braking news-අය වැය

MaxFunMan

Active member
  • Dec 10, 2014
    724
    247
    43
    යහපත් හෙටක් නිර්මාණය කිරීම සඳහා දින 100 වැඩසටහන යටතේ ඉදිරිපත් කරන ලද නව රජයේ අතුරු අයවැයෙන් ජනතාවට සහන රැසක් ලබා දීම පිළිබඳව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ දී දැනුම් දෙන ලදී.
    ආර්ථිකය විනාශ කළ පවුල් පාලනයෙන් රට මුදා ගත් අතර නාස්තිකාර දූෂිතයන්ට දඩුවම් දීමේ ක්‍රමවේදයක් ද හඳුන්වා දෙන බවත් එහි දී රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේය.
    ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව වැඩි කිරීමට දායකවන ප්‍රතිලාභ ලෙස රාජ්‍ය වැටුප් රුපියල් 10,000කින් වැඩි කරන බවත් එයින් රුපියල් 5,000ක් පෙබරවාරි මාසයේ සිට රාජ්‍ය නිලධාරීන්ගේ වැටුපට එකතු කර ලබා දීමට කටයුතු කරන බවත් ඒ මහතා දැනුම් දුන්නේය.
    ඉතිරි රුපියල් 5,000 ජූලි මාසයේ දී ලබා දීමට සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. 2014 රාජ්‍ය සේවක වැටුපට සාපේක්ෂව මෙය 2015 දී 47% වැටුප් වැඩි කිරීමකි.
    මෙය ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයට ලබා දෙන ලද විශාල වැටුප් වැඩිවීමකි. GSP+ පහසුකම් යළිලබා ගැනීමට කටයුතු කරන අතර මෙය අහිමි වීමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 5000ක පාඩුවක් රටට සිදු විය.
    විශ්‍රාමික රජයේ සේවකයන්ට 2015 අප්‍රේල් සිට විශ්‍රාමික වැටුප් රුපියල් 1000කින් වැඩි කරීමට කටයුතු කෙරේ.
    සමෘද්ධි දීමනාව 2015 අප්‍රේල් සිට රුපියල් 200කින් වැඩි කරනු ලැබේ.
    ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ තැන්පත් පොළිය මිලියනයක් දක්වා වැඩිකර එම තැන්පතු සඳහා 15%ක පොළීයක් ලබා දීමට සැලසුම් කර ඇත.
    ඉලෙක්ට්‍රොනික් පත්‍ර හරහා මවුවරුන්ට ප්‍රතිලාභ ලබා දෙන අතර උපදින දරුවන් වෙනුවෙන් රුපියල් 20,000ක දීමනාවක් වහාම මව්වරුන්ට ලබා දීමට කටයුතු කෙරේ.
    ගොවි ණය සහන වශයෙන් වාණිජ ණය උපරිම ලක්ෂය (10,0000) දක්වා ණය පොළිය 50%ක් කපා හරනු ඇත.
    බෝග වර්ග හා වී සඳහා වන සහතික මිල ගණන් මෙසේය. ඒ අනුව : වී – රුපියල් 50 ; අර්ථාපල් – රුපියල් 80 ; තේ දළු – රුපියල් 80 ; රබර් – රුපියල් 350 ලෙස සහතික මිල සටහන් වේ.
    මෙතෙක් පවත්වාගෙන ආ පොහොර සහනාධාරය තවදුරටත් ලබා දෙනු ලැබේ.
    කිරි ලීටරයේ සහතික මිල රුපියල් 60 සිට රුපියල් 70 දක්වා ජූලි සිට වැඩි කරනු ලැබේ.
    විමධ්‍යගත අරමුදලින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙන විමධ්‍යගත අරමුදල් ප්‍රමාණය වැඩි කර න අතර එය මිලියන 5 සිට මිලියන 10 දක්වා වැඩි කරනු ලැබේ.
    දූෂිත දැයට කිරුළ ට නියම වූ කෝටි 3400ක මුදල නැවැත්වීමට කටයුතු කර ඇත.
    රෝහල්වල බාහිර රෝගී අංශ පැය 24 පුරා විවෘතව තැබේ.
    වකුගඩු රෝගීන්ගේ දීමනාව තවදුරටත් දිගටම ගෙවනු ලැබේ.
    අධ්‍යාපන වියදම දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 6 දක්වා වැඩි කෙරේ.
    ජීවන වියදම් අඩු කිරීමේ යෝජනා පහත පරිදි වේ.
    මේ වනවිටත් ඉන්ධන මිල අඩු කර තිබේ.
    භූමි තෙල් ලීටරයක මිල පෙර අඩු කරන මිලෙන් තවත් රුපියල් 6ක් (රුපියල් 59ක් දක්වා) අඩු කෙරේ.
    ඉන්ධන සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දෙනු ලැබේ.
    භාණ්ඩ වර්ග 13ක මිල අඩු කෙරේ. ඒ අනුව:
