BRUCE LEE

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    BRUCE LEE -2

    සටන් කලාවේ විශ්මයජනක අයෝමය සළකුණ BRUCE LEE

    lee.jpg

    තම මිතුරු ජේමිස්‌ සමඟ ඇරඹූ සටන් පුහුණු පාසලට නවක සිසුන් බඳවා ගැනීමේදීද ලී ඉතා සුපරීක්‍ෂාකාරී විය. එසේ බඳවාගත් සිසුන් අතරින් තම සිත් නොගත් සිසුන් මෙන්ම කැපවීම අඩු සිසුන් ද සටන් පාසලෙන් ඉවත් කරන්න ලී දෙවරක්‌ නොසිතීය. පවුල් ජීවිතය හා තම පැවැත්ම සඳහා කොතෙක්‌ මුදල් අවශ්‍යතා තිබුණද ලී තමා පණ සේ අදහන සටන් ශිල්පය මුදලට පාවා නොදුන්නේය.

    1964 දී ලොස්‌ඇන්ජලීස්‌ නුවර පැවැති ලෝං බීම් තරගාවලියේදී ලී ඉදිරිපත් කරන ලද සටන් සංදර්ශනය චිත්‍රපට ගත කරන ලදී. මේ වන විට තරුණ පරපුර වැඩියෙන් යොමුව තිබූ කරාතේ, අයිකිඩෝ, හැප්කිඩෝ හා ජූඩෝ වලට වඩා ලීගේ සටන් ක්‍රමය බොහෝ සෙයින් වෙනස්‌ විය. බෲස්‌ලිගේ චිත්‍රපටගත කරන ලද සටන් සංදර්ශනය දැක මවිත වූ රූපවාහිනි නිෂ්පාදකවරයකු වූ විලියම් ඩෝසියම්, ලී හා රූපවාහිනි නාට්‍ය මාලාවකට ගිවිසුම් අත්සන් කළේ මේ අතරය. ගිවිසුමට අනුව ලී Twentieth Century fox රංගන පාසලේ නිෂ්පාදන උපදෙස්‌ මාසයක කාලයක්‌ ලබාගැනීමට එකඟ විය.

    1964 දී ලී පවුලේ කුළුදුල් දරුවා උපත ලැබුවේය. ඔහු නමින් "බ්‍රෙන්ඩන් ලී" විය. දරු උපතින් සතුටට පත්ව ගෙවුණේ දින කීපයක්‌ පමණි. ලීගේ ජීවිතයට හිරු ලෙස එළිය දුන් ලීගේ පියා එම වසරේම අභාවප්‍රාප්ත වීම ලීගේ සිත සොවින් මුසපත් කළේය. 1965 දී බෲස්‌ලී, ලින්ඩා හා බ්‍රෙන්ඩන් පුතු සමඟ හොංකොං බලා යන අවස්‌ථාව වන විට බ්‍රෙන්ඩන්ගේ වයස මාස 06 කි.

    1966 දී ලොස්‌ඇන්ජලීස්‌ හි කුඩා නිවසක පදිංචියට ගිය බෲස්‌ලි පවුල එහිදී මුලින් අත්සන් කළ ගිවිසුමට අනුව The Green Hornet රූපවාහිනි චිත්‍රපට මාලාවේ කොටස්‌ කීපයක බෲස්‌ලි රඟපෑවේය. මේ කාලයේදීම ලී, ලොස්‌ඇන්ජලීස්‌ නුවර චයිනා ටවුන්හි සටන් පාසලක්‌ ඇරඹුවේය. මෙහිදී ලී එක්‌ සිසුවකුගෙන් ඩොලර් 100 සිට 250 දක්‌වා මුදල් අය කළේය. මෙහිදී ඉතා දුෂ්කර වූ එමෙන්ම කිසිම සටන් ශිල්පියෙකු ප්‍රදර්ශනය කිරීමට අකමැති අඟල් දෙකක්‌ ඝනකම වූ එල්ලෙමින් තිබෙන ලෑල්ලකට පා පහරදී කඩාදැමීම ලී තම සංදර්ශනවලදී කිසිදු චකිතයකින් තොරව සිදුකළේය.

