර වෙලා මන් එලි වෙනකන් මේ දේවල් හෙව්වා සමහර දවස් වලට නිදාගන්නේ නෑ , එතැන ඉන්ටෙර්නෙට් unlimited , සොයන්නාට තමයි හම්බවෙන්නේ මට ගොඩක් sites හම්බුනා ගොඩක් Scam , fiverr accounts Ban උනා කරන්න දෙයක් තිබ්බේ නෑ skill එකක් නෑ මට. හැබැයි මට විශ්වාසයක් තිබ්බා මේවගෙන් ගොඩ යන්න පුළුවන් කියන එක. ඒක Fiverr club (දැන් OECSL ) දාල තිබ්බ පොස්ට් වලින් තරවුරු උනා (ලසන්ත අයියලා වාහන අරන් photos එහෙම දාල තිබ්බ ඒවගෙන් පට්ටම Motivation එකක් ආවේ ) බස් එකේ ගෙදර එනකොට කල්පනා කර කර එන්නේ මොනාද කරන්නේ ඉස්සරහට මොනාද මන් හොයන්න ඕනේ කියල හැමදේම පොතක ලියාගෙන කරේ. 2012-2016 කියන්නේ මන් හිතන විදිහට මගේ විනාඩියක්වත් මන් අපතේ යැව්වේ නෑ , මේ වෙනකොට මට මන් ගැන මාර විස්වාසයි කරපු ජොබ් එකෙන් අයින් වෙලා ගෙදර ඇවිත් වැඩ කරා. දවස් 3 නිදාගත්තේ නැති දවස් තිබ්බා.
2016 මන් Dio Bike එක අරන් අවේ ගෙදර අඩ අඩා මට මාරම සතුටයි පලවෙනි රෝද දෙක සහ පලවෙනි වාහනේ , මන් එදා හිතාගත්තා රෝද 4 අවරුදු 3 -4 යන්න කලින් මන් හැබෑ කරගන්නවා ඒ වගේම මන් ආසම වාහනේ ගන්නවා කියල. මගේ ආසම වාහනේ උනේ Honda civic EK3 එකක් හැබැයි මේ වෙලාවේ මට සල්ලි එන්න පටන් අරන් තිබ්බේ.අපේ ගෙදර තත්වේ දැන් ටික ටික හොදයි ප්‍රශ්න වලින් 30-40% ඉවරයි අම්මට කිව්වම වාහනයක් ගන්න ඕනේ කියලා අම්මා කිව්වා වාහනේ තෙමෙන්නේ නැතුව දන්නා පුළුවන් තැනක් තියෙනවද කියලා ? මට එතනම හිතුනේ අම්ම මොකක්ද මේ නොකිය මට කිව්වේ කියල ගෙදර හදන්න පටන් ගත්තේ ඔය දෙයින් පස්සේ. මහන්සි වෙන තරමට තමයි Result එක එන්නේ. income එක එන්න එන්නම වැඩි උනා ගඩොලින් ගඩොල උඩට යනකොට නිදාගන්නම හිතුනේ නෑ ඒක වෙනම ආතල් එකක් , ඔහොම යනකොට අම්මගෙන්ම මට නොකිය දෙයක් කිව්වා දැන් නම් වාහනේ දාන්නා පුළුවන් නේද කියලා. ඔන්න ඉලග්ග target එකට යන්න මන් ready.
2018 දී Honda Civic FD 1 එක, මහන්සි වෙලා වැඩ කරනකොට result එක එන්නෙත් ඒ විදිහටමයි ගන්න හිටපු වාහනේට වඩා දහගුණයක් විතර හොද වහනයක් ගත්තේ. මේක ගන්න කළා , හරිත් , අශාන් , අකිල , යශෝද , උදාර මාරම help එකක් දුන්නේ මට සුපිරිම වහනයක් හම්බුනේ හැබැයි මට මේක ගන්නකොට drivingවත් බෑ මට මේක ගෙදර ගේනකොට අඩුනේ නැති උනාට දළදා මාලිගාවට ගිහින් වාහනේ යතුර අතේ තියාගෙන වදිනකොට නිකන්ම අඩුනා ඒක සතුටක් එක්කම මන් ගැනම මට මාරම විස්වාසයක් සහ මන් කව්ද කියන දේවල් ටික තේරුණා , දැන් ගේ හදනවා , මට Car එකකුත් තියෙනවා මේක ගොඩක් අයට එච්චර දිරෙව්වෙ නෑ පෙත්සන් 3ක් ගහල ගේ හදන එක නැවෙත්තුවා , Dio Bike එකේ සයිඩ් කන්නාඩි කැඩුවා , meter board එක කුඩු කරා , car එකෙට ගල් ගැහැව්වා , මට මාර සතුටුයි මිනිස්සු කියන එක ගොඩක් අදුරගත්තේ මන් ඔය කාලේ , තමන් කරන දේ හරියට කරනවා නම් එක කාටවත් නවත්තන්න බෑ. ඒක මේ ලෝකයේ ස්භාවය. ගෙදර පලවෙනි තට්ටුව ඉවර කරා ඒකට ලොකුම හයියක් උනේ ප්‍රබෝදිකා සහ උදිත අයියා ,චතුරංග මට මාරම support එකක් දුන්නේ ගොඩ දාගන්න , එක්කෙනා දෙන්නෙක් උනා 2019 දී එක ලොකු හයියක් උනා මේ ගමන මෙච්චර හොදට යන්න.