    සීනි කිලෝ ග්‍රෑම් 1ක බද්ධ වන සියයට 28, සියයට 10ක් දක්වා අඩු කරනු ලැබේ.
    ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක උපරිම සිල්ලර මිල රුපියල් 325 දක්වා අඩු කෙරේ.
    තිරිඟු පිටි කිලෝ ග්‍රෑම් 1ක මිල රුපියල් 12.50කින් අඩු කෙරේ.
    පාන් ගෙඩියක මිල ද ඒ අනුව රුපියල් 6කින් අඩු කෙරේ.
    මුං ඇට බද්ධ සියයට 40 සිට සියයට 10 දක්වා අඩු කෙරේ.
    හාල් මැස්සන් කිලෝ ග්‍රෑම්1ක මිල රුපියල් 15කින් අඩු කෙරේ.
    ටින් කරන ලද මාළු මිල රුපියල් 52කින් අඩු කෙරේ.
    කොත්තමල්ලි කිලෝ ග්‍රෑම්1ක මිල රුපියල් 26කින් අඩු කෙරේ.
    උඳු කිලෝ ග්‍රෑම්1ක මිල රුපියල් 60 දක්වා අඩු කෙරේ.
    උම්බලකඩ කිලෝ ග්‍රෑම්1ක මිල රුපියල් 200කින් අඩු කෙරේ.
    කහ කිලෝ ග්‍රෑම්1ක මිල රුපියල් 202 සිට රුපියල් 102 දක්වා අඩු කෙරේ.
    මිරිස් කුඩු කිලෝ ග්‍රෑම්1ක මිල රුපියල් 25කන් අඩු කෙරේ.
    තවද උකස් භාණ්ඩවල ලක්ෂ 2ක අඩු භාණ්ඩ සඳහා පොලිය කපාහරිනු ලැබේ.
    ගෘහස්ථ එල්. පී. ගෑස් මිල රුපියල් 1596 දක්වා රුපියල් 300කින් අඩු කෙරේ.
    විගමන බදු සියයට 20කින් වැඩි කෙරේ.
    සුපිරි වාසි බද්ධ යෝජනා කෙරේ. ඒ අනුව මිලියන 2000ට වැඩි ලාභ උපදවන පුද්ගලික ආයතනවලින් එක්වරක් පමණක් සියයට 25ක නව බද්ධක් අය කෙරේ.
    උපයන විට ගෙවීමේ බද්ධ තවදුරටත් සහන ලබා දේ.
    දුෂ්කර ප්‍රදේශ සඳහා ආදායම් බදු සහන ලබා දේ.
    සිමෙන්ති සඳහා තීරු බදු සියයට 7.5කින් අඩු කෙරේ. ඒ අනුව සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 90කින් අඩු වේ.
    යතුරු පැදි ත්‍රී රෝද දේශීයව නිෂ්පාදනය කිරීම දිරිමත් කෙරේ.
    විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්තුව රුපියල් 5000 සිට රුපියල් 1000 දක්වා අඩු කෙරේ.
    වාහන ආදායම් බදු සහන මෙසේය. CC 1000 ට අඩු බදු සියයට 15කින් අඩු කෙරේ. CC 1000 හයිබ්‍රිඩ් (දෙමහුන්) වාහන බද්ධ ගණනය කිරීම සඳහා ක්ෂය වීමේ වගුව සංශෝධනය කෙරේ.
    බදු ක්‍රමය සරල කෙරේ.
    ක්‍රීඩා සඳහා වෙන්වූ රූපවාහිනී නාලිකා සඳහා රුපියල් මිලියන 1000 ක එක්වරක් පමණක් ගෙවිය යුතු බද්ධ නියම කෙරේ.
    ජංගම දුරකතන රීලෝඩ් සඳහා සියයට 25ක බද්ධ කපා හරියි.
    ආබාධිත රණවිරුවන් සඳහා රුපියල් ලක්ෂ පහක උපරිමයට යටත්ව විශේෂ ණය ලබා දේ.
    SCI, SEB, ජල සම්පාදන මණ්ඩලය යන ආයතන සඳහා බඳවා ගත් අවුරුදු 7ට වඩා සේවය කළ සේවකයන් එම ආයතනවලට බඳවා ගනු ලැබේ.
    මහපොල සහනාධාර රුපියල් 5000 දක්වා වැඩි කෙරේ.
    පෙරපාසල් ගුරුවරියන්ට රුපියල් 250ක මාසික දීමනාක් ලබා දේ.
    ස්වයං රැකියාලාභීන්ට විශ්‍රාම දීමනාවක් හදුන්වා දී ඇත.
    ශ්‍රීලංකන් හා මිහින් ලංකා ගුවන් සමාගම් දෙක පාඩු ලැබීමට විසදුමක් ලෙස එම ආයතන දෙක ඒකාබද්ධ කෙරේ.
    සියලු පුරවැසියන්ගේ නමින් බැංකු ගිණුම් ආරම්භ කිරීමට සැලසුම් කෙරේ.
    විගමන සේවකයින්ට විදේශ සේවා ආයතනයේ ලියාපදිංචි ගාස්තුව රුපියල් 5000 දක්වා අඩු කෙරේ.
    ජ්‍යේෂ්ඨ පුරවැසි පහසුකම් ගාස්තු සියයට 50 දක්වා අඩු කෙරේ.
    ධීවර ප්‍රජාව වෙනුවෙන් නව ක්‍රමයක් හා රුපියල් මිලියනයක ජීවිත රක්ෂණයක් ලබා දේ.
    අනේවාසික (NRFC) ගිණුම් පොළිය සියයට 5කින් වැඩි කෙරේ.
    ණය පත්‍ර සඳහා වන ණය පොළිය සීමා කෙරේ.
    ඖෂධ නිෂ්පාදනයන් මෙහි ආයෝජනය කිරීම සඳහා දිරිමත් කෙරේ.
     
