BREAKING: IMF ශ්‍රි ලංකාවට ණය දීමට එකග වෙයි.👍

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    mahindananda-aluthgamage-1.jpg


    ජාත්‍යන්තර අරමුදලින් ශ්‍රි ලංකාවට ණය මුදල් ලබාදිමට එකග වි ඇති බව මහනුවර දිස්ත්‍රික් පා.ම සහ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

    මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ බැව් කියා සිටියේ (20) දින පස්වරුවේ උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය ඉගුරුඔය දුම්රිය හරස් මාර්ගය අසන්නයෙන් ඉගුරුඔය ප්‍රදේශයෙන් ගම්මාන හතරකට පිවිසිමට දුම්රිය හරස් මාර්ගයක් ඉදි කර එම මාර්ගය ජනතා අයිතියට පත් කිරිමෙන් අනතුරුව පැවති ජන හමුවකදිය.

    පසුගිය දා නාවලපිටියට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් නාවලපිටිය ඉගුරුඔය පාලම කැඩි යාමත් සමග ඉගුරුඔය ප්‍රදේශයේ ගම්මාන හතරක පදිංචිකරුවන්ට පිවිසිමට මාර්ගයක් නොමැතිකම හේතුවෙන් ඉගුරුඔය දුම්රිය මාර්ගය ආසන්නයෙන් විකල්ප මාර්ගයක් වශයෙන් දුම්රිය හරස් මාර්ගය ඉදි කිරිමට හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පියවර ගෙන තිබුණි.

    මෙම උත්සවයේදි වැඩිදුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා කියා සිටියේ ඉන්දියාව සහ චිනය ශ්‍රි ලංකාවට ණය මුදල් ලබාදිමට එකග වි ඇති බවයි .

    පසුගිය මාස හත තුල රටේ ජනතාව ආර්ථික වශයෙන් ගැටළු රැසකට මුහුණ පා සිටි බවත්, ජාත්‍යන්තර අරමුදලින් ශ්‍රි ලංකාවට ණය ආධාර ලැබිමෙන් පසු රටේ ආර්ථිකය යලි යථා තත්ත්වයට පත් වන බවයි මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ.

    පළාත් පාලන මැතිවරණ සමයේ සුරංගනා කතා කියමින් ජන්දය ලබා ගැනිමට විවිධ පිරිස් පැමිණියද මැතිවරණයෙන් පසු එම පිරිස පොරොන්දු වු කිසිවක් ඉටු නොකරන බවත්, එවැනි පිරිසකට නොරැවටි නාවලපිටිය ප්‍රදේශයට සංවර්ධන කටයුතු සිදු කරමින් පොරොන්දු ඉෂ්ඨ කල පිරිසට පමණක් ජන්දය ලබාදෙන ලෙසයි.

    – රංජිත් රාජපක්ෂ

    https://lankacnews.com/imf-ශ්රි-ලංකාවට-ණය-දීමට-එකග-ව/?utm_source=dlvr.it&utm_medium=twitter
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    දැන් ඉතින් චන්ද තියන්නම උනොත් කොටි ඩයස්පෝරාවෙන් හරි ඉස්මගල් කරන කලුසල්ලිකාරයොන්ගෙන් හරි සල්ලි ටිකක් පම්ප් කරල IMF දුන්න කියල කියන්න ඕන බොරුවට - Mahindananda
     

    Sen-lu

    Well-known member
  • කලුවට බොරු නොකිය ඉන්න කියපං උට්ටො. නොවැම්බර් වලට පස්සෙ ආයෙ IMF මීටින් එකක් තියෙන්නෙ පෙබරවාරි වල. නොවැම්බර් එකේදි නම් ඔහොම එකක් කීවෙ නෑ. උඹ වගේ අඩුකුලේ පොන්නයෝ රවට්ටන්න හොඳයි ඔය පච
     

