Breaking News - No power after midnight?

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    14993537_565418290330434_373760899363764902_n.jpg



    Sri Lanka’s Ceylon Electricity Board Engineers Union, has said its members will walk out after 1200 midnight on June 08, over plans by the government to change the Electricity Act and end competitive bidding for private power plants.

    It will be the first time the CEBEU has engaged in a strike since 1996 plunging the country into darkness for several days and bringing water and other services to a standstill. (Economynext)


    UPDATE:

    All CEB employees to join strike action today

    UPDATE 2:

    People will be inconvenienced. We are sorry. - CEB employee

    UPDATE 3:

    Prime Minister warns unions against starting strike

    UPDATE 4:

    Talks with the minister fail. Strike action starts at midnight - CEB employees

    UPDATE 5:

    We have no other option. Strike to start in a few hours. Over 20000 CEB employees to join strike - CEB employee

    UPDATE 6:

    Total power loss before 8AM - CEB Engineers' Union

    UPDATE 7:

    Power cut time cannot be predicted. It could be soon after midnight. - CEB employee
     
    Last edited:

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,414
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    Ai mun srike krnne reason

    COLOMBO (News 1st); තරගකාරී ටෙන්ඩර් ක්‍රියාවලියෙන් බැහැරව විදුලිය ව්‍යපෘති ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබෙන ලෙස විදුලි බල පනත හෙට (09)දිනයේ සංශෝධනය කිරීමේ සූදානමට විරුද්ධව විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත්කර තිබේ.​

    විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ, කෙටුම්පත හෙට අනිවාර්යෙන් සම්මත කරගන්නා බවයි.

    මේ සංශෝධනයට විරුද්ධවන්නේ ඩීසල් බලාගාර වෙනුවෙන් පෙනී සිටින ඉංජිනේරුවන් කිහිප දෙනෙකු පමණක් බවයි.

    මේ අතර ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසන්නේ, අප්‍රේල් මස 29 වනදා ගැසට් මගින් ප්‍රකාශයට පත්කළ ශ්‍රී ලංකා විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයෙන් පසුව හෙට දිනයේම සම්මත කරගැනීමට සූදානම් වන බවයි.

    මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයාට ලිපියක් යොමු කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ මේ කෙටුම්පත සම්මත කිරීම මගින් තරගකාරී ටෙන්ඩර් ක්‍රියාවලියෙන් බැහැරව විදුලි උත්පාදන ව්‍යපෘති ලබාදීමට අවස්ථව ලැබෙන බවයි.

    ජනතාවට සහනයක් ලැබෙන අවම පිරිවැය විදුලිය උත්පාදන ප්‍රතිපත්තිය මේ මගින් උල්ලංඝණය වන බව ඔවුහු පෙන්වා දෙති.

    විදුලි ඉංජිනේරුවන් පවසන්නේ දැනටමත් ඇමරිකාවේ නිව් ෆෝට්‍ට්‍රස් සමාගමට ටෙන්ඩර් ක්‍රියාවලියෙන් තොරව LNG ව්‍යපෘතිය ලබාදුන් බලධාරීන් මේ වනවිට මන්නාරම හා පුනරීන් හි අදානි සමාගමේ මෙගාවොට් 500 ක් සුළං විදුලි බල ව්‍යපෘතියකට ද ඒ අයුරින්ම ගිවිසුම් අත්සන් කර ඇති බවයි.

    වත්මන් වෙළෙඳපොළේ විදුලිය ඒකකයක් මිලදී ගන්නා වටිනාකමට වඩා වැඩි මිලකට මේ ව්‍යපෘතියෙන් විදුලිය මිලදී ගැනීමට සූදානම්
    වන බව ද ඔවුහු පෙන්වා දෙති.

    විදුලි ඉංජිනේරු සංගමය පවසන්නේ, මෙම සුළං බලාගාරයේ ඒකකයකට ඩොලර් සත 7 කට අධික මුදලක් ගෙවීමටත් එය ඩොලර්වලින් ගෙවීමටත් එකඟතාව පළ කර ඇති බවයි.

    මීට වඩා අඩු මුදලකට සුළං විදුලි ඒකකයක් ලබාදීමට දේශීය ආයෝජකයින් ද සිටියදී සිදුකර ඇති මේ ගනුදෙනු මගින් රටේ විදුලිය සැපයුම බරපතළ අර්බුදයකට ලක්වන බව විදුලි ඉංජිනේරු සංගමට සාමාන්‍යාධිකාරීවරයාට යැවූ ලිපියෙන් පෙන්වාදී තිබේ.

    ඔවුන් පවසන්නේ මෙවැනි ගනුදෙනුවලට ඉඩ ලැබෙන පරිදි පනත සංශෝධනය කිරීම වහා අත්හිටුවිය යුතු බවයි.

    තරගකාරී ක්‍රියාවලියෙන් බැහැර සමාගමට සුළං විදුලි ව්‍යපෘති ලබාදීම වහා අත්හිටවිය යුතු බවත් දේශපාලන අවශ්‍යතාමත ක්‍රියාකාරන විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා වහා ඉවත්කළ යුතු බවත් ඉංජිනේරු සංගමය අවධාරණය කර තිබේ.

    ඔවුන් විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයාට දැනුම්දී ඇත්තේ මේ ඉල්ලීම් මුල්කරගනිමින් ද අද මධ්‍යම රාත්‍රියේ සිට විදුලි බලාගාර ඇතුළු සියලුම රාජකාරීවලින් තම සංගමයේ සාමාජිකයන් ඉවත්වන බවයි.

    Source: https://www.newsfirst.lk/sinhala/2022/06/08/ලංවිම-ඉංජිනේරු-සංගමය-අද-08-ර/
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    විදිලි බල මන්ඩලෙ ඩිස්ට්‍රිබියුශන් එක සම්පුරන පුත්ගලිකරනය කරලා දාලා, නිසපාදනට සමාගම් බවට හරවලා දාන්න ඔන,,
    ඊගාවට උන්ගෙ වැරදි නිසා පාර්බොගිකයන්ට වෙන අලාබ වලට වන්දි ගෙවන්න පුලුවන් නීති හදන්න ඔන

    බැහ් බැහ් ගහාන උන් පැන්ශන් යවලා දාන්න ඔන,, එච්චරයි...
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,630
    33,809
    113
    මයින්ද වේසාවා නිසා හොරාකන්න පුරුදු උනු අඩුකුලේ හොර ඉංජෝ. පිස්සු නන්දෙටත් දැන් තේරෙනවා ඇති අයියන්ඩි කොච්චර __රියෙක්ද කීලා
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,813
    2,414
    113
    colombo
    විදිලි බල මන්ඩලෙ ඩිස්ට්‍රිබියුශන් එක සම්පුරන පුත්ගලිකරනය කරලා දාලා, නිසපාදනට සමාගම් බවට හරවලා දාන්න ඔන,,
    ඊගාවට උන්ගෙ වැරදි නිසා පාර්බොගිකයන්ට වෙන අලාබ වලට වන්දි ගෙවන්න පුලුවන් නීති හදන්න ඔන

    බැහ් බැහ් ගහාන උන් පැන්ශන් යවලා දාන්න ඔන,, එච්චරයි...
    Gota awama owa okkoma karanawa. Uba baya natuwa hitapan. Koheda me ponnayegei niwatagei konda pana nane
     
    • Wow
    Reactions: Hasitha22