    Last edited:

    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    සීනි මිල රුපියල් 10කින්, කිරිපිටි ග‍්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 61කින්, තිරිගු පිටි කිලෝවක් රුපියල් 12.50කින් අඩු කිරීමට රජය යෝජනා කරයි.
     

    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් අඩු කිරීමට රජය යෝජනා කරයි.
     

    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    ගෑස් මිල -12.5kg සිලින්ඩරය රුපියල්1596 දක්වා 300න් අඩු කෙරේ

    සීනි කිලෝවක් මත බද්ද රුපියල් 10 කින් අඩු කෙරේ
    කිරි පිටි - උපරිම සිල්ලර මිල රුපියල් 325
    සස්ටජන් කිරිපිටි රුපියල් 100කින් අඩුවෙයි
    පාන්පිටි කිලෝවක් 12.50 කින් අඩුවේ. එයට සමගාමිවීව පාන් මිලද අඩු වනු ඇත
    මුංඇට රුපියල් 30කින් අඩුවෙයි.
    හාල්මැස්සන් කිලෝව රුපියල් 15කින් බසී
    ටින්මාළු බද්ද කිලෝවකින් 52 ක් අඩු කෙරේ . ඒ අනුව නව මිල රුපියල් 60 කින්අඩුවනු ඇත.
    කොත්තමල්ලි කිලෝව රුපියල් 26 කින් අඩුවනු ඇත
    උඳු කිලෝව 60 කින් පහලට
    මිරිස් කිලෝව රුපියල් 25 කින් පහලට
     

    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    එන්ජින් ධාරිතාව 1000 ට වඩා අඩු වාහන සඳහා වූ ආනයන බද්ද 15%කින් අඩ කිරීමට රජය තීරණය කරයි.
     