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    රටට කොහොම හෙන ගැහුවත්, මූ බාරගන්න අමාත්යන්ශෙ කොහොම බන්කොලොත් උනත් නාවලපිටියෙ පාරක් ප්රජශලාවක් හදලා සමිති වලට බඩු බෙදුවම නාවලපිටිය සන්වර්ශනය කරා කියලා උන් මූට චන්දෙ දෙනවා. නාවලපිටියෙ එවුන්ගෙ ලොජික් එක අනුව රට බන්කොලොත් උනත් නාවලපිටිය සංවර්ධිතයි
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,566
    113
    Colombo
    ජන්දයක් ලං වෙද්දි තෙල්,ගෑස් නිධි පිටින් හම්බ වුන රටක් ලංකාව.:lol:
    ඇයි ඒ හම්බුනු තෙල් සහ ගෑස් නිදි ටික හනිකට හාරල අරගෙන නෙවෙයිද තෙල් පෝලිං ගෑස් පෝලිං නැති කරේ 🤔 🤔
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    https://economatta.blogspot.com/2023/01/blog-post_20.html

    ලංකාව ආර්ථික අර්බුදයකට ගියේ කාලයක් තිස්සේ සිදු කළ ප්‍රතිපත්ති වැරදි නිසා. කෙසේ වුවත්, ආසන්න වශයෙන් පසුගිය අප්‍රේල් මාසයේ සිට රටේ ප්‍රතිපත්ති දිශානතිය නිවැරදි පැත්තට හැරවුණා. ඒ ලොකු වන්දියක් ගෙවීමෙන් පසුවයි. ඒ වන විට සිදුව තිබුණු ප්‍රතිපත්ති වැරදි පහසුවෙන් නිවැරදි කළ හැකි වැරදි නෙමෙයි.


    විණිමය අනුපාතය සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වන්නට ඉඩ හරිනු ලැබූ අතර ඉන්පසු අවශ්‍ය මට්ටමේදී එය ස්ථාවර කරනු ලැබුවා. මේ අවශ්‍ය මට්ටම පිළිබඳව මගේ අදහස තරමක් වෙනස් වුනත්, සමස්තයක් ලෙස මේ ක්‍රියාමාර්ගය නිවැරදි ක්‍රියාමාර්ගයක්.

    පොලී අනුපාතික ඉහළ යන්නට ඉඩ හරිමින් මුදල් සැපයුම දැඩි ලෙස පාලනය කෙරුණු අතර එහි ප්‍රතිඵලයක් ලෙස මේ වන විට උද්ධමනය පාලනය වී තිබෙනවා. වසර මැද වන විට උද්ධමනය විශාල ලෙස පහත වැටීමට නියමිතයි. එයට සමාන්තරව පොලී අනුපාතිකද පහළ යනු ඇති.

    ඉහත වෙනස්කම් සිදුවුනේ මහ බැංකුව මුල් වීමෙන්. මහ බැංකුව පැත්තෙන් එම වෙනස්කම් සිදු වෙද්දී රජය පැත්තෙන් දැඩි මූල්‍ය විනයක් පවත්වා ගත යුතු වුනා. රජය විසින්ද අවශ්‍ය නිවැරදි තීරණ ගනිමින් බදු වැඩි කිරීම, වියදම් සීමා කිරීම, පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය වල වියදම් හා ගලපමින් මිල වැඩි කිරීම ඇතුළු බොහෝ දේවල් කළා. මේ හා අදාළව තවත් කළ යුතු දේවල් තිබෙනවා. අනෙකුත් අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ කිරීම වෙනුවෙන්ද රජය පෙනී සිටිනවා.

    ඉහත සියළු දේවල් වල ප්‍රතිඵලයක් ලෙස මේ වන විට රටේ සාපේක්ෂ ආර්ථික ස්ථාවරත්වයක් දැකිය හැකියි. ඒ සමසකට පමණ පෙර පැවති තත්ත්වයට සාපේක්ෂවයි. එහෙත්, මෙය ඉතා පහළ මට්ටමක ස්ථාවරත්වයක්. මේ ස්ථාවරත්වය මෙලෙස පවත්වා ගත හැකිව තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ වී ඇති සාර්ව ආර්ථික වැඩ පිළිවෙළක් යටතේයි. මහ බැංකුව මෙන්ම රජයද කටයුතු කර තිබෙන්නේත්, කටයුතු කරන්නේත් එම වැඩ පිළිවෙළ තුළයි.

    අදාළ සාර්ව ආර්ථික වැඩ පිළිවෙළ දිගටම සාර්ථකව ක්‍රියාත්මක වීම සඳහා ඉතා ඉක්මණින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය හිමි විය යුතුයි. වැඩ පිළිවෙළ හදා තිබුණේම ගෙවුණු වසර අවසන් වෙද්දී එම සහාය ලැබෙනු ඇතැයි යන පදනම මතයි. අපගේ පෞද්ගලික මතය වූයේනම් මෙය අසීරු ඉලක්කයක් බවයි. අප එසේ කීවේ මෙවැනි තත්ත්වයන්ට මුහුණ දුන් අනෙකුත් රටවලට ඒ සඳහා ගත වූ කාලය මත පදනම්වයි.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය නොමැතිව දැනට පවතින සාපේක්ෂ ස්ථාවරත්වය යම් කාලයක් පවත්වා ගත හැකි වුවත් දිගින් දිගටම මේ විදිහට යද්දී ආර්ථිකය සංකෝචනය වීම ඇතුළු හේතු ගණනාවක් නිසා විවිධ අභියෝග වලට මුහුණ දෙන්නට සිදුවීම නොවැලැක්විය හැකියි. එක් ප්‍රධානම අභියෝගයක් වන්නේ බැංකු පද්ධතියේ ස්ථාවරත්වය පවත්වා ගැනීමයි. කෙසේ වුවත්, අවම වශයෙන් වසර මැද දක්වා අමාරුවෙන් හෝ මේ විදිහට ඇදගෙන යන්න බැරිකමක් නැහැ. ඊට පෙර, බොහෝ විට පළමු කාර්තුව තුළම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලැබිය හැකියි.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලැබීම සඳහා ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ එකඟතාවයකට පැමිණිය යුතුයි. කිසිසේත්ම කළ නොහැක්කක් නොවුණත්, මෙය පසුගිය වසර අවසානයේදී සාක්ෂාත් කර ගැනීම ඉතාම අසීරු වූ ඉලක්කයක්. ජනවාරි මාසයේ දෙසතියක් ගත වෙද්දී, ලංකාව මේ ඉලක්කය ආසන්නයටම පැමිණ තිබෙනවා. නගින්න තියෙන්නේ තවත් එක් පඩියක් පමණයි. හැබැයි මේ පඩිය උස පඩියක්. ඒ චීනය එකඟ කර ගැනීම.

    ණය ප්‍රතිව්‍යුගත කිරීමේ කාර්යය තුළ මේ දක්වා පෙන්වා ඇති ප්‍රගතිය පිළිබඳව අදාළ නිලධාරීන්ගේ කාර්ය සාධනය අගය කළ යුතුයි. දැඩි කැපවීමක් නොවන්නට මේ සඳහා මීට වඩා කල් ගත විය හැකිව තිබුණා. කෙසේ වුවත්, මෙම කටයුත්ත තුළ භූ දේශපාලනයේ බලපෑම ඉතා ප්‍රබලයි.

    පසුගිය ජූනි අවසානයේදී පැවති තත්ත්වය අනුව, ශ්‍රී ලංකා රජයේ සෘජු ද්විපාර්ශ්වීය ණය ප්‍රමාණය ඩොලර් මිලියන 9,917ක්. රජය ඇප වී ඇති රාජ්‍ය ව්‍යවසාය වල ද්විපාර්ශ්වීය ණය ප්‍රමාණය ඩොලර් මිලියන 1,278ක්. එකතුව ඩොලර් මිලියන 11,195ක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලැබීම සඳහා මෙම ණය ප්‍රමාණය ප්‍රතිව්‍යුහගත කළ යුතුයි. රජයේ සමස්ත විදේශ ණය ප්‍රමාණය මීට වඩා වැඩි වුවත්, ස්වෛරීත්ව බැඳුම්කර ණය ඇතුළු අනෙකුත් විදේශ ණය හෝ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම අරමුදලේ පළමු ණය වාරිකය ලබා ගැනීම සඳහා කොන්දේසියක් නෙමෙයි.

    ඉහත එකඟතාවය ඇති කර ගත යුතුව තිබෙන්නේ කා සමඟද?

    ලංකාවේ ද්විපාර්ශ්වික ණයහිමියන් අතර රටවල් 23ක් සිටිනවා. මෙම රටවල් අතරින් රටවල් 16ක් පැරිස් සංසදයේ රටවල්. පැරිස් සංසදය තුළ සිටින්නේ සම්ප්‍රදායිකව දිළිඳු රටවල් වලට ණය දුන් සල්ලි තිබෙන රටවල්. ඇමරිකාව, එක්සත් රාජධානිය, ප්‍රංශය, ජර්මනිය, කැනඩාව, ඕස්ට්‍රේලියාව වැනි බටහිර රටවල් මෙන්ම රුසියාව, දකුණු කොරියාව, ජපානය වැනි රටවල්ද පැරිස් සංසදය තුළ සිටිනවා. කෙසේ වුවත්, ලංකාවට විශාල ලෙස ණය දී තිබෙන චීනය, ඉන්දියාව හා මැදපෙරදිග රටවල් පැරිස් සංසදය තුළ නැහැ.

    ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී පැරිස් සංගමයේ භූමිකාව ඉතා ප්‍රබලයි. ඔවුන් මෙහිදී කණ්ඩායමක් ලෙස කටයුතු කරනවා. පැරිස් සංගමයේ රටවල් අතරින් ලංකාවට විශාල ලෙස ණය ලබා දී තිබුණු එකම රට ජපානයයි. ජපානය විසින් ලංකාවට ඩොලර් මිලියන 2,720ක ණය ලබා දී තිබෙනවා. එය සමස්ත ද්විපාර්ශ්වික ණය ප්‍රමාණයෙන් 24.3%ක්. අනෙකුත් රටවල් 15ක් විසින් ලබා දී ඇති ද්විපාර්ශ්වික ණය ප්‍රමාණය ඩොලර් මිලියන 1,953ක්. මුළු එකතුව ඩොලර් මිලියන 4,673ක් හෙවත් සමස්ත ද්විපාර්ශ්වික ණය ප්‍රමාණයෙන් 41.7%ක්.

    පැරිස් සංගමය සමඟ සාකච්ඡා මුලින්ම සාර්ථකව අවසන් වූ බව මාධ්‍ය වාර්තා කර තිබුණා. ඉන්පසුව ඉතිරිව සිටි ප්‍රධාන ණයකරුවන් වූයේ ඉන්දියාව හා චීනයයි. ඩොලර් මිලියන 1,683ක (15.0%ක) ඉන්දියානු ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ඔවුන් මේ වන විට එකඟ වී ඇති අතර ඒ බව මූල්‍ය අරමුදල වෙත නිල වශයෙන්ම දැනුම් දී තිබෙනවා. එහෙත්, චීනයේ එකඟත්වය තවමත් ලැබී නැහැ.

    ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා චීනයේ එකඟත්වය ලැබුණහොත්, තව දුරටත් ඉතිරි වන්නේ සවුදි අරාබිය, කුවේට්, ඉරානය, හංගේරියාව සහ පකිස්ථානය යන රටවල් පහ පමණයි. එම රටවලට ගෙවිය යුතුව තිබෙන්නේ ඩොලර් මිලියන 354ක්, එනම් සමස්ත ද්විපාර්ශ්වික ණය ප්‍රමාණයෙන් 3.1%ක කොටසක් පමණයි. මෙය ප්‍රශ්නයක් වීමට ඉඩක් නැහැ. බොහෝ විට මෙම එකඟතාවයන් මේ වන විටද ලැබී තිබෙනවා විය හැකියි.

    චීනයට ගෙවන්නට තිබෙන ද්විපාර්ශ්වික ණය ප්‍රමාණය ඩොලර් මිලියන 4,483ක්. එය ලංකාවේ සමස්ත ද්විපාර්ශ්වික ණය ප්‍රමාණයෙන් 40.1%ක් තරම් වන ලොකු කොටසක්. ඒ නිසා, චීනයේ එකඟත්වය නැතිව ලංකාවට මින් ඉදිරියට සිය සැලසුම්ගත සාර්ව ආර්ථික වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යා නොහැකියි. මේ වන විට වැඩ පිළිවෙළෙහි ප්‍රගතිය රැඳී තිබෙන්නේ තනිකරම චීනය අතේ.

    චීනය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ වෙන එකක් නැද්ද?

    මගේ අදහසනම් අනිවාර්යයෙන්ම එකඟ වෙනවා කියන එකයි. මම එහෙම කියන්නේ හේතු කිහිපයක් මත.

