Boeing_777 ERMH370

signshop

Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    MH370-and-most-mysterious-plane-disappearance.html


    Preview.jpg



    ලෝකයේ ආරක්ෂිතම ගුවන්යානා වන්නේ Boeing 777, Airbus A320 හා Embraer 170/190 ගුවන්යානා තුනයි.

    ඒවා අතරින් වැඩිම ආරක්ෂිත ගුවන් යානය වන්නේ මේ වනවිට ගුවන්යානා ගමන්වාර මිලියන 5.5කට අධික ගණනක් සිදුකර තිබෙන බෝයිං 777 ගුවන්යානයයි.

    මලයාසියානු ගුවන් සමාගමට අයත් අතුරුදහන් වූ MH370 ගුවන් යානයද එම ගුවන්යානා වර්ගයට අයිති එකකි.

    අතුරුදහන් වූ යානයේ බවට සැක කළ තෙල් පැල්ලම පරීක්ෂා කළ පසු හඳුනාගන ඇත්තේ එම තෙල් ගුවන්යානා ඉන්ධන නොවන බවත්, නෞකාවකින් මුහුදට එක්වූ තෙල් බවත්ය.

    යානයේ කොටසක් බවට සැක කෙරෙන මුහුදේ පාවෙමින් තිබූ කොටසද යානයේ කොටසක් නොවන බවට මලයාසියානු ගුවන් සේවය හඳුනාගන තිබේ.

    ගුවන් යානයක් අහසේ පියාසර කරද්දී එය තිබෙන ස්ථානය GPS හරහා සෑම තත්පරයකදීම පාලන මැදිරිය වෙත ලබාදෙයි. නමුත් මෙම යානය අතුරුදහන් වන මොහොතේ එම උපකරණය ක්ෂණිකවම ක්‍රියාවිරහිතවී තිබේ. එනම් ගුවන්යානයේ සියළුම විද්‍යුත් පරිපථ වල විදුලි සබඳතා ක්ෂණිකවම බිඳ වැටී තිබේ.


    යානයේ විදුලි සබඳතා බිඳී ගියද එහි කලු පෙට්ටිය තිබෙන ස්ථානය පිළිබඳ මුහුදු පතුලේ සිට වුවද දින 30ක කාලයක් දත්ත ලබාදීමට එහි බැටරිය සමත්ය.

    නමුත් මැලේසියාවේ අතුරුදහන් වූ යානයේ කලු පෙට්ටිය ද සොයාගැනීමට හැකිවී නොමැත.

    ගුවන් යානය පිළිබඳ විවිධ මත පලවෙද්දී යානය යම් ප්‍රහාරයකට ලක්වූවා ද යන්න පිළිබඳව සෙවීම සඳහා අමෙරිකාව සහ යුරෝපා සංගමය අවධානය යොමු කර තිබේ.

    වියට්නාම වෙරළේ සිට නාවික සැතපුම් 120ක දුරකදී ගොඩබිම සිට ප්‍රහාරයක් එල්ලවූවායැයි සිතීම අපහසුය. එසේ නම් ප්‍රහාරයක් එල්ල කළේ කවුරුන්ද යන්න ගැටළුවකි.

    මීට පෙරද මේ ආකාරයේම හෝඩුවාවක් වත් සොයාගත නොහැකි වන සේ ගුවන්යානා අතුරුදහන්වීම් වාර්තා වී තිබෙන අතර ඒවායින් සමහරක් අතුරුදහන් වී තිබුණේ බර්මියුඩා ත්‍රිකෝණයේදීය. එලෙස අතුරුදහන් වූ ලෝකයේ වඩාත්ම අභිරහස් ගුවන්යානා අතුරුදහන්වීමේ පිළිබඳ විස්තරයක් මෙතනින්.

    http://www.mirror.co.uk/news/world-news/missing-malaysia-airlines-flight-worlds-3220716

    ඇතැම් යානා වල අතුරුදහන්වීම් වලට පිටසක්වල යානා සම්බන්ධ බවටද එහි සඳහන්ය.

    පසුගිය ජූනි මාසයේ Air China ගුවන් සේවාවට අයත් බෝයිං 777 ගුවන් යානයක් අඩි 26,000ක් ඉහල අහසේදී යම් කිසි හඳුනා නොගත් පියාසර වස්තුවක් සමඟ ගැටී තිබුණු බව UFO Srilanka ෆේස්බුක් පිටුව හරහා අප ඔබව දැන්වත් කරන ලදි. එම ලිපියට මෙතනින්.

    https://www.facebook.com/UFOSriLanka/photos/pb.459961510706896.-2207520000.1394524733./535350713167975/

    එම ගැටීම නිසා ගුවන් යානයේ ඉදිරිපස කොටස එබී තිබුණු අතර ගැටීම සිදුවන අවස්ථාවේ ගුවන්යානය යම් ගැස්සීමකට ලක්වී තිබෙන බව වාර්තා වුණි. අනතුරුව ගුවන් නියමුවා විසින් ඒ බව පාලක මධ්‍යස්ථානයට දන්වා ගුවන් යානය හදිසියේ ගොඩබස්වා තිබුණි. එම වස්තුවන් ගැටී තිබෙන ස්ථානයේ ලේ පැල්ලම් දක්නට නොමැති නිසා එය කුරුල්ලෙකුගේ ගැටීමක් නොවන බවයි බලධාරීන් පැවසුවේ



    UFO+touch+plane.JPG


    ගුවන් යානයක එන්ජින් දෙකම එක්වර අක්‍රියවීමේ සම්භාවිතාව අඩුය. එසේ වුවද යානයට ඉහළ අහසේදී ලබාගෙන තිබෙන වේගයත්, තටු වල හැඩයත් සමඟ විනාඩි 20ක් පියාසර කල හැකිය. නමුත් ඒ බව පාලක මධ්‍යස්ථානය වෙත දැන්වීමට හොඳටම කල් තිබේ. නමුත් මැලීඅසියානු ගුවන් යානය විනාශ වී ඇත්තේ ක්ෂණිකවයි.

    ගුවන් යානයකට හෝ ඕනෑම වාහනයකට එල්ල වන අධික විද්‍යුත් චුම්භක ක්ෂේත්යක් නිසා එම වාහන හෝ යානා වල එන්ජින් එක නවතී. දුම්රියක් එන විට රේල් පාර හරහා යාමට උත්සාහ කරන වාහන රේල්පාරේ නවතින්නේ දුම්රියේ විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රයට හසුවීම නිසාය.

    හඳුනා නොගත් පියාසර වස්තූ වලින් එල්ල වන ආලෝකයන් නිසා කඩා වැටුණු ගුවන්යානා පිළිබඳව මීට පෙර වාර්තා වී තිබේ. එවැනි සිද්ධීන් පිළිබඳව පර්යේෂණ පවත්වන කණ්ඩායම් විසින් එවැනි සිදුවීමක් ප්‍රායෝගිකව අත්හදා බලන අවස්තාවක් පහතින්.



    එහි සම්පූර්ණ වීඩියෝවම පහතින්.



    Gediya pitinmka 33000 issuwe
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ගුවන් යානයක් අහසේ පියාසර කරද්දී එය තිබෙන ස්ථානය GPS හරහා සෑම තත්පරයකදීම පාලන මැදිරිය වෙත ලබාදෙයි. නමුත් මෙම යානය අතුරුදහන් වන මොහොතේ එම උපකරණය ක්ෂණිකවම ක්‍රියාවිරහිතවී තිබේ. එනම් ගුවන්යානයේ සියළුම විද්‍යුත් පරිපථ වල විදුලි සබඳතා ක්ෂණිකවම බිඳ වැටී තිබේ.
    One correction

    It's not GPS.
    There's an item called transponder on flights. It's transmitting these details and anyone with a ADS-B receiver can receive these details.

    now this is how air traffic controllers identify the location of a flight even though it's still called Radar. Same as flight tracking websites track this information to display on web sites.

    It addition to this there are normal radar receivers, mostly used in military and internal flight controls,