Breaking News: දිනේෂ් ෂාෆ්ටර් ජීවිතක්ෂයට පත්වෙයි

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States

    පැහැරගෙන ගොස් බොරැල්ල කනත්තේ දමා ගිය ජනශක්ති සභාපති මරුට​


    බොරැල්ල සුසාන භූමිය තුළදී ගෙළ සිර වන සේ පිරිසකගේ වධහිංසාවට ලක් වී සිටි ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ශාෆ්ටර් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (දෙසැ. 15) රාත්‍රී මියගිය බව බොරැල්ල පොලිසිය පවසයි.

    මියයන විට ඒ මහතා 51 හැවිරිදි වියේ පසුවිය.

    රුපියල් කෝටි ගණනාවක ණය මුදලක් ලබා දීමට නියමිත පුද්ගලයෙකු හමුවීම සඳහා යන බව බිරිඳට පවසමින් කුරුඳුවත්ත මල් පාර නිවසින් සභාපතිවරයා ඊයේ දහවල් පිටත්ව ගොස් තිබූ බව පොලිසිය පැවසීය.

    ඔහුගේ බිරිඳ මද වේලාවකදී ඔහුට දුරකතන ඇමතුම් ලබා ගෙන ඇති අතර සභාපතිවරයාගේ දුරකතනය ක්‍රියා විරහිත වී තිබී ඇති අතර බිරිඳගේ ජංගම දුරකතනයට ඔහු බොරැල්ල සුසාන භූමිය තුළ රැඳී සිටින බවට සංඥා ලැබී ඇතැයි පොලිසිය සඳහන් කළේ ය.

    සභාපතිවරයාගේ බිරිඳ සමාගමේ විධායක නිලධාරියෙයකුට ඒ බව පවසා බොරැල්ල සුසාන භූමිය වෙත එවා ඇති අතර ඔහු කළ සොයා බැලීමේදී සභාපතිවරයා පැමිණි මෝටර් රථයේ රියැදුරු අසුන මත ඔහුගේ අත් දෙක ගැට ගසා ගෙළට වයරයක් දමා සිරකර තිබෙන අයුරු දැක තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.

    ඒ අනුව, විධායක නිලධාරියා සුසාන භූමියේ කම්කරු සේවකයෙකුගේ උදව් උපකාර ඇතිව සභාපතිවරයාගේ අත් දෙක සහ ගෙළ තද වන ලෙස ගැටගසා තිබූ වයර් ඉවත් කර ඔහු කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබූ බව පොලිසිය සඳහන් කළේ ය.

    කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සභාපතිවරයාගේ කිසිදු ප්‍රකාශයක් ගැනීමට නොහැකි වන ලෙස ඔහු දැඩි අසාධ්‍ය තත්ත්වයේ පසුවූ බවත් ඊයේ රාත්‍රී 11.30ට පමණ ඔහු මියගිය බව ත් රෝහල් ප්‍රකාශකයකු පැවසීය.

    සභාපතිවරයාගේ මෝටර් රථය අසල සිට නාඳුනන පුද්ගලයෙකු පිටත් වන අයුරු සුසාන භූමියේ සිටි කම්කරු සේවකයෙකු දැක තිබූ බව පොලිසිය කියයි.

    ප්‍රකට ක්‍රිකට් විස්තර විචාරකයෙකු රුපියල් කෝටි ගණනාවක ණය මුදලක් සභාපතිවරයාගෙන් ලබාගෙන තිබෙන අතර ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වෙත පැමිණිලි තුනක් ද සභාපතිවරයා සිදුකර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

    කිසියම් පිරිසක් එක්ව සභාපතිවරයා පැහැරගෙන සුසාන භූමිය වෙත රැගෙන විත් මෙලෙස වද හිංසා කර ගෙළ සිර කිරීම හේතුවෙන් ඝාතනය වන්නට ඇති බව බොහෝ දුරට සැක කළ හැකි යැයි උසස් පොලිස් නිලධාරියක් සඳහන් කළේ ය.

    බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.ජේ.එම්.ආර්. සමරසිංහ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.

    මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

    1-copy-960x1024.jpg


    https://mawbima.lk/2022/12/16/dines...ed-inside-a-car-at-borella-cemetery-has-died/


    ------ Post added on Dec 16, 2022 at 2:05 AM
     
    Last edited:
    • Like
    Reactions: vito

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,732
    2,139
    113
    maharagama
    ඔච්චර ප්‍රසිද්ද තැනක නම් CCTV footage ඇති නෙ සෑහෙන්න
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    ශාෆ්ටර් කියන්නෙ බොන්ඩ් ස්කෑම් එකට පැටලුන බුවෙක් නේ.

    පලි:

    මේ තියෙන්නෙ ගූගල් කරපුවම ආපු දේ. ලොකු සම්බන්ධයක් නෑ ස්ටේට්මන්ට් එකක් දීල.

    https://www.newsfirst.lk/2017/06/20...-inquiry-takes-tense-turn-details-come-light/
     
    Last edited:

    abc321

    Active member
  • Jul 11, 2008
    559
    235
    43
    It was reported that the businessman had earlier reportedly lodged complaints with the CID against a person for not returning millions of rupees which had been obtained from the businessman.

    Brian Thomas released on bail​

    Feb 19 (CT) Colombo Chief Magistrate Buddhika Sri Ragala yesterday (18) enlarged on bail veteran cricket commentator Brian Thomas, who had been in remand on a charge of fraud. Bail was set at Rs 25000 in cash and two sureties of Rs 500,000 each. Thomas had been charged with defrauding a sum of Rs 143 million. The Magistrate also impounded the suspect’s passport. The CID commenced a probe against Thomas on a complaint lodged by businessman Dinesh Schaffter

    ශාෆ්ටර් කියන්නෙ බොන්ඩ් ස්කෑම් එකට පැටලුන බුවෙක් නේ.

    පලි:

    මේ තියෙන්නෙ ගූගල් කරපුවම ආපු දේ. ලොකු සම්බන්ධයක් නෑ ස්ටේට්මන්ට් එකක් දීල.

    https://www.newsfirst.lk/2017/06/20...-inquiry-takes-tense-turn-details-come-light/
    bond scam ekata meya sambanda NAA.sakki dunna kiyala thiyenne.perpetual ekath ekka bond market eke compete karapu first capita holdings eke MD meya.
    saakki deemak witarai.


    "He said the auction was “highly unusual” as the amount accepted was ten times greater than what was offered and the increase of 300 basis points in market rates.

    First Capital Holdings PLC had bid 100mn on that day at a rate of 10.10% as a dummy bid anticipating a rejection – however as the amount accepted was greater, their bid too had been accepted.




    ------ Post added on Dec 16, 2022 at 2:43 AM
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,057
    113
    ආශ්චර්යමත් රටක
    Hyyooooo... How this happened in most congested city area.. is this country moving towards evil control 😕😕

    අරගලේ කරපු උන් කාදිනල් එක්ක එකතුවෙලා කරල තියෙන්නෙ.

    රනිල් සර්, බැසිල් සර් මාර ගේමක් දුන්නලු බේරගන්න. බැරි උනාලු. :(
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,299
    5,932
    113
    වසීම් තාජූඩීන් ට වුනා වගේ නේද?පිටුපස බරපතල දේෂපාලන හස්තයක් ඇති. වෙන කවුද ඉතින්