ප්‍රතිඵල ගැටලුවේ වාර්තාව එළියට
ප්‍රතිඵල ගැටලුවේ වාර්තාව එළියට
2011 උසස් පෙළ ප්‍රතිඵල ගැටලු විමර්ශනය කළ ජනාධිපති කමිටුවේ නිර්දේශ ජනාධිපති කාර්යාලය ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව කමිටුවේ මතය වි ඇත්තේ මතු වු දෝෂය, විභාග දෙපාර්තමේන්තුව කෙටි කාලයක් තුළ නිවැරදි කර ඇති බවයි.
දිස්ත්‍රික් කුසලතාව ගණනය කිරීමේදී සිදුවු දෝෂය හටගෙන තිබෙන්නේ විභාග ප්‍රතිඵල ගණනය කිරීමේ අවසාන පියවරේදී බව කමිටුව පවසයි.
ඔවුන්ගේ මතය වී ඇත්තේ, නිවැරදි කිරීමෙන් අනතුරුව නිකුත් කරන ලද සංශෝධිත දිස්ත්‍රික් කුසලතා සහිත විභාග ප්‍රතිඵල දෝෂ රහිතව නිවැරදිව නිකුත් කර ඇතැයි, යන්න තහවුරු කර ඇති බවයි.
කෙසේ වෙතත් සිදුවු දෝෂයට තුඩු දුන් හේතුන් මගහරවා ගැනීමට ප්‍රමාණවත් පියවර ගැනීමට ඒ සඳහා වගකිවයුතු නිලධාරින් ක්‍රියා කර නොමැති බව උසස් පෙළ විභාග ප්‍රතිඵල ගැටලු සොයා බැලු ජනාධිපති කමිටුව පෙන්වා දෙයි.
එම කමිටුව ඉදිරිපත් කළ වාර්තාවෙහි දැක්වෙන්නේ විභාග අපේක්ෂකයින්ට සිය ගැටලු ඉදිරිපත් කිරිමට ජනමාධ්‍ය හරහා කරන ලද දැන්වීමට ලද අභියාචනා අනුව කළ පරීක්ෂණවලින්, විභාග ප්‍රතිඵලයන්හි කිසිදු වරදක් සිදුව ඇති බවට සාක්ෂි අනාවරණය නොවු බවයි.
කෙසේ වෙතත් මින් ඉදිරියට විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අවශ්‍ය ක්‍රමවේදය ඉදිරිපත් කිරිමේදී විද්වතුන්ගේ වඩාත් පුළුල් නියෝජනයකින් තොරතුරු ලබා ගැනීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව කටයුතු කළ යුතු බව කමිටුව නිර්දේශ කරයි.
ඊට අමතරව එම ජනාධිපති කමිටුව මෙවන් අවස්ථාවන් වැළැක්වීම සදහා විභාග දෙපාර්තමේන්තුව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග කිහිපයක් ද නිර්දේශ කර තිබේ.
විභාග දෙපාර්තමේන්තුව වාහාම ක්‍රියාත්මක වන පිරිදි සිය තාක්ෂණ අංශයට පූර්ණ කාලීන තාක්ෂණ උපදේශකයෙකුගේ සේවය ලබා ගතයුතු බවද එම නිර්දේශ අතරට ඇතුළත් වේ.
සමස්ත විභාග කටයුතුවල පාරදෘශ්‍යභාවය තහවුරු කිරීම සඳහා කාලීන තාක්ෂණ විගනන ක්‍රියාවලියක් කඩිනමින් ස්ථාපනය කිරීම හරහා සිදුව ඇති අකාරයේ අත්වැරදීම් නැවත සිදුවීම වැළැක්වීමට වහාම විධිවිධාන යෙදිය යුතු බවට ද නිර්දේශයකි.
තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ ලේකම් ධාරා විජේතිලක මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවට කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම, මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රංජිත් ප්‍රේමලාල් ද සිල්වා සහ රාජකීය විද්‍යාලයේ විදුහල්පති උපාලි ගුණසේකර යන මහත්ම, මහත්මීහු එම කමිටුවට ඇතුළත් වුහ.
http://newsfirst.lk/sinhala-news/?view=news_more&id=4858