    මෙම සංදර්ශනවලදී බොහෝ පහරවල් විදුලි වේගයෙන් ප්‍රතිවාදියාගේ මුහුණට එල්ල කළද මුහුණට අඟලක්‌ හෝ ඊටත් අඩු දුරක්‌ තිබියදී එම අකුණු පහරවල් නවතා ගැනීමට තරම් ලී ඒ වන විටත් සුපිsරි අති දක්‍ෂයෙකු විය. නිසිකලට ප්‍රථම ප්‍රහාරයෙන් ප්‍රතිවාදියා බිම දමන, තම ප්‍රතිවාදියා වෙත පැන සටන් කරන ජිට්‌ කුංඩෝ සටන් ක්‍රමය මෙලෙස බෲස්‌ලි විසින් ලොවට දායාද කළේය. 1966-67 කාලයේදී Green Hornet රූපවාහිනි චිත්‍රපටයේ කොටස්‌ තිහකට ජීවය දුන් (කතෝගේ චරිතය) ලී තම ප්‍රහාර සඳහා හැල්මේ දිවෙන (Slowmotion) ජවනිකා යොදවා ගත්තේය. මෙම ක්‍රමය තුළින් මනා සටනක්‌ දැකගැනීමට ප්‍රේක්‍ෂකයා හට හැකිවිය.

    ඉතාම අපහසු සටන් ක්‍රමෝපායන් වූ ගුවනේ ඉලිප්පී පහරදීම (Flying Shots) ප්‍රතිනිර්මාණය කිරීම සඳහා ලී උපරිම කැපවීමෙන් කටයුතු කළේය. කතෝ චරිතය තුළින් ලී වඩාත් ජනප්‍රියත්වයට පත් කළ නන්චකු භාවිතය (Nunchaku) ඇරඹුවේය. (සාමාන්‍ය මිනිස්‌ ඇටයක්‌ බිඳීමට රාත්තල් 8 1/2 බලයක්‌ සෑහෙන අතර, නන්චකුවකින් ලැබෙන බලය රාත්තල් 160 කි. නන්චකුවක ඇති මාරාන්තික බලය එපමණටම දරුණුය) Here Comes The Bride, Blondic, Iron side long street නම් නිර්මාණ බෲස්‌ලි රඟපෑ තවත් ජනප්‍රිය ඇමරිකානු රූපවාහිනිs චිත්‍රපට කීපයකි.

    මේ වන විට ඔස්‌කාර් සම්මානලාභී The Posidon Adventure හි කතා රචකයා වූ ස්‌ටර්ලින් සිලිෆන්ට්‌ද බෲස්‌ලිගේ ජිට්‌කුන් ඩෝ ගෝලයකු බවට පත්ව සිටියේය. මේ අතර කාලයේ ෂෙනන් ලී දියණිය බෲස්‌ලී ලින්ඩා කැදැල්ලට එකතු විය. මේ කුමන දිනුමක්‌ ලැබුවද මේ වන විටත් ලී තමා මෙතෙක්‌ නොලද යම් දෙයක්‌ සොයමින් සිටියේය. ඒ රූපවාහිනි චිත්‍රපටවල රඟපෑම නොව හොලිවුඩ් චිත්‍රපට නළුවකු වෙමින් ලෝකයේ හොඳම සටන් නළුවා ලෙස අභිෂේක ලැබීමේ සිහිනයයි.

    මේ අතර ස්‌ටර්ලින් සිලිෆන්ට්‌ විසින් සුප්‍රසිද්ධ හොලිවුඩ් නළුවකු වූ ජේම්ස්‌ කූබන් බෲස්‌ලිට හඳුන්වා දුන්නේය. මේ දෙදෙනා මගින් හොලිවුඩ් චිත්‍රපටවල සුළු චරිත රඟපෑමට ලීට අවස්‌ථාව උදාවිය. මේ තිදෙනා අතර පැවැති ඉතා දැඩි මිත්‍රත්වය කෙබඳුද යත් බෲස්‌ලීට චිත්‍රපට සඳහා ගෙවන මුදල් පවා නිෂ්පාදකවරුන්ට දැන්වූයේ සිලිෆන්ට්‌ හා කූබන් විසිනි. එහෙත් කිසිදාක හොලිවුඩ් චිත්‍රපටයක ප්‍රධාන චරිතයකට ආරාධනා නොලැබීමෙන් මහත් සිත්තැවුලට පත්වූ ලී සිය පවුලම 1972 දී යලි හොංකොං බලා පැමිණීමට තීරණය කළේය.

