එක එක බස් කම්පැනි එක එක බුකින් චැනල් පාවිච්චි කරනවා.
හොදම දේ තමයි යන්න ඉන්න රූට් එකේ යන්න ඉන්න වෙලාවට තියෙන බස් මොනවද කියලා FB එකෙන් හොයන්න,
ඒ එන පෝස්ට් වල බස් වල නම්බර් තියෙනවා,
ඒවාට කතා කරලා ඩිරෙක්ට් බුකින් එක දාගන්න.
මට ලගදි උන වැඩක් කියන්නම්.
එක දවසින් කොලබ ඉදන් කතරගම ගිහින් ආයේ කොලබ එන්න ඕන උනා,
ඔය කිව්ව විදිහට මට ඕන වෙලාවට කොටුවෙන් තියෙන බස් එකේ නම්බර් එක හොයලා ඩිරෙක්ට් බුකින් එක දැම්මා (කලින් සල්ලි ගෙවන්න කිව්වේ නෑ.. නමයි ෆෝන් නම්බර් එකයි අහලා ටික වෙලාවකින් ආයේ කතා කරලා සීට් නම්බර් එක කිව්වා)
උදේ යනකොට ඒ සීට් එක තිබුනා.
කොහොමින් හෝ කතරගම ගියා.
ආයේ එන්න කතරගමින් සීට් එකක් ඔන්ලයින් බුක් කරන්න ගිහින් ආයේ නිකන් හිටියා එන වෙලාව හරියට ෂුවර් නැති නිසා.
කොහොම හරි ටයිම් ටේබල් බලලා 3.30 ට කතරගමින් අදින AC එකට සෙට් වෙන්න හෝල්ට් එකට ආවා 2.30 ට විතර, තව කීප දෙනෙකුත් කිව් එකේ හිටියා.
මම නිකමට ගිහින් ටයිම් කිපර්ගෙන් ඇහුවා 3.30 ට යන්න එන්නේ අහවල් බස් එක නේද කියලා,
මූ කියපි ඒක කලින් ලෝඩ් වෙලා 2.00 ට විතර යැව්වා, ඊට පස්සේ තියෙන බස් ටිකත් කලින් යැව්වා, ආයේ තියෙන්නේ රෑ 11.30 කියලා
කලින් පේ කරලා 3.30 බස් එකට ආවා නම් කොහොමද ආතල් එක

ඊට පස්සේ 32 සෙමි ලක්ෂරි එකක පැය 7 කින් කොලබ ආවා


