BREAKING: හිටපු ජනාධිපති සිරිසේන අත් අඩංගුවට
(ලංකා ඊ නිව්ස් -2019.දෙසැ.24, ප.ව.6.20) තොරතුරු ලැබී තිබියදීත් පාස්කු බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අත් අඩංගුවට ගැනීමට සූදානම් වන බව ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.
මෙහි මූලික පියවරක් වශයෙන් රාජකාරි වගකීමෙන් බැහැර වෙමින්, සාපරාධී මනුෂ්‍ය ඝාතන 250 ක් සිදුකිරීමට ඉඩ දීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබාදෙන්නැයි මෛත්‍රීපාල සිරිසේනට සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහට පසුගිය 23 දා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ නොතීසි නිකුත් කෙළේය.
තමා අත් අඩංගුවට ගැනීමට යන බව ඉව වැටී ඇති සිරිසේන පසුගියදා අරලිය ගහ මැදුරට ගොස් අගමැති මහින්ද රාජපක්ෂ හමුවී ඒ ගැන සාකච්ඡා කර තිබිණ.
පාස්කු බෝම්බ ප්‍රහාර ගැන ඉන්දියාව අප්‍රේල් 4,10,16,20 සහ 21 යන දින පහේදීම ලංකාවේ රාජ්‍ය බුද්ධි සේවයේ එවක ප්‍රධානියා වූ නිලන්ත ජයවර්ධනට දැනුම් දී තිබිණ. රාජ්‍ය බුද්ධි ප්‍රධානියා ඍජුව වගකියන්නේ ජනාධිපතිට ය. නිලන්ත ජයවර්ධන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ තමා ජනාධිපති සිරිසේනට මේ වග දැනුම් දුන් බව නොකී නමුත් දැන් ඔහු තමා ජනාධිපති සිරිසේනට දැනුම් දුන්නා යයි කියයි.
කෙසේ වෙතත් බෝම්බ ප්‍රහාරය ගැන කල් තියා දැන සිටි සිරිසේන සිංගප්පූරුවට වී බෝම්බ පුපුරන තුරු බලා සිටියේ ය. ඔහු පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයෙන් පවා තහවුරු වන්නේ බෝම්බ ප්‍රහාරයට පෙර ඔහු ඒ ගැන දැන සිටි බවයි.
අගමැතිවරයා හෝ තම නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිවරයා හෝ පොලිස්පතිවරයා හෝ ආරක්ෂක කවුන්සිලයට නොකැඳවූ සිරිසේන ඒ වෙනුවට තිලංග සුමතිපාල, මහින්ද අමරවීර වැනි විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහභාගී කරවාගෙන තිබිණ.
සහරාන් අත් අඩංගුවට ගැනීමට අධිකරණ නියෝගයක් පවා ලබාගෙන සිටි ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ ප්‍රධානී නාලක සිල්වාට ඒ කාරිය කිරීමට පෙර සිරිසේන විසින් නාලක සිල්වා තමාව මරන්න කුමන්ත්‍රණය කළා යැයි ව්‍යාජ චෝදනා නගා ඔහු අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් කෙරෙව්වේ ය.