    ඒ වන විට බෲස්‌ලී හොංකොංවලදී රඟපෑ Little Dragon හා ඇමෙරිකාවේදී රූගත කළ Green Hornet ද හොංකොංවල අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබුණේය. හොංකොං පැමිණි බෲස්‌ලි එරට පුවත්පත් හා රූපවාහිනී මාධ්‍යකරුවන් විසින් රජෙකු මෙන් පිළිගන්නා ලදී. මේ අතර ලී ප්‍රධාන චරිතය රඟන The Big Boss චිත්‍රපටය හොංකොං හි ප්‍රදර්ශනය වූ මුල් වටයෙන්ම ඩොලර් මිලියනයක්‌ ඉපයීමට සමත්වූවේ එවකට හොංකොංහි ඉහළම ආදායම් වාර්තා තබා තිබූ Sound of Music හි ආදායම් වාර්තාව දෙගුණ කරමිනි. මේ අතර The Chinese Connection චිත්‍රපටයේ බෲස්‌ ලී රඟපෑවේය. හොංකොං හි මුඩුක්‌කුවක රූපගත කළ මෙම චිත්‍රපටය පළිගැනීමක්‌ පිළිබඳව කතාවක්‌ රැගත් චිත්‍රපටයක්‌ විය. අසාධාරණයට හා අවමානයට පත්ව සිටින චීන දුගී ජනතාව අතරේ බෲස්‌ලී වීරයකු බවට පත් කළේ Chinese Connection චිත්‍රපටය බව විචාරකයන්ගේ මතයයි. කකුල් තුනක්‌ ඇති මිනිසා යන ආදර වැකියෙන් චීන වැසියන් ඉන්පසු බෲස්‌ලි හඳුන්වනු ලැබූහ. ඊට හේතුවූයේ ප්‍රතිවාදියා එක පහරින් බිම දමන බෲස්‌ලිගේ අකුණු සැරැති පා පහරයි.

    අමෙරිකාවේ ගෙවල් කුලිය හෝ ගෙවා ගැනීමට අපහසු තරම් තුට්‌ටුවකට විකිණී ගිය දුක්‌බර වූ තම ආත්මය සුවපත් වීමේ Lee ගේ අභිමතාර්ථ සියල්ල මෙලෙස යළි හොංකොංවලදී පණ ලැබුවේය. ඇමෙරිකා එක්‌සත් ජනපදයේ ඉහළම ආදායම් වාර්තා තබන චිත්‍රපයක්‌ කිරීමේ වුවමනාව හැර ජීවිතයේ අන් පැතුම් සියල්ල ජයගෙන සිටි බෲස්‌ලීට මේවන විට හොංකොං හි කිසිදු තැනක මහමග ඇවිද යාමට තරම් නිදහසක්‌ හෝ නැතිවිය. ඔහු වඩාත් ප්‍රියකරන හොංකොං හි අවන්හලකට ගොස්‌ උණු උණු සුප් කෝප්පයක්‌ හෝ තොලගාන්නට ඉන්පසු ලීට අවසර නැතිවිය. ඒ එම සුප් කෝප්පය ලීගේම ඇඟ මත පෙරළා හෝ තම සමරුවට ලීගේ අත්සන තබා ගැනීමට පොරකන කෙල්ලන් හා කොල්ලන් නිසාවෙනි. හොංකොං හි පළවන සිනමා සඟරා දිගින් දිගටම බෲස්‌ලිගේ ඡායාරූප වලින් තම සඟරාවල කවර හා ඇතුල් පිටු පිරවීය. ඒ නිසාම එක දිගටම ක්‍රියාත්මක වූ ප්‍රියසාද, රැස්‌වීම්, රූපවාහිනී පුවත්පත් සාකච්ඡා ලීගේ හිසට මහත් බරක්‌ විය.

