bodi puja

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    බෝධි පුජාව ගැන ත්‍රිපිටකයේ සදහන් අයුරු උපුටා දක්වන්නම්.

    "සුගතයන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වාසය කරන සේක්. අනද තෙරුන් විසින් කරන ලද මහත් වූ බෝධි පූජාවක් අරභයා මේ ජාතකය වදාළ සේක (මෙහි පහතින් නිදාන කථාව පමණක් දක්වා ඇත.)

    භාග්‍යවතුන් වහන්සේ සැවැතින් නික්ම ජනපද චාරිකාවෙහි යෙදුන දිනක බොහෝ උපාසක උපාසිකාවෝ පුද පූජා ගෙන බුද්ධ වන්දනාව සඳහා දෙව්රමට ආවාහු. බුදුන් නොදැක ශෝකීව ඒ පුද පූජා පිදිය යුතු අන් තැනක් නැත්තෙන් විහාරය සමීපයෙහි රැස් කොට තබා ගියහ. අනේපිඬු සිටු ආදීහු ඒ දුටුවෝ බුදුන් වහන්නේ පිටත වැඩි විට උන් වහන්සේ සිහිකොට පුදනු සඳහා පූජා වස්තුවක් ඉල්ලා ගන්ට සිතූහ.
    නැවත භාග්‍යවතුන් වහන්සේ පෙරලා ජේතවනයට වැඩි විට ඔවුහු රැස්ව පූජා වස්තුවක් ඉල්ලීමෙහි ආනන්ද තෙරුන් මෙහෙයූහ. ඒ තෙරණුවෝ ගොස් පූජා වස්තු කවරේදැයි විචාරා බුදුන් වෙනුවට පූජා වස්තුවක් ඉල්ලූහ. ආනන්ද ශාරීරික උද්දේසික පාරිභෝගික යයි පූජ්‍ය වස්තු තිදෙනෙකි. ඉන් ශාරීරික ධාතු පූජාව බුද්ධ පරිනිර්වාණයෙන් පසු වන්නේය. උද්දේසික පූජාව නම් ධර්මයට බුද්ධ ප්‍රතිමාදියට වෙයි. පාරිභෝගික ධාතු පූජා නම් පරිභෝග කළ පාත්‍ර චීවරාදියට ද බුද්ධත්වයේ පිටදුන් බෝධි වෘක්ෂයට ද කරන සත්කාරයයි. එබැවින් ජය ශ්‍රී මහා බෝධියෙන් ඵලයක් ගෙන්වා මේ ජේතවනාරාමයෙහි රෝපිත කරවා ඊට සත්කාර කරතොත් ඒ මට කළ සත්කාර හා සමයයි වදාළ සේක.
    කොසොල් රජ ආදී හට අනද තෙරණුවෝ මෙපවත් දන්වා ජේතවන දොරටුව සමීපයෙහි වළක් කණවා ජයසිරි මහා බෝ රුකින් ඵලයක් ගෙනවුත් දෙන්ට මුගලන් තෙරුන් අයදූහ. මුගලන් තෙරණුවෝ තමන් එය බෝ රුකින් ගෙනෙන සැටි සියල්ලට පෙනෙන සේ ඉටා එකෙනෙහි සෘධියෙන් ගොස් උරුවේලායෙහි ජයශ්‍රී මහා බෝ සමීපයට වැද එහි නටුයෙන් ගැලවී එන ඵලයක් බිම වැටිය නොදී සිවුරු පටින් පිළිගෙන එකෙනෙහිම අවුත් ඒ අනද තෙරුන්ට දුන්හ. කොසොල් රජතුමා එය රන් කරඬුවකින් ගෙන වළ තෙවරක් පැද කුණු කොට අනේපිඬු සිටු අතට දුන්නේය. සිටුහු ඝන රන් තලියක සුවඳ කළල් පුරවා තලිය පතුල සිදුරු කොට වළ මැද තබා එහි බෝ පැළය සිටුවූහ.
    මෙය අනඳ තෙරුන්ගේ නියෝගයෙන් සිටුවන ලද බැවින්ද මහජනයාගේ සිත ආනන්දය ඇති කරමින් වැඩුන හෙයින්ද ආනන්ද බෝධි නම්වි. දිනක් අනද තෙරුන්ගේ අයදනින් භාග්‍යවතුන් වහන්සේ ඒ බෝ රුක මුල රෑ තුන් යම්හි සමාපත්ති සුඛයෙන් වැඩහුන් සේක. මෙසේ ආනන්ද බෝධිය පාරිභෝගික චෛත්‍යයෙක් විය.

    දම්සභා මණ්ඩපයෙහි රැස්වූ භික්ෂුන් අතර ආනන්ද ස්ථවිරයෝ සර්වඥයන් වහන්සේ ජීවත්ව සිටියදීම බෝධි පූජාවක් කළේ යැයි කතාවක් උපන් කල්හි එහි වැඩි බුදු රජාණන් වහන්සේ මහණෙනි පෙරත් ආනන්ද ස්ථවිරයෝ පිරිවර සහිතව සතර මහාද්වීපයෙහි මනුෂ්‍යයන් ගෙන්වා ගද දුන් මල් පහන් ගෙන බෝ මැඩ බෝධි පූජාවක් කරවූවෝ වේදැයි ඉකුත් වත වදාළ සේක.

    (ඛුද්දක නිකාය, තෙරසක නිපාතය (13) කාලිංග බෝධි ජාතකය.)"

    උපුටා ගැනීම http://www.budurashmiya.net/2011/09/blog-post.html

    මෙයින් පැහැදිලි වෙන කරුණ බෝධි පුජාවක් සිදුවේ නම් එය අනිවාර්යෙන්ම බුදුන් වහන්සේට කරනා සත්කාරයක් වශයෙන්ම සිදු කල යුතු බව නොවේද?

    මගේ අදහස නම් බුදුන් වහන්සේ දේශනා කලේ බෝධි පුජාව මේ අර්ථයෙන් යන්නයි.
    කෙනෙක් බුදුන් වහන්සේට අදර බක්තියෙන් පුජාවක් කෙරේ නම් එය බොඩිය වස්තු බීජයක් කරගන්නේ නම් යහපත් කියා මම සිතමි.
     
    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0

    thanks machan share kalata...+:)rep
     
    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    bumpup.gif
     
    GTX Titan

    Member
    Nov 19, 2013
    67
    5
    0
    ගහට හානියක් නොකර කැමති විදියකට වැඳහන්! ඔය එක එක ජරාව වතුරට දාල ගහට වක්කරනවා එහෙම නෙවෙයි! :growl:
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    බුදුහාමුදුරුවෝ ඇසතු බෝ මැඩ සමීපයෙදි බුද්ධත්වයට පත් වුනේ මේ කල්පයේ දි ඇසතු වෘක්ෂය මූලයෙදි යම් විශ්ව ශක්ති විභජනයකට පත් වීමට මහත් රුකුලක් දෙන නිසා. එක් එක් බුද්ධ කල්ප වලදි එක එක වෘක්ශ බෝ ගස වෙන්නෙ ඒ ඒ කාල වලදි මේ ශක්තිය ඒ ඒ ශාක තුල පැවතීම නිසා. අද බෞද්ධයින් ගිහින් වඳින්නෙ මේ ඇසතු වෘක්ශයට විතරයි නෙ. නමුත් මේ වැඳුම් පැතුම් තුලින් බුදුන් වහන්සේ බෝ මැඩ අසලදි ලබාගත්තු ශක්තිය ලබා ගන්න පුළුවන්ද? බුදුහාමුදුරුවො රාග, ද්වේශ, මෝහ නැති කරල දැම්මෙ බෝ ගහට වැඳල නෙවෙයි නෙ. එතන වැඩ සිටගෙන විපස්සනාව සමඟ සමත භාවනාව වඩපු නිසා.
    ඉතින් අපිත් ඒ දේ කරමු මේ ඇසතු වෘක්ශයෙ මේ කල්පයේදි පවතින ශක්තියෙන් ප්‍රයෝජන ගන්න. එතනට ගිහිල්ල තුන් සිත පහදාගෙන පරම ආර්‍ය මෛත්‍රිය වඩමු. ඒමඟින් විශ්වයට ශක්තිමත් කිරණ නිකුත් කරන ගමන් අපේ සිතේ මුල් බැහැගෙන තියෙන කිළුට ද නැති කරල දාමු.
    යම් කෙනෙක්ට සෙතක් ශාන්තියක් කරන්න බලාපොරොත්තුවක් තියෙනව නම් ඒ දේ ද අධිශ්ඨාන කරගමු මේ තුන් සිත ඇති වූ වෙලාවේ දීම.
    ඒක තමයි ඵලක් තියෙන, පරමාර්ථයක් තියෙන දේ.
     
    eka aththa...+rep:)