2020 දී BMW 520D Msport - කරපු හොද දේවල් වල results එන්න ගත්තාම, ඒ වගේම තමයි ජීවිතකාලෙටම ගන්න හිතුවෙවත් නැති වාහනයක් සහ මෙච්චර ඉක්මනට මට ගන්න පුළුවන් කියලා හිතුවෙවත් නෑ. ඒ කරපු දේවල්, නිදාගන්නේ නැතුව හිටපු රැයවල් තමයි මේ දේවල් මේ විදිහට හම්බුනේ. තමන් මොන දේ කරත් හරියට කරන්න ඕනේ කර්මය විසින්ම ඒකට උත්තර දෙනවා මේ car එක ගේනවට පස්සේ සල්ලි අච්චු ගහල ගෙනාවේ කියල කතාවක් යවල තිබ්බ , කුඩු වික්කා , ගේ හදනකොට යට තිබිල නිදානයක් ගත්තා ඔය වගේ දේවල් වලින් තමයි මිනිස්සු ගහන්න පටන් ගත්තේ. කලින් කරපු කිසි දෙකින් වැටුනේ නැ කියල දන්නවනේ , තිබ්බ වැඩ වැඩි උනා තනියම කරගන්න බැරි තත්වෙකට අවා Ceylon I Works , QUADD MARK corona ප්‍රශ්න ගොඩක් අස්සේ මේ 2 පටන් ගත්තෙත් මේ අව්රුද්දෙ, දැනට 15 වගේ team members එක්ක මේ Office දෙකේ digital marketing / graphic design වැඩ කරනවා අපි.
2021 BMW i8 , ලසන්තඅයියා , insfra එකේ වාහන 3 දැක්කාම තමයි මේකට ආසාව ආවේ කොහොම හරි ගන්නවා කියලා , එදා ඉදල phone එකේ wallpaper / desktop wallpaper වැඩ කරන මෙසේ උද තිබ්බේ i8 විතරයි ආකර්ෂණ නීතිය (Law of Attraction )මන් තදින්ම විශ්වාස කරන කෙනෙක් 2015 ඉදල වගේ හැබැයි ඕකට කියන නම හරියටම දැනගත්තේ 2020 වගේ. ලොකු ආසාවක් තිබ්බා මන් වගේ උන් 100 පොළොන්නරුවේ හදන්න හැබැයි මේ මිනිස්සුන්ගේ ක්‍රියාකරන් එක්ක ඒක කරනවද කියන එක තව පාරක් හිතලා බලනවා
ඔහොම තමයි කතාව. ඕකේ තව ප්‍රතික්ෂේප වීම් ගොඩක් තියෙනවා , දැන් කට්ටිය කියනවා "උබට නම් අව්ලක් නෑ දැන් පට්ට ලයිෆ් එකක්" කියලා. එත් එක මට නිකන් හම්බුනේ නෑ. මන් ඒ දේවල් ඔක්කොම ටිකෙන් ටික ලගාකරගත්තේ. කතාවේ උන දේවල් ගොඩක් තියෙනවා post එක ලොකු වැඩි වෙනවා අවශ්‍යම ටික දැම්මා කියල හිතෙනවා .
කව්රු හරි දෙයක් කරන්න බෑ කිව්වොත් ඒක දෙපාරක් කරලා පෙන්නන්ඩ පුළුවන් කෙනෙක් වෙන්න. තමන්ගේ හීන වලට පන දෙන්න පුළුවන් එතකොට,හැබැයි මහන්සි වෙන්නම වෙනවා වැඩ කරන්නම වෙනවා මන් හිටපු විදිහට මන් හිතුවේ නෑ මෙච්චර ලොකු ගමනක් එන්න.එත් ඕන කෙනෙක්ට පුළුවන්. අපි ඒ වෙනස් වීමටයි කැමති නැත්තේ,අවදානමක් ගන්න බයයි,ඒ වෙනස් වීම වෙන්න එතන ලොකු දිනුමක් තියෙනවා , ඒක දවසින් හරියන්නේ නෑ, නිදාගෙන නැගිට්ටාම $ වැටෙන්නේ නෑ හැබැයි X කියන වෙලාවේදී අනිවාර්යෙන්ම ගොඩ යනවා, පට්ට කට්ටක් කළා මෙච්චර දුරක් ආවේ.
උඩින් පේන ලස්සන ගොඩක් කතාවල නෑ. කරන දේ හරියට කරන්න.
ජය වේවා !!
Amila Gunawardhana
Copied from