    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    විවාහ ලියාපදිංචි කිරීම සඳහා අය කරන ගාස්තුව රුපියල් 1000 දක්වා පහත
     

    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    කැසිනෝ ව්‍යාපාරිකයන්ට එක්වරක් පමණක් ගන්නා රුපියල් සිය කෝටියක බද්දක් අය කෙරේ. මත්පැන් හා තෑබෑරුම් වෙනුවෙන් රුපියල් දෙලක්ෂ පනස් දහසක එක් වරක් පමණා ගන්නා බද්දක් අය කෙරේ
     

    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    සුරාසල් හිමියන්ගෙන් එක් වරක් ගෙවිය යුතු 250,000 ක බද්දක්
    විවාහ ලියාපදිංචි ගාස්තුව රුපියල් 5000 සිට 1000 දක්වා අඩු කෙරේ
    තැබෑරුම් සහ මත්පැන් අළෙවි සල් වලට රුපියල් 205000 බද්දක්
    මත්පැන් බලපත්‍ර ගාස්තු 100% ඉහළට
    කැසිනෝ හිමියන්ගෙන් රුපියල් මිලියන 1000 විශේෂ බද්දක්
    ජංගමදුරකතන සමාගම් සඳහා එක්වරක් පමණක් රුපියල් මිලියන 250ක බද්දක්
    සැටලයිට් රූපවාහිනී හිමිකරුවන් සඳහා මිලියන 1000 ක බද්දක්
    ක්‍රීඩාසඳහා පමණක් වෙන්වූ නාලිකා වලින් රුපියල් මිලියන 1000 බද්දක්
    අබලන් වාහන විකිණීමෙන් රුපියල් මිලියන 1000 ක ආදායමක්

    වාහන ආනයන කරුවන්ගෙන් මිලියන1.5ක වාර්ෂික බද්ධක්
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,902
    1,566
    113
    සුරාසල් හිමියන්ගෙන් එක් වරක් ගෙවිය යුතු 250,000 ක බද්දක්
    විවාහ ලියාපදිංචි ගාස්තුව රුපියල් 5000 සිට 1000 දක්වා අඩු කෙරේ
    තැබෑරුම් සහ මත්පැන් අළෙවි සල් වලට රුපියල් 205000 බද්දක්
    මත්පැන් බලපත්‍ර ගාස්තු 100% ඉහළට
    කැසිනෝ හිමියන්ගෙන් රුපියල් මිලියන 1000 විශේෂ බද්දක්
    ජංගමදුරකතන සමාගම් සඳහා එක්වරක් පමණක් රුපියල් මිලියන 250ක බද්දක්
    සැටලයිට් රූපවාහිනී හිමිකරුවන් සඳහා මිලියන 1000 ක බද්දක්
    ක්‍රීඩාසඳහා පමණක් වෙන්වූ නාලිකා වලින් රුපියල් මිලියන 1000 බද්දක්
    අබලන් වාහන විකිණීමෙන් රුපියල් මිලියන 1000 ක ආදායමක්

    වාහන ආනයන කරුවන්ගෙන් මිලියන1.5ක වාර්ෂික බද්ධක්

    ක්‍රීඩා[/FONT]සඳහා පමණක් වෙන්වූ නාලිකා වලින් රුපියල් මිලියන 1000 බද්දක්

    CSN target karala karapu wedak wage..

    කැසිනෝ හිමියන්ගෙන් රුපියල් මිලියන
    1000 විශේෂ බද්දක්[/SIZE]

    ethakota casino thahanam nedda..?