..*..BODIMA..*..

sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
Boman said:
ඔව් මචන් අනිවා
සේකරට තම වදන් වලින්අපූරුවට මානුෂික හැගීම් ඉස්මතු කරල මිනිස් හදවත කම්පනය කරන්න පුලුවන්
ඒක නිකන් මැජික් එකක් වගේ මචන් හරිම ලස්සනක් තියෙන්නෙ

හුදු වදන් හරඹයකට වඩා කවිය තුළින් යම්කිසි ජීවන දර්ශනයක් පෙන්නපු *කවියෙක්

මචෝ බෝ උඹ සෙකරගෙ බොඩිමේ අර තටිට් තට්ටු යෙදෙන පංතිය මතකද මචෝ max නේද??
 
Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
බෝඩිමට අදාල නොවුනත් සේකරගේ කවක් මේක

කලකට ඉහතදී එළකිරි එකට මම දැම්මා මේ කවිය

ammm.jpg
 
maleemsg

Member
sampath312 said:
මචෝ බෝ උඹ සෙකරගෙ බොඩිමේ අර තටිට් තට්ටු යෙදෙන පංතිය මතකද මචෝ max නේද??

මං හිතන විදියට සේකර කියන්නේ සර්ව කාලීන කවියෙක්...මොකද එයා මිට සෑහෙන්න කාලයකට කලින් හාස්*යට හා කථාවට ලක් කරපු සත්*ය අදටත් එහෙමමයි කියලා මට හිතෙනවා
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
maleemsg said:
මං හිතන විදියට සේකර කියන්නේ සර්ව කාලීන කවියෙක්...මොකද එයා මිට සෑහෙන්න කාලයකට කලින් හාස්*යට හා කථාවට ලක් කරපු සත්*ය අදටත් එහෙමමයි කියලා මට හිතෙනවා

ඔව් මලී ඔයා පරබුද්ද කියවන්න ඇතිනෙ ඒකේ කියෙන්නෙ අර මම මේ කියන ඒව තව ඉස්සරහට මීට වඩා වටියි කියල...මහගමසේකර කියන්නේ අනාගතය දැකපු මනුස්සයෙක්...මම පුළුවන් උනොත් ඒක scan කරල දාන්නම්
 
Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
sampath312 said:
මචෝ බෝ උඹ සෙකරගෙ බොඩිමේ අර තටිට් තට්ටු යෙදෙන පංතිය මතකද මචෝ max නේද??
හ හා ඔවු මචන් මැක්ස්
සේකර හෙනට කවිය ඇතුලෙ පර්යේෂන කරපු කෙනෙක්

හෙට ඉරක් පායයි එකේ එහෙම හුගක් එහෙම කවි තමයි තියෙන්නෙ
අර රිය අනතුරකින් පටන් ගන්න කවියක් තියෙන්නෙ මචන්

මැද හරියෙ මෙහෙම තියෙන්නෙ ඒකෙ

මිනිස්සුමිනිස්සුමිනිස්සු
බිදුනු වීදුරු කැබලි
දිස්න දෙයි

ඉල්පෙමින්
ගලායන ර තු පා ට ම තු පි ටි න්
ගැහි ගැහී
අවසාන හුස්ම පොද
පණ අදිය ඇංජිමෙන් වෙවුලමින්

කෑ ගසයි හතරවට නොඉවසිලි රිය පේලි
ඉක්මනින් යාගන්න නැතිකමින්

*රතු එළිය
*කහ එළිය
*කොළ එළිය

ඔන්න ඔය වගේ බන් යන්නෙ මැක්සා ඒකත්:) :yes:
 
maleemsg

Member
sampath312 said:

ඔව් මලී ඔයා පරබුද්ද කියවන්න ඇතිනෙ ඒකේ කියෙන්නෙ අර මම මේ කියන ඒව තව ඉස්සරහට මීට වඩා වටියි කියල...මහගමසේකර කියන්නේ අනාගතය දැකපු මනුස්සයෙක්...මම පුළුවන් උනොත් ඒක scan කරල දාන්නම්

:( නෑ මං තාම ඒක කියවලා ඉවර නෑ. මට ඉතිං දෙයක් බලලා විදලා ඉවර වෙන්න පොඩ්ඩක් විතර කල් යනවනේ...:nerd:

ඒකත් පුළුවන් නමි හොදයි ඒත් පොඩ්ඩක් ලොකුයි නේද? :eek:
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
Boman said:
බෝඩිමට අදාල නොවුනත් සේකරගේ කවක් මේක

කලකට ඉහතදී එළකිරි එකට මම දැම්මා මේ කවිය

ammm.jpg

මචෝ බෝ මෙවගෙ ඒව කියවන්න ලාබෙන එකත් එක්තර වාසනාවක් මචෝ...ඇත්තටම මචෝ දැන් මිනස්සුන්ගෙ ආකල්ප විකෘති වෙලා..මේ වගේ දෙයකින් ඒව නැවතත් පහදල දෙනව මචෝ...xp කිව්ව වගේ දැන් මිනිස්සුන්ගෙ හගීම් නැහැ...නමුත් ඇත්තටම ටම්ව කියෙපුවාම හිතෙන්නෙ මේව ලියන්න සේකරගෙ මනසෙ අම්ම කියන චරිතය ජීවමානව ඉන්නව කියල
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
maleemsg said:
:( නෑ මං තාම ඒක කියවලා ඉවර නෑ. මට ඉතිං දෙයක් බලලා විදලා ඉවර වෙන්න පොඩ්ඩක් විතර කල් යනවනේ...:nerd:

ඒකත් පුළුවන් නමි හොදයි ඒත් පොඩ්ඩක් ලොකුයි නේද? :eek:

හිත ඇත්තම් පත කුඩාද??:) මාලියො
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
Boman said:
හ හා ඔවු මචන් මැක්ස්
සේකර හෙනට කවිය ඇතුලෙ පර්යේෂන කරපු කෙනෙක්

හෙට ඉරක් පායයි එකේ එහෙම හුගක් එහෙම කවි තමයි තියෙන්නෙ
අර රිය අනතුරකින් පටන් ගන්න කවියක් තියෙන්නෙ මචන්

මැද හරියෙ මෙහෙම තියෙන්නෙ ඒකෙ

මිනිස්සුමිනිස්සුමිනිස්සු
බිදුනු වීදුරු කැබලි
දිස්න දෙයි

ඉල්පෙමින්
ගලායන ර තු පා ට ම තු පි ටි න්
ගැහි ගැහී
අවසාන හුස්ම පොද
පණ අදිය ඇංජිමෙන් වෙවුලමින්

කෑ ගසයි හතරවට නොඉවසිලි රිය පේලි
ඉක්මනින් යාගන්න නැතිකමින්

*රතු එළිය
*කහ එළිය
*කොළ එළිය

ඔන්න ඔය වගේ බන් යන්නෙ මැක්සා ඒකත්:) :yes:

ඔව් මචෝ මන් ඔක කියෙව්වෙ මම වැඩ වගේකට කොළඹ යන වෙලේක....වැඩක් නැහැ නියලා...සරලව කීවෙත් වචන එකතු කරල මනසෙ මැජික් පෙන්නව:yes:
 
maleemsg

Member
sampath312 said:

හිත ඇත්තම් පත කුඩාද??:) මාලියො

:yes: :yes: ඒක ඇත්ත ....පිං සිද්ධ වෙන වෑඩක්..... මොකද ගොඩක් අය සල්ලි දිලා පොත් ගන්නේ නෑ...සමහරුන්ට ඕන උනත් වෙලාවක් නැ..වත්කමක් නෑ....!රට ඉන්න අයට ගන්න විදියක් ඇත්තේම නෑ...:yes: ඉතිං හොද වැඩක්....

*මම නිදි....හැමෝටම සුභ රැයක්

**බෝඩිමට මම හෙට එන්නම්:)
 
Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
sampath312 said:

මචෝ බෝ මෙවගෙ ඒව කියවන්න ලාබෙන එකත් එක්තර වාසනාවක් මචෝ...ඇත්තටම මචෝ දැන් මිනස්සුන්ගෙ ආකල්ප විකෘති වෙලා..මේ වගේ දෙයකින් ඒව නැවතත් පහදල දෙනව මචෝ...xp කිව්ව වගේ දැන් මිනිස්සුන්ගෙ හගීම් නැහැ...නමුත් ඇත්තටම ටම්ව කියෙපුවාම හිතෙන්නෙ මේව ලියන්න සේකරගෙ මනසෙ අම්ම කියන චරිතය ජීවමානව ඉන්නව කියල
සංවේදී මනසක් නැතිව නිර්මාණ කරන්න අමාරුයි මචන්
එහෙම නැතිව කලොත් වෙන්නෙ උඩින් පල්ලෙන් අතගාන එක තමයි
ජීවිතේ ගැඹුර ඇතුලට කිමිදෙන්න නම් ඒ සංවේදීත්වය තියෙන්න ඕනෙ

ඒ උනත් මචන් එක පාරක් ආනන්ද සමරකෝන මහත්තයද කොහෙද කියල තිබ්බ විදිහට සංවේදී හිතක් තියන කෙනෙකුට මේ සමාජෙ පීවත් වෙන එක හුගක් අමාරුයි බන්.

සේකර මිනිස්සුන්ට ආදරය කරපු තරම් තමන්ගෙ ජීවිතයට ආදරය කළෙ නැතිව ඇති.
 
ඔව් මචෝ ඒකනම් ඇත්ත ඔන තරම් අත්විදල දැකල තියෙනව ....:yes: එහෙම එකෙක් උනොත් උව මසටත් වකුණලයි පස්ස බල්න්නෙ...:( මචෝ මහගම සේකර මියගියේ ස්වාභාවිකවද...මම චරත කතාව වැඩිය දන්නෙ නෑ ඒකයි ඇහුවෙ....මචෝ දැන් රෑ වෙලා මාත් යනව අපි පුළු පුළු වන් වෙලාවට set මෙකෝ මේව ඇත්තටම කථා කරන්න වටිනව:)
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
කට්ටියද කියන්න දෙයක් තියෙව නම් සටහන් කර යනු මැනවි:) නැවත හමුවෙමු!....නිදිවරා සිටින සියළු ලාංකිකයන්ට සුභ රාත්රියත් වේවා!:)
 
Last edited:

Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
මමත් දැන් යනවා
ආපහු වෙලාවක සෙට් වෙමු
සුබ රාත්රියක් හැමෝටම:)
 
sampath312 said:

මචෝ බෝ මෙවගෙ ඒව කියවන්න ලාබෙන එකත් එක්තර වාසනාවක් මචෝ...ඇත්තටම මචෝ දැන් මිනස්සුන්ගෙ ආකල්ප විකෘති වෙලා..මේ වගේ දෙයකින් ඒව නැවතත් පහදල දෙනව මචෝ...xp කිව්ව වගේ දැන් මිනිස්සුන්ගෙ හගීම් නැහැ...නමුත් ඇත්තටම ටම්ව කියෙපුවාම හිතෙන්නෙ මේව ලියන්න සේකරගෙ මනසෙ අම්ම කියන චරිතය ජීවමානව ඉන්නව කියල
ආයෙ ඉතිං කතා දෙකක් නෑ. මොන තරම් සංවේදීද? සේකර අතිශය සාමාන්ය ජීවිතයක් ගෙවපු සාමාන්ය මනුස්සයෙක්. එයා කවි ලිව්වෙ කෝච්චියෙ යන ගමන් සිගරට් පෙට්ටි වල කියල මම අහල තියෙනව. එයා මත් වීම අතිනුත් දරුණු පොරක් කියල තමයි ආරංචිය. බෝඩිම පටන්ගන්නෙත් ඉවර කරන්නෙත් සුරුට්ටු ගේන්න කියලනේ.

ඉතිං මට හිතෙන්නේ එයා ජීවිතය තුලම ස්වර්ගය හොයපු කෙනෙක් කියලයි. එයාට ඒක හමු වෙලා තියෙනව කියල පැහැදිලියි එයාගෙ නිර්මාණ බැලුවම. කවියෙක්ට පවා නිකරුණේ පහල නොවෙන සියුම් අදහස් හරහා එයා අපේ හිත් පිරිමදිනව. හිතන්න අම්මව කියලා මේ පුද්ගලයා මලක් ඉඹිනවා. මොන තරම් පූජනීයත්වයක්ද අම්මට දීල තියෙන්නේ. ඒ වගේම මෙයා අම්ම තමාට යථාව කියල දෙන්න දරපු සංකේතීය උත්සාහය නැවත ආවර්ජනය කරන්නේ මොන තරම් මට සිලිටුවටද?
 
මටත් බෝට වගේ නිස්කලංකව බෝඩිමට යන්න ලැබුණෙ නෑ මේ රාජකාරි එක්ක. ඒත් සමස්ථ අදහසක් කියන්න හිතුණා බෝඩිම වරක් කියවපු නිසා. පස්සෙ විශේෂ ලක්ෂණ එක්ක සෙට් වෙමු.

මට හිතෙන්නේ බෝඩිම ජීවිත කාලයක් ගැන කතාවක්. මේ සොයිසා දැන් ඉන්නෙත් බෝඩිමේ වුණාට, ඒ කියන්නේ ඒක එයාගෙ ගෙදර වුණාට එයා කියන්නේ බෝඩිම කියලා. එයාගෙ නෙවෙයි වගේ. හරියට අපි මේ ලෝකෙට බිහි වෙලා මැරිල යනකල් මේ රූපය සහ නාමය ඇතුලෙ බෝඩිමකට ආව වගේ ඉන්නව වගේ. බෝඩිමකට අපි යන්නේ සදාකල් ඉන්න නෙවෙයිනේ.

අනික මේක පටන් ගන්නේ සහ ඉවර කරන්නේ එකම තැනකින්. සුරුට්ටු එක්ක කවියක් ලියන්න අරන්. හරියට ඉපදිලා ජීවත් වෙලා මැරිලා යනව වගේ. අපි ඉපදෙන්නෙ නෂ්ඨ තැනක ඉඳල. මැරිය යන තැනත් නෂ්ඨයි (මුකුත් නෑ/දන්නෙ නෑ) ඒක නිවන කියල සේකර හිතුවද දන්නේ නෑ. එහෙමනම් එයා මුල සහ අග කවි ලියන එකෙන් (සුරුට්ටු එක්ක හොඳේ) අදහස් කරන්නෙ නිවන වෙන්න ඕන. ඒත් සේකර පුනරුත්පත්තිය විශ්වාස කලා නම් ඒක එක්කත් මේක ගැලපෙනවා. එතනදි කවි ලිවීම නිකං පිළිසිඳගැනීමක් වගේ. අවසානයෙදි එයා අපටත් ආරාධනා කරනවා අළුතෙන් ඉපදෙන්න. ලෝකය දිහා අළුතෙන් බලන්න. දරුවෙක් වෙන්න ආයෙත්. කවියක් තුල නිවන් සොයන්න.

මේ මට ආපු නිකං අදහසක්... ආයෙ කියවලම බලමු ඉක්මනටම...