Braking News ලපයා පක්ෂෙන් ඉවතට

2osama

Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    අනුර දිසානායක ජවිපෙ නායකත්වයෙන් ඉවතට…

    in-this-photograph-taken-on-february-24-2014-sri-lankas-main-marxist-party-leader-anura-kumara.jpg


    ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා එම නායකත්වයෙන් ඉවත් වීමට නියමිතව ඇති බව නෙත් ගුවන් විදුලි වාර්තා කළේය.

    ජනතා විමුක්ති පෙරමුණේ නව නායකත්වයට බිමල් රත්නායක මහතා පත්වනු ඇති බවත් අනුර කුමාර දිසානායක මහතා තවදුරටත් ජාතික ජන බලවේගයේ නායකත්වය දරනු ඇතැයි ද එම වාර්තාව කියා සිටියේය.

    මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා එම ධුරයෙන් ඉවත් ව එම තනතුරු සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පත් කෙරුණේ ඇති බවත් ඒ ඉදිරි වසර දෙකකින් පමණ පසුව බවත් එම වාර්තාව තවදුරටත් කියා සිටියේය.

    අනුර කුමාර දිසානායක මහතාද නායකත්වයෙන් ඉවත් වනු ඇත්තේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව බවද එම වාර්තාව තවදුරටත් පැවසීය.
     

    Similar threads