    1972 දී අගෝස්‌තුවේදී ලී ලින්ඩා හා දරු දෙදෙනා සමඟ ගෘහ සේවකයා වූ චූ චුන්ගන් හා ඔහුගේ බිරිඳ ද බල්ලන් බළලුන් ද සමඟ හොංකොං කවුලුන් ප්‍රදේශයේ කාමර 11 කින් යුත් අංග සම්පූර්ණ නිවසක පදිංචියට ගියහ. බෲස්‌ලි සතු වූ 350 SL මර්සිඩිස්‌ බෙන්ස්‌ රථයද අංග සම්පූර්ණ ශාරීරික අභ්‍යාසගාරයද අලුත් නවාතැනේ ප්‍රමුඛත්වය හිමිකර ගත්තේය. ලොව සටන් කලා ශිල්ප පිළිබඳව වූ අගනා පොත් එකතුව සඳහා වෙන්වූ පුස්‌තකාල කාමරය බෲස්‌ලිගේ හදවත බඳුවිය. ලී සතුවූ ඉපැරණි වටිනා සටන් ආයුධ එකතුවද තවත් කාමරයක ප්‍රදර්ශනාත්මකව අසුරා තිබිණි. මෙම විසල් මන්දිර බටහිර හා චීන මෝස්‌තර අනුව තද පැහැ වර්ණවලින් අලංකාර කර තිබිණි.

    ජෝන් ෙච්න්, ක්‌ලින්ට්‌ ඊස්‌ට්‌වුඩ්, චාල්ස්‌ බ්‍රොන්සන් වැන්නන් සේම බෲස්‌ලී ද තමාටම ආවේණික වූ රංගන විලාශයක්‌ උරුම කර ගැනීම කැපී පෙනෙයි. මට මා කරන දේ ගැන විශ්වාසයක්‌ පවතින තුරු ප්‍රේක්‍ෂකයා මාව විශ්වාස කරනු ඇත. බෲස්‌ලිගේ චිත්‍රපට කලාවේ මෙන්ම ජීවිතයේ තේමා පාඨයද වන්නේ එයයි. සිය තුන්වන චිත්‍රපටය වූ Way of The Dragon නිපදවීමේදී 'ලෝවෙයි' සමඟ එක්‌ව කටයුතු කිරීම අපහසු විය. ඒ ඔහු ලාභයෙන් වැඩි කොටසක්‌ ඉල්ලා සිටීමයි. මෙම නිසා ඉදිරි චිත්‍රපට නිෂ්පාදන කටයුතු වෙනුවෙන් 'රේමන්ඩ් ඩෝ' සමඟ එකතුවී Concorde Prodauction නමින් චිත්‍රපට නිෂ්පාදන සමාගමක්‌ පිහිටුවා ගන්නට බෲස්‌ලී කටයුතු කළේය. බෲස්‌ලීගේ Way of the Dragon යුරෝපයේ රූපගත කරන ලද ප්‍රථම හොංකොං චිත්‍රපටයයි. ලොස්‌ ඇන්ජලීස්‌ හි ප්‍රවීණ කරාතේ සටන් ශිල්පියා වූ චක්‌ නොරිස්‌ සමඟ චිත්‍රපට ලොමු ඩැහැගන්වන සටන් ජවනිකා පෙළ අදටත් ප්‍රේක්‍ෂක මතකය තුළ සදා රැව් දෙයි. මුල් චිත්‍රපට දෙකෙහිම වාර්තා සුනුවිසුනු කළ මෙම චිත්‍රපටය බෲස්‌ලිගේ ජීවිතය තවත් ඉහළට ඔසවා තබන්නට සමත්විය.

    මේ අතර ඊළඟ චිත්‍රපටය වූ The Game of Death සඳහා කතාවක්‌ සිතෙහි මවාගෙන සිටි බෲස්‌ලී වෝනර් සහෝදරයන් වෙතින් තවත් චිත්‍රපටයකට ආරාධනා ලැබිණි. එය Enter The dragon නම් විය. මේ අතර බෲස්‌ලිට හිතවත් අය තිරකතා හා තිරපිටපත් රැසක්‌ චිත්‍රපට සඳහා ඉදිරිපත් කළ අතර ඒ කිසිවක්‌ ලී තඹයකට මායිම් නොකළේය. තමාට විශ්වාස තම සිතෙහි හටගන්නා කතා වස්‌තුවක්‌ම බව බෲස්‌ලි තරයේ විශ්වාස කිරීම ඊට හේතුවයි. මේ කාලය වන විට ඇමරිකාව, ඉතාලිය හා පෙරදිග චිත්‍රපට සමාගම්වලින්ද ලීට චිත්‍රපට සඳහා ආරාධනා ගලා එන්නට විය.

    මේ කාලයේ Game of Death චිත්‍රපටයේ රූගත කිරීමේ නවතා Enter The Dragon රූගත කිරීම සිදුවිය. මේ අතර ඩොලර් මිලියන ගණන් වටිනා චෙක්‌පත් රැගෙන නන්නාඳුනනා ධනවතුන් නව චිත්‍රපටවලට ආරාධනා කරමින් තම නිවසට පැමිණි මුත් බෲස්‌ලි එම මුදල් තදින්ම ප්‍රතික්‍ෂේප කළේය.

    මට විශ්වාස කරන්න බෑ. මිනිස්‌සුන්ගේ මේ ආදරේ. මේවා මහ පුදුම වැඩ. මං කාව විශ්වාස කරන්නද" එවන් විටක ලී පැවැසුවේ වැනි වූ අදහසකි. ෆේ‍ර‍රඩ් වෙයින්ත්‍රබ් හා හෝල් හෙලර් විසින් සික්‌වොයියා චිත්‍රපට සමාගම වෙනුවෙන් Enter The Dragon නිෂ්පාදනය කළ අතර චිත්‍රපටයේ රූගත කිරීම් කරන අතරතුර සිනමා සඟරා 27 ක බෲස්‌ලීගේ විවිධ ඡායාරූප පළ විය. මෙහිදී නාගයකු සමඟ දර්ශනයක්‌ රූපගත කරද්දී නාගයා බෲස්‌ලීට දෂ්ඨ කරනු ලැබීය. එහෙත් විෂ දළ ඉවත්කර තිබූ හෙයින් බෲස්‌ලීගේ ජීවිතයට ඉන් හානියක්‌ නොවිනි.

    මේ අතර චිත්‍රපට සටන් ජවනිකා ඇස්‌බැන්දුම් යෑයි විශ්වාස කළ ඇතැම් සටන් නළුවන් බෲස්‌ලී සමඟ විවෘතවම සටනට පිවිසුණු අවස්‌ථාද තිබිණි. මේ නිසා සැඟවී සිට බෲස්‌ලීට පහර දී හෝ මකරා පැරදූ බවට පුන පුනා කීමට බලා සිටි ඇතැම් සටන් නළුවන් බෲස්‌ලීට ඊර්ෂ්‍යා කළහ. එවන් අය බෲස්‌ලීගේ එකම පහරකින් ජීවිතේටම මතක හිටින පාඩම් ඉගෙන ගත් අතර පත්තරවල එම වාර්තා ඉතා නරක අන්දමින් දිගට හරහට පළවිය. මේ පිළිබඳව කිසිදු ප්‍රකාශයක්‌ බෲස්‌ලිගෙන් කිසිදු මාධ්‍යයකට ලබාගැනීමට නොහැකි විය. ජෝන් සැක්‌සන්, ජිම්කෙලි හා හර්සන්ස්‌ ඇංජලා, මයොන් ජිං, බොමිවෝල් සමඟ බෲස්‌ලි රඟපෑ Enter The Dragon නම් වූ අතිශයින්ම සාර්ථක චිත්‍රපටය නැරඹීමට තරම් බෲස්‌ලී වාසනාවන්තයෙකු නොවීය. ලී මොළය ඉදිමීමේ රෝගී තත්ත්වයකින් පසුවන බව මුල්වරට අනාවරණය වූයේ Enter The Dragon චිත්‍රපටයේ අවසාන හඬකැවීම් සිදුවන අතරතුර බෲස්‌ලි හදිසියේ සිහිනැතිවීමට වෛද්‍යවරුන් විසින් හේතු සොයද්දීය. සිහි විසඥවීමට හේතු විමසූ මෙම වෛද්‍යවරුන්ට සිහිය ලද බෲස්‌ලී පැවසුවේ තමා ගංජා කොළ කීපයක්‌ සපා ගිල දැමූ බවයි.

    ඉන්පසු පූර්ණ වෛද්‍ය පරීක්‍ෂණයකට ලොස්‌ ඇන්ජලීස්‌ බලා ගිය බෲස්‌ලී තම මවට (ග්‍රේස්‌ලි) පවසා තිබුණේ තමා මරණයේ දොරටුවටම ගොස්‌ ආපසු පැමිණි බවයි. නැවත හොංකොං බලා පැමිණි බෲස්‌ලි Game of Death චිත්‍රපටයේ රූපගත කිරීම්වල නිරත වුණේය.

    මේ අතර චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වූ බෙට්‌ පෙයි ගේ නිවසට ගොස්‌ චිත්‍රපටයේ තිර රචනය හා අවසන් ජවනිකා ගැන කතා කරන්නට රේමන්ඩ් මෞ (චිත්‍රපටයේ නිෂ්පාදක) හා ලී තීරණය කළේය. බෙට්‌ගේ නිවසට පිවිස මඳ වෙලාවකින් තදබල හිසේ අමාරුවක්‌ ඇති බව පැවසූ ලීට බෙට්‌ විසින් ඇයට ඇගේ වෛද්‍යවරයා ලබාදුන් වේදනා නාශක පෙත්තක්‌ බොන්නට දුන්නාය. ඒ බෲස්‌ලිගේ හිසේ වේදනාව මඳකට සමනය කරනු විනා තුන් හිතකින් වත් අහිතකින් නම් නොවේ.

    වේදනා නාශක පෙත්ත බෲස්‌ලීට කිසිදු සහනයක්‌ නොගෙනා අතර ඔහුගේ අකුණු පහර මෙන්ම ඉතා ක්‍ෂණිකව මේ අසහාය සටන් ශූරයාගේ, දඩබ්බරයාගේ අවසන් ජීවිත හුස්‌ම ඒ වන විටත් ගුවනට මුසුවී තිබිණි. බෲස්‌ලිගේ මරණය වසදීමක්‌ නිසා සිදුවූවකැයි සැක කළ නිසා ඒ පිළිබඳවද වෛද්‍යවරු පරීක්‍ෂණ රැසක්‌ සිදුකළහ. එහෙත් අවසන් නිගමනය වූයේ මොළයේ නහරක්‌ පිපිරීමෙන් බෲස්‌ලී මියගිය බවය.

    සාමාන්‍යයෙන් මිනිස්‌ මොළයක බර ග්‍රෑම් 1400 ක්‌ බවත් බෲස්‌ලීගේ මොළයේ බර ග්‍රෑම් 1575 ක්‌ වූ බවත් ක්‌වීන් එළිසබෙත් රෝහලේ රෝග විනිශ්චය කිරීමේ වෛද්‍යවරයා, වෛද්‍ය ලිසෙට්‌ තම වාර්තා වල සඳහන් කරයි. මේ හැරෙන්නට නිතර අභ්‍යාසයේ යෙදීම නිසා පිටකොන්දේ ඇතිවූ ආබාධයට වෛද්‍ය උපදෙස්‌ මත ලී විසින් ගන්නා ලද "ඉක්‌වජෙසික්‌ පෙති වල" කිසියම් විෂ වීමක්‌ ලී ගේ මරණයට හේතුවිය හැකි බවද වෛද්‍ය ලිසෙට්‌ ප්‍රකාශ කළේය.

    ලන්ඩනයේ සිට ලීගේ මරණ පරීක්‍ෂණය සඳහාම පැමිණි අධිකරණ වෛද්‍ය විශේෂඥයකු වූ මහාචාර්ය ටෙළුරා, ලීගේ මරණය අර්ථකථනය කළේ මෙය ඉතා අවාසනාවන්ත සිදුවීමක්‌ ලෙසයි.

    තවමත් බොහෝ දෙනා බොහෝ මත බෲස්‌ලීගේ මරණය වෙනුවෙන් ඉදිරිපත් කරති. බෲස්‌ලීගේ සටන් ක්‍රමය පිළිබඳව බද්ධ වෛරයෙන් පසුවූ ජපන් නින්ජාවරු විසින් දැන සිටි රහස්‌ ඖෂධයක්‌ මගින් බෲස්‌ලී නිහඬ කරවන්නට ඇති බව, ඒ මත සිය ගණනක්‌ අතරින් එකක්‌ පