BREAKING NEWS : ISIS Attack Philippines .....

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,394
    6,514
    113
    Land of Lions
    පිලිපීනයම මර භියෙන් - අයි එස් ත්‍රස්තයෝ පිලීපීන නගරයක් ආක්‍රමණය කරයි.....



    ISIS සංවිධානයට සහය දක්වන Maute හෙවත් Islamic State of Lanao සංවිධානය පිලිපීනයේ මරාවි නගරයේ බලය අත්පත් කරගැනීමේ උත්සහක නිරත වන බව වාර්තාවනවා.

    සිද්ධිය ඇසින් දුටු පුද්ගලයින් පවසන්නේ අයි එස් ත්‍රස්තයින් ආකාරයට හැඳ පැළඳගෙන සිටි මෙම තුවක්කුකරුවන් නිවෙස් වලට හා රජයේ දේපළ වලට වෙඩි තබමින් සිටින බවයි.

    ඔවුන් මරාවි නගරයේ කඩ සාප්පු, පාසල් ආදී ගොඩනැගිලි බොහොමයකට ගිනි තබා තිබෙනවා.එමෙන්ම අදාළ ස්ථානන්හි අයි එස් ධජයද ඔසවා තිබෙන බව වාර්තාවනවා.

    එරට රජයේ හමුදාව හා පොලීසිය ත්‍රස්තයින් සමගින් දරුණු වෙඩි හුවමාරුවක නිරත වන බවත්,භීතියෙන් තැතිගෙන සිටින නගරවාසීන්ට නිවෙස් වලින් පිටතට නොයන ලෙස උපදෙස් ලැබී ඇති බව වැඩිදුරටත් වාර්තා වනවා.

    මේ නිසා මරාවි නගරය අයත් මින්දානෝ පලාතට හදිසි නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

    කෙසේ වෙතත් මේ කිසිවක් පිළිබඳ වැඩිදුර තොරතුරු වාර්තා නොවන බව විදෙස් මාධ්‍ය පවසනවා.

    සමාජ මාධ්‍ය වලින් වාර්තා වන ආකාරයට මරාවි බන්ධනාගාරය අත්පත් කරගත් ත්‍රස්තයන් එහි රැඳවියන් නිදහස් කර තිබෙනවා.එමෙන්ම හමුදා නිළධාරීන් දෙදෙනෙකු හා ගිලන් රථ රියදුරන් දෙදෙනෙකු මියගොස් ඇති බවත්, මරාවි රෝහලේ සේවකයන් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන ඇති බවත් වාර්තාවනවා.


    18620340_648292822047645_7398784728515219649_n.jpg


    20170523-marawi-city-jail-fire_101AEC86C80643218955D24DDCDBC714.jpg


    marawi-city-attack-isis-maute-may-23-2017-007.jpg


    18581939_648298775380383_152407916252194997_n.jpg


    marawi-city-attack-isis-maute-may-23-2017-005.jpg
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    අල්ලාහ් හු අක්බර්

    ක්‍රිස්තියානුවන්ට අබ සරණයි.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,218
    12,458
    113
    Piliyandala
    අවුලක් නෑ.. අපි ඉන්න පැත්තෙන් නෙමෙයි බෝට්ටුව හිල්වෙලා තියෙන්නේ......


    මෙහෙමත් කියන අයද පිලිපීනයේ ඉන්න පුලුවන්.. මෙහෙ නම් නෑ ඔන්න කිව්වා....
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    පිලිපිනේ ජනාධිපති එක්ක නං ලේසි වෙන්නෙ නෑ මෙහෙ වගේ සෙල්ලන් කරන්න :D ඔය ඉල්ලන් කෑමක් තමා