British Airways

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    images

    බ්‍රිතාන්‍ය ගුවන්සේවයේ සමාරම්භක ගමන වාර්තාකිරීම සඳහා එම සමාගමේ ආරාධනාවෙන් ලංකාවට ගිය මාධ්‍යවේදීන් අතරින් "ඩේලි ටෙලිග්‍රාෆ්" පුවත්පතේ වාර්තාකරු ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය පිළිබඳව ලියා ඇත්තේ ඉතාම අසුභවාදී විස්තරයකි.

    අප්‍රේල් 17 වෙනිදා නිකුත්වූ පුවත්පතේ පලවී ඇති එම වාර්තාවේ දැක්වෙන්නේ සංචාරක කර්මාන්තය වේගවත්ව වර්ධනය කරගැනීම සඳහා විශාල රුකුලක් බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ නැවත පැමිණීම තුලින් ලැබේය යන බලාපොරොත්තුවක් ශ්‍රී ලංකා බලධාරීන් අතර තිබුණද එය එලෙසින්ම සිදුවේද යන්න පිළිබඳව කිසිම විශ්වාසයක් තැබිය නොහැකි බවය.

    සංචාරක හෝටල්වල නැවතී ඉන්නා විදේශ සංචාරකයින්ගේ ගමන් බලපත්‍ර අංක ඇතුළු පෞද්ගලික තොරතුරු තමන්වෙත සපයන ලෙසට ශ්‍රී ලංකා පොලිසිය නිකුත්කර ඇති ආඥාපත්‍රයක් පිළිබඳව පසුගිය දිනෙක කළ එළිදරව්ව විදේශ සංචාරකයින් වික්ෂිප්තභාවයට පමුණුවන කරුණක් බව එම වාර්තාව ආරම්භයේම දක්වා ඇත.

    මෙවැනි ඉල්ලීමක් ඉදිරිපත්කිරීම මඟින් සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය බාර නිලධාරීන් උත්සාහ කරන්නේ සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමද නැත්නම් අනවශ්‍ය පරීක්ෂාකාරී වීමක්ද යන ප්‍රශ්නය මෙහිදී මතුවන බවද එහි දැක්වෙයි.

    2011 නත්තල් දවසේ තංගල්ල හෝටලයකදී අමානුෂික අන්දමින් ඝාතනය කළ බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් සහ ගිය මාසයේ නුවර ප්‍රදේශයේදී සංචාරකයින් දෙදෙනෙකුට සිදුකල පහරදීම් පිළිබඳවද එම වාර්තාව උලුප්පා දක්වා ඇත.

    තමන් සමඟ මෙම සංචාරයට එක්වූ මාධ්‍යයවේදීන් කොළඹදී පිළිගත් උණුසුම් ආකාරය ඔහු දකින්නේ වැඩකට නැති දෙයක් ලෙසිනි.

    "මෙතරම් උනන්දුවකින් පත්තරකාරයෙක් පිලිගන්නවා අපි නම් ජීවිතේට දැක නැතැයි" එම වාර්තාකරු ලියා ඇත.

    එම වාර්තාවේ තවදුරටත් දක්වා ඇත්තේ "ඉතාම දැකුම්කලු රටක් වුවත් ආර්ථික පරිහානියකට පත්ව ඉන්නා ශ්‍රී ලංකාව මොන අන්දමකින් හෝ දියුණුවීමට උතසාහ කරන බවක් පෙනෙන්නට ඇති බවයි. හොඳ ආදායම් මාර්ගයක් ලබාගත හැකි සංචාරක කර්මාන්තය ඒ සඳහා හොඳ පිටුවහලක් වනබව රජය අඅවබෝධ කරගෙන ඇත. අපගේ පැමිණීම හැම පුවත්පතකම මුල් පිටුවේ පළවී තිබුණි. රුපවාහිනි සහ ප්‍රවෘත්ති වාර්තාකරුවවෝ ද කැමරා ශිල්පීහු ද අප වටා වහවැටී සිටියහ.අප ගිය ගිය තැන අප පසු පස කැරකෙමින් සිටි ඔවුන්ගෙන් ගැලවීමක් නැතිවිය. මෙය අප පුදුමයට පත්කළ අත්දැකීමක් විය." කියාය.

    බ්‍රිතාන්‍ය ගුවන්සේවයේ යානය කටුනායක ගුවන්තොටුපළට පැමිණීම දැක බලා ගැනීමට විශාල පිරිසක් රොක් වී සිටිබව කියන එම වාර්තාව "එතැන සිටි සංචාරක මඟපෙන්වන්නකුයානය ගුවන්පථය දිගේ ගමන්කරනු බලාසිටියේ දරාගත නොහැකි ප්‍රමෝදයකින් සතුටු කඳුළු සලමින් "බවද කියයි.

