boys mata prashna tikak thiynwa

Rhapscallion

Well-known member
  • Aug 23, 2025
    1,162
    636
    113
    Siri Baijan
    මන් හිතන්නෙ සෝම හාමුදුරුවො කියන්නෙ ක්ලැසික් ජාතිවාදියෙක්. යමෙක්ට වාර්ගිකත්වය එක්ක බැඳුන සමාජ ප්‍රශ්න ගැන වගකීම් සහගතව කතා කරන්න බැරි නම් එයා ජාතිවාදියෙක් විදිහට අඳුනගන්න තමයි වෙන්නෙ. සෝම කියපු කතා එයාගෙ, වාග් විලාශය අවධානයෙන් බලන්න ඒ වගකීම් සහගත බව එයාට නෑ, සෑහෙන්න විනාශකාරියි.

    සෝම ගෙ පේන්න තියෙන්නෙ රෙකෝඩ් කරපු කතා ටිකනෙ. එයා ඒ කාලෙ ගෙවල් වල පන්සල් වලට හිහින් කියපු කතා මොන තරම් අප්‍රසන්නද කියල දන්නෝ දනිති (මම පෞද්ගලිකව අහල තියෙනව එයා අපේ ගෙවල් ලඟ පන්සලේ ධර්ම දෙශනා වලට ඇවිත් කිව්ව දේවල්, ඒ කාලෙ පොඩි ළමයෙක් නමුත් මට පස්සෙ තේරුනා ඒවගෙ රඟේ). එයා එලිපිට කිව්ව දේවල් ටිකම ඇති කැන්සල් වෙන්න හරි හමන් සමාජයක නම්.

    සහ පූජ්‍ය පක්ෂය දේශපාලනෙට, ගිහි අවකාශ වලට ඇවිත් ගම කන ප්‍රවණතාවය පටන් ගන්නත් හේතුවක් උනා.

    සහ කිසිම වැදගැම්මකට නැති ක්‍රින්ජ් සම්ඵප්ප්‍රලාප සහ සංරක්ෂණවාදී මැසිවිලි වලින් පිරුන බන දේශනා මාදිලියක් වෙන කාලීන ධර්ම දේශනා රැල්ල පටන් ගන්නත් හේතුවක්. ඔය කොටුවෙ පොඩ්ඩා දක්වා ඒ ලීනියෙජ් එකේ එනවා.
    ඔව් ආයෙ එකෙක් රුසියාවට යවලා මරමු. නියම කාලේ