    පළමුව, ඩොලර් බිලියන 4.4ක් කියා කියන්නේ ලංකාවට විශාල මුදලක් වුනත් චීනයට ලොකු මුදලක් නෙමෙයි. දෙවනුව, මාධ්‍ය වාර්තා අනුව සහ බොහෝ දුරට සිදු විය හැකි පරිදි, දැනට පවතින එකඟතාවය අනුව ණය කපා හැරීමක් සිදු වෙන්නේ නැහැ. ණය ආපසු ගෙවන කාලය වැඩි වීමක් හා පොලියෙන් කොටසක් කපා හැරීමක් පමණයි සිදු වෙන්නේ. ඒ නිසා, මේ වැඩෙන් චීනයට ලොකු පාඩුවක් වෙන්නේ නැහැ. අවසාන වශයෙන් දුන්න සල්ලි ටික ආපසු ලැබෙනවා. සැලකිය යුතු පොලියකුත් ලැබෙනවා. තෙවනුව, ණය ප්‍රතිව්‍යුහගත කරන්න අනෙක් හැම රටක්ම කැමති වෙලා තියෙද්දී චීනය විතරක් අකැමැති වෙලා ඒ හේතුව මත රටේ ජනතාවට විශාල ලෙස පීඩා විඳින්න සිදු වුනොත්, ලාංකිකයින්ට චීනය සතුරු රාජ්‍යයක් විදිහට පෙනෙන්න පුළුවන්. චීනය ඒකට කැමති වෙන්නේ නැහැ. මේ හේතු නිසා, චීනය කොයි වෙලාවේ හෝ ණය ප්‍රතිව්‍යුහගත කරන්න කැමති වෙනවා.

    හැබැයි මෙතැන පැරිස් සංසදය හරහා බටහිර රටවල් විසින් චීනයට දමපු දඟ පන්දුවක් තිබෙනවා. පැරිස් සංසදයේ රටවල් ණය කපා හැරලා නැහැ. කපා හරින්න කැමති වෙලා තියෙන්නේ පොලියෙන් කොටසක් පමණයි. නමුත්, පැරිස් සංසදයේ රටවල් ණය දීලා තිබෙන්නේ ගොඩක් අඩු පොලියකට නිසා පොලියෙන් කොටසක් නෙමෙයි සම්පූර්ණයෙන්ම කැපුවත් ඒ රටවල් වලට ලොකු පාඩුවක් වෙන්නේ නැහැ. සාපේක්ෂව ලොකු පොලී අනුපාතිකයකට ණය දීලා තිබෙන චීනයට මේ වැඩෙන් රිදෙනවා. ඒ නිසා, මේක චීනයම ඉලක්ක කරලා කරපු යොන් මැරිල්ලක් වගේ වැඩක්. භූ දේශපාලනික ගේම් ඔහොම තමයි.

    මේ තත්ත්වය තුළ වුවත්, චීනයට පොලී කපා හරින එකට එරෙහිව දිගින් දිගටම හෙට්ටු කරන්නත් බැහැ. එහෙම කරන්න ගියොත් මස් රාත්තලම ඉල්ලන ශයිලොක්ගේ මට්ටමට වැටෙනවා. චීනය ඒකටත් කැමති වෙන එකක් නැහැ. චීනයට අවසාන වශයෙන් වැඩේට කැමති වෙන්න වෙනවා.

    කොයි වෙලේ හෝ ණය ප්‍රතිව්‍යුහගත කරන්න කැමති වෙන්න වෙනවා කියලා චීනය දන්නවානම් වැඩේ පරක්කු කරන්නේ ඇයි? මම හිතන්නේ ඒ තමයි චීනය මේ සෙල්ලම කරන විදිහ.

    ආණ්ඩුවේ පැත්තෙන් මේ වෙලාවේ සැලසුම කුමක්ද? පළාත් පාලන මැතිවරණ කල් දැමීමේ ඉඩකඩ ගැන කතාවක් ගියත් මගේ අදහසනම් මැතිවරණ නොතියා ඉන්න බැරිවෙයි කියලා.

    ආණ්ඩුවට පක්ෂපාත අය පවා ආණ්ඩුවේ මැතිවරණ ජයග්‍රහණයක් ගැන ලොකුවට විශ්වාස කරන්නේ නැහැ. මැතිවරණය නොපවත්වා බැරි පසුබිමකදී ආණ්ඩුවේ උත්සාහය වනු ඇත්තේ මැතිවරණය හොඳටම කිට්ටු වෙද්දී අරමුදලේ සල්ලි ලැබෙන එක ගැන නිවේදනය කරලා ඒ ප්‍රවෘත්තියට ලොකු ප්‍රචාරයක් දෙන එක. ඒ නිසා, මේ වැඩේ මැතිවරණය කිට්ටු වෙලා සිදු වෙන තරමට ආණ්ඩුවට වාසියි.

    ඇත්තටම කියනවානම් අරමුදලේ පළමු වාරිකය ලැබුණා කියලා රට ඇතුළේ ක්ෂණිකව කිසිම දැනෙන වෙනසක් වෙන්නේ නැහැ. නමුත්, සල්ලි ආපු ගමන්ම මිනිස්සුන්ට ලොකු බලාපොරොත්තුවක් ඇති වෙනවා. වැඩිපුර කල් ගියොත් වෙන්නේ ඔය බලාපොරොත්තුවත් කඩා වැටෙන එක. ඕක ආණ්ඩුව දන්නවා. ඒ නිසා, ආණ්ඩුව කැමති වනු ඇත්තේ අන්තිම මොහොතේ ඔය වැඩේ වෙනවටයි. මැතිවරණ නීති වලට අහු නොවී වක්‍ර ලෙස ආණ්ඩුවට වාසිදායක ප්‍රචාරණයක් කරන්නත් පුළුවන්. මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලින් ඉවත් වෙලා ඉන්න ජනාධිපති රනිල් ඔය දැනුම් දීම කළාම කොහෙත්ම අවුලක් නැහැ.

    ආණ්ඩුවට මේ අවස්ථාව දෙනවද නැද්ද කියන තීරණය තියෙන්නේ චීනය අතේ. මැතිවරණයට කලින් අරමුදලේ සල්ලි ලැබුණා කියලා ආණ්ඩුවට විශාල පිම්මක් පනින්න පුළුවන් වෙන එකක් නැහැ. නමුත්, ඒකවත් නැත්නම් ආණ්ඩුවට බඩටම වදිනවා. චීනයට ආණ්ඩුව වට්ටන්න අවශ්‍යනම්, චීනයට හිතවත් ආණ්ඩුවක් ඉක්මණින් පත් කර ගන්න අවශ්‍යනම්, චීනය මැතිවරණ පැවැත්වෙන තුරු ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩේ අදින්න පුළුවන්. එහෙම උවමනාවක් ලොකුවට නැත්නම්, කලින්ම වැඩේට එකඟ වෙලා ආණ්ඩුවට චූටි ගැම්මක් ගන්න ඉඩ දෙන්න පුළුවන්.

    ඉන්දියාව හා බටහිර රටවල් විසින්නම් ආණ්ඩුවට මේ ගැම්ම කලින්ම දීලා තිබෙනවා. එයින් අදහස් වන්නේ මේ ආණ්ඩුව දිගටම බලයේ ඉන්න එක පිළිබඳව ඒ රටවල් වලට අවුලක් නැහැ කියන එක. හැබැයි අවුලක් නැහැ කියන්නේ ආණ්ඩුව තියාගන්න සක්‍රිය ලෙස කටයුතු කරනවා කියන එක හෝ එහෙම කිරීමේ හැකියාවක් තියෙනවා කියන එක නෙමෙයි. ආණ්ඩුව තියාගන්න අවශ්‍යතාවයක් තියෙනවා කියන එකත් නෙමෙයි.

    අරමුදලේ සල්ලි ලැබුණු පමණින් ලංකාව ගොඩ යන්නේ නැති බව ඔය හැම රටක්ම දන්නවා. බලාපොරොත්තු වෙන විදිහට රට ගොඩ දාන්නම් තව ඩොලර් බිලියන ගණනක ණය රටට ආ යුතුයි. ඒ නිසා, අරමුදලේ සල්ලි ලැබුණු පමණින් බටහිර රටවලට, ඉන්දියාවට වගේම චීනයටත් ලංකාවට බලපෑම් කිරීමේ හැකියාව අහෝසි වෙන්නේ නැහැ.

    අරමුදලේ සල්ලි ලැබුණත්, ඔය ඉතුරු සල්ලි හිතන විදිහටම නොඑන්න පුළුවන්. ඔය වගේ ගණන් හිලවු හිටපු මහ බැංකු අධිපතිවරයා විසිනුත් ඉදිරිපත් කළා. යම් මුදලක් ලැබෙයි. හැබැයි ඒ ලැබෙන්නේ දේශපාලන ස්ථාවරභාවය තහවුරු වුනාට පස්සේ. තේරෙන විදිහට කිවුවොත්, මේ ආණ්ඩුවට හරි වෙන ආණ්ඩුවකට හරි, අවශ්‍ය ප්‍රතිසංස්කරණ කිරීමේ අධිෂ්ඨානය එක්ක ඒ සඳහා අවශ්‍ය මහජන සහයෝගයත් තියෙනවා කියලා පෙනුනට පස්සේ. ඔය දෙකම වෙන්නේ නැතුව දිගුකාලීනව ආර්ථිකය ස්ථාවර වෙන්නේ නැහැ.
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    mahindananda-aluthgamage-1.jpg


    ජාත්‍යන්තර අරමුදලින් ශ්‍රි ලංකාවට ණය මුදල් ලබාදිමට එකග වි ඇති බව මහනුවර දිස්ත්‍රික් පා.ම සහ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

    මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ බැව් කියා සිටියේ (20) දින පස්වරුවේ උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය ඉගුරුඔය දුම්රිය හරස් මාර්ගය අසන්නයෙන් ඉගුරුඔය ප්‍රදේශයෙන් ගම්මාන හතරකට පිවිසිමට දුම්රිය හරස් මාර්ගයක් ඉදි කර එම මාර්ගය ජනතා අයිතියට පත් කිරිමෙන් අනතුරුව පැවති ජන හමුවකදිය.

    පසුගිය දා නාවලපිටියට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් නාවලපිටිය ඉගුරුඔය පාලම කැඩි යාමත් සමග ඉගුරුඔය ප්‍රදේශයේ ගම්මාන හතරක පදිංචිකරුවන්ට පිවිසිමට මාර්ගයක් නොමැතිකම හේතුවෙන් ඉගුරුඔය දුම්රිය මාර්ගය ආසන්නයෙන් විකල්ප මාර්ගයක් වශයෙන් දුම්රිය හරස් මාර්ගය ඉදි කිරිමට හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පියවර ගෙන තිබුණි.

    මෙම උත්සවයේදි වැඩිදුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා කියා සිටියේ ඉන්දියාව සහ චිනය ශ්‍රි ලංකාවට ණය මුදල් ලබාදිමට එකග වි ඇති බවයි .

    පසුගිය මාස හත තුල රටේ ජනතාව ආර්ථික වශයෙන් ගැටළු රැසකට මුහුණ පා සිටි බවත්, ජාත්‍යන්තර අරමුදලින් ශ්‍රි ලංකාවට ණය ආධාර ලැබිමෙන් පසු රටේ ආර්ථිකය යලි යථා තත්ත්වයට පත් වන බවයි මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ.

    පළාත් පාලන මැතිවරණ සමයේ සුරංගනා කතා කියමින් ජන්දය ලබා ගැනිමට විවිධ පිරිස් පැමිණියද මැතිවරණයෙන් පසු එම පිරිස පොරොන්දු වු කිසිවක් ඉටු නොකරන බවත්, එවැනි පිරිසකට නොරැවටි නාවලපිටිය ප්‍රදේශයට සංවර්ධන කටයුතු සිදු කරමින් පොරොන්දු ඉෂ්ඨ කල පිරිසට පමණක් ජන්දය ලබාදෙන ලෙසයි.

    – රංජිත් රාජපක්ෂ

    https://lankacnews.com/imf-ශ්රි-ලංකාවට-ණය-දීමට-එකග-ව/?utm_source=dlvr.it&utm_medium=twitter
    මේවා ඇත්තද කියල බලලා බොරුනං මුන්ව බෑන් කරපන්කො @spamcheck
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    හදිසියේ මහා භාණ්ඩාගාරය සල්ලි වලින් මේ දැන් ඉතිරී ගියා මුදල් ප්‍රස්න නිමයි රජේ සේවකයන්ට නියමිත දිනේටම වැටුප්. අමතරව තවත් සතුට නිසා පඩිත් වැඩිකෙරේ.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    එක හාල් ඇටයක් පිට රටින් ගෙන්න ඔනා වෙන්නේ නෑ කිව්වා... කෙලියා තාප්පෙට රටින් හාල් ගෙන්නුවා....

    හාල් වල මිල 100/- ඊට වඩා සතයක් වැඩි කරන්නේ නෑ කිව්වා... කියලා සතියක් ගියේ නෑ හාල් නෑ රටේ... ඊට පස්සේ 200/- ඉදන් උඩට තමයි හාල් තියෙන්නේ..


    මේ වගේ උන් කියන එව්වා මේකේ අලවන මෝඩයොත් ඉන්නවා නේ....