ucakila

Well-known member
  • Mar 31, 2007
    5,044
    1,915
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    කියලම පටන්ගන්නම් මේක උපුටා ගන්නා ලද්දකි

    ඔන්න එහෙනම් KNIGHT RIDER CAR එක ඇත්ත වෙන්න යනවද කොහේදෝ

    අලූත් ම තාලේ මෝටර් රථයක් බීඑම්ඩබ්ලිව් සමාගම විසින් නිපදවල තියෙනවා. ඒ මෝටර් රථයට හිමිකරුගේ රුචිය අනුව තම ‘ඇඳුම’ වෙනස් කර ගන්න පුළුවන්. මේ වගේ දේවල් මෙතෙක් කල් චිත‍්‍රපටවල හා පරිගණක කී‍්‍රඩාවලයි, විතරයි අපට දැක ගන්න පුළුවන් වුණේ. දැන් සැබෑ ජීවිතේදි ඒ වගේ කාරෙකක් දැක ගන්න විතරක් නෙවෙයි, එවැනි කාරයක හිමිකරුවකු වෙන්නත් ඔබට අවස්ථාව උදාවෙලා තියෙනවා.



    ජිනා හෙවත් ‘අනන්ත වෙනස්කිරීම්වලට යොදා ගත හැකි ජ්‍යාමිතිය හා ශි‍්‍රතයන් පිළිබඳ න්‍යායය’ (GINA- Geometry and Functions "N" Adaptions) අනුවයි, මේ මෝටර් රථය නිපදවා තියෙන්නෙ. මේ ක‍්‍රමය අනුව රථයේ පිටත පෙනුම වෙනස් කිරීමට උපරිම ලෙස නව අදහස් යොදා ගත හැකියි. එය කරන්නේ මෝටර් රථයක් සැලසුම් කිරීමේ දී ඇති ගැටලූ අවම කර ගනිමිනුයි.

    මේ නවතම ජිනා න්‍යාය යොදා නිපදවූ මුල් ම මෝටර් රථය හඳුන්වා ඇත්තේ ‘ලයිට් විෂනරි මොඞ්ල්’ කියායි. මේ රථය වෙනස් නොවී ඇත්තේ සිලින්ඩර් අටේ ඇන්ජිම හා බලසැපයුම් පද්ධතියත්, චැසියත් එහි අගය කොටසත් ඇලොයි රෝද හතරත් විතරයි. ඒ හැරෙන්නට මේ රථයේ බාහිර පෙනුම ඔබ මවිතයට පත් කරමින් වෙනස් කළ හැකියි. මෙම මෝටර් රථයේ බොඩිය තැනීමට අවශ්‍ය විට වෙනස්කම් කළ හැකි, හැඩගැසිය හැකි ද්‍රව්‍ය හා විද්‍යුත් හා විද්‍යුත් ද්‍රාව තාක්ෂණය යොදා ගෙන තියෙනවා.




    • මේ විෂනරි රථයේ බඳ තනා ඇත්තේ ප‍්‍රධාන කොටස් හතරකින් යුක්තයි. ඒ ඉදිරිපස වීදුරුවේ පහළ සිට වහලයත් සමග පසුපස අගට යන කොටසත්, දොරවල් දෙක සමග දෙපසට විහිදෙන කොටසත්, වාහනයේ දෙපැත්තේ ඉදිරිපස සිට පසුපස අගට විහිදෙන කොටස් දෙකත් ආදී වශයෙනුයි. මේ බඳ තනා ඇති නව ද්‍රව්‍ය ක්ෂණිකව වෙනස් කර ගත හැකියි.
    • බීඑම්ඩබ්ලිව් සමාගමේ සැලසුම් අංශයේ ප‍්‍රධානියා වූ කි‍්‍රස් බැංගල් කියන්නේ ‘අප උත්සාහ කරන්නේ අපේ අනුග‍්‍රාහකයාගේ පුද්ගලික රුචිඅරුචිකම් අනුව හා ඔහුගේ අවශ්‍යතාවලට හරියටම හරි මෝටර් රථයක් ලබා දෙන්නයි. ඒකයි අපි මෙවැනි නව නිපැයුම් කරන්නේ’ යැයි කියායි.

    ගත්තේ
    http://www.malkakulu.com/2012/08/blog-post_9.html
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    thanks machan...

    සුපිරි..මැරෙන්න කලින් මේකක් අතින්වත් අල්ලන්න ඕන...තෑන්ක්ස් මචන් අද තමයි දැන ගත්තේ...මේ ගැන...
    REP6+ ADDED
     
    • Like
    Reactions: ucakila