ඇතැම් විට strength training ව්‍යායාම වලදී වැඩි වශයෙන් ව්‍යායාමයේ යෙදුනද අඩු ප්‍රථිඵල ලැබෙන අවස්ථා ඇත. මෙවන් අවස්ථා වලදී කළ යුත්තේ High intensity strength training ක්‍රමවේදයන්ට යොමු වීමයි.
සාමාන්‍යයෙන් ව්‍යායාමයේදී කරන්නේ වැඩි ප්‍රතිරෝධයක් යටතේ ව්‍යායාම කිරීමය. නැතිනම් බොහෝ වේලා ව්‍යායාම කිරීමය. නමුත් වැඩි ප්‍රතිරෝධයක් යටතේ බොහෝවේලා ව්‍යායාම කිරීම සෞඛ්‍යදායක නැත. High intensity strength training යටතේ කරන්නේ ඒ ඒ ව්‍යායාම අංගයන්ගේ ප්‍රතිරෝධය වැඩි කරවීමයි. එමගින් ව්‍යායාමය කාල පරතරයට වඩා ව්‍යායාමයේ තීව්රතාව අවධාරණය කරයි.
ක්‍රමවේදයන් 3ක් යටතේ High intensity strength training සිදු වේ.
මින් පළමුවැන්න වනුයේ breakdown training යන්නයි. මෙහිදී සිදුවනුයේ සාමාන්‍යයෙන් අප ව්‍යායාමයන් සදහා යොදාගන්නා ප්‍රතිරෝධය යටතේ වාර 8-12 සම්පූර්ණ කළ පසු නැවත ප්‍රතිරෝධය 10%-20% පමණ ප්‍රමාණයක් අඩුකර නැවත වාර 3-4 පමණ සම්පූර්ණ කිරීමයි. මෙමගින් පේශී වර්ධනය දෙවැනි වතාවටත් උත්තේජනය වේ. තවද මෙහිදී අප ප්‍රතිරෝධය අඩු කරන නිසා මෙය ආරක්ෂිත ක්‍රමයක්ද වේ.
දෙවැනි ක්‍රමය assisted training යනුවෙන් හැදින්වේ.
මෙහිදීද සාමාන්‍යයෙන් අප ව්‍යායාමයට යොදාගන්නා ප්‍රතිරෝධයෙන් පේශී උත්තේජක අවස්ථාව තෙක් ව්‍යායාම කළ පසු එම ප්‍රතිරෝධයෙන්ම අමතර වාර 3-4 පමණ සම්පූර්ණ කරනු ලැබේ. මෙහිදී සහයකුයෙකු විසින් ඉසිලීමේ ඉදියරේ සහය වන අතර පහත හෙලීමේ අදියර
ස්වාධීනව කළ යුතුය.(පහත හෙලීමේ අදියරේ දී පේශීන් 40% වැඩිපුර ශක්තිමත්ය.)
pre-exhaustion training යනු තෙවැනි ක්‍රමයයි. මෙහිදී යම් ඉලක්ක පේශියකට මුලින්ම කවාකාර චලනය සහිත ව්‍යායාමයක් සිදුකරයි. පසුව වාර 8-12 කින් එය අවසන් වූ
විගස එම ඉලක්ක පේශීයම කේන්ද්‍ර කොට රේඛීය ව්‍යායාමක් සිදුකිරීම කරනු ලැබේ.(වාර 5ක් පමණ)
මෙහිදී කවාකාර චලනයෙන් රේඛීය චලනයට මාරුවීමෙන් සිදුවන්නේ අප විසින් මුලින් යම් වෙහෙස කිරීමට ලක්කළ පේශීය හා ඒ හා බැදුණු සහායක පේශීන්ගේ වර්ධනය තව තවත් උත්තේජනය කරවීමයි.
ඒ ඒ පේශීන් හට pre-exhaustion training යටතේ යොදාගත හැකි ව්‍යායාම වර්ගයන්