    එම වාර්තාවේ ශ්‍රී ලංකාවට එරෙහිව එල්ලවී ඇති මානව හිමිකම් චෝදනා පිළිබඳවද සඳහන් කිරීමට උත්සාහයක් ගෙන තිබුණි. රජයේ බලවතුන්ගේ සම්බන්ධතාවයන් ඇතිව රට පුරා අලුතින් ඉදිකෙරෙන මහා පරිමාණයේ හෝටල් සංකීර්ණ නිසා කාලාන්තරයක් තිස්සේ විවිධ දුෂ්කරතා මැද්දේ පවත්වාගෙනගිය ස්වාධීන සංචාරක හෝටල් වැසී යාමේ තර්ජනයක් ඇතැයි කියන එම වාර්තාව "සදාචාරාත්මක නොවන සංචාරක ප්‍රවර්ධන ක්‍රියාදාමයන් හා ව්‍යාපෘතින් පිළිබඳවද" විවේචනයක් කරයි.

    එම වාර්තාවේ දැක්වෙන එකම ගුණාත්මක කරුණ වන්නේ ශ්‍රී ලංකාවේ ඔවුන් ගතකළ දින තුන ඇතුලත හමුවූ සියලුම ශ්‍රී ලාංකිකයින් කරුණාබර, ත්‍යාගශීලී, විශේෂයෙන්ම මිත්‍රශීලී හිතේ බරක් නැති ගුණ ගරුක මිනිසුන් බවයි. මුළු රටේම ආරක්ෂා සහගත බවක් තමන්ට දැනුණ බව සඳහන් කැර ඇත.

    බ්‍රිතාන්‍ය ගුවන්සේවය ශ්‍රී ලංකාවට පියාසර කරන්නේ ගැට්වික් ගුවන් තොටුපළෙන් වුවද ඩේලි ටෙලිග්‍රාෆ් වාර්තාවේ සාවද්‍ය ලෙසට දක්වා ඇත්තේ හීත්රෝ ගුවන්තොටුපළෙන් බවය.

    lankadeepa

    අපේ උන් ඉතින් යටින් සුද්දන්ට බැන්නට සුද්දෙක් දැක්කොත් උගේ පු#ත් ඉබින්න හදනවනේ.:D..ඔය ගිහින් කියලා තියෙන්නේ ලස්සනට.:rofl:
     
    images

    අපේ උන් ඉතින් යටින් සුද්දන්ට බැන්නට සුද්දෙක් දැක්කොත් උගේ පු#ත් ඉබින්න හදනවනේ.:D..ඔය ගිහින් කියලා තියෙන්නේ ලස්සනට.:rofl:

    ඔය ප්ලේන් එකට වතුර ඉහල පිලිගත්තලූ :P:P
    ba_0.jpg

    http://www.voyagersworld.in/article/ba-resumes-flights-colombo-after-17-years?utm_source=feedburner&utm_medium=feed&utm_campaign=Feed%3A+voyagersworld%2FHeRP+%28Voyager%27s+World%29
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔතන තියෙන්නෙ මෙහෙම දෙයක් මචන්.. ලන්කාවට සිරාවටම සන්චාරකයො හැටියට ලන්කාවට වැඩියෙන්ම එන්නෙ බ්‍රිතාන්යෙන්.. ඒත් උන්ට එන්න තියෙන්නෙ direct Sri Lankan විත්‍රයි.. Emirates එන්නෙත් direct නෙමෙයි.. බ්‍රිතාන්ය මිනිස්සු කැමතියි හැමතිස්සෙම ගුවන් ගමන් වලදි හැකි සැම විටම british air fly කරන්න.. මොකද reward scheme සහ සේවාව උන්ගෙම වගේ ගතියක් උන්ට දැනෙන නිසා.. ඒ නිසා මේ වැඩේ සන්චාරක කර්මාන්තෙට රුකුලක් නොවෙනවාමයි කියන්න බැ.. හැබයි daily telegraph බුවා කියලා තියන කතාවත් බොරු නෙමෙයි.. tourist attraction එක කෙලින්ම ගන්න නම් british airways අනිවා direct fly කරන්න ඔනා colombo.. මොකද මාලෙ කියන්නෙ අතිශය ලස්සන මුහුදු තීරයකට සහ අඩු වියදම් සහ සුපිරි හොටල් බහුල සන්චාරක පාරාදීසයක්.. මාලේ හරහා ලන්කාවට එන එක පාඩුයි ටුවරිස්ට් අතින්..
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela

    :yes::yes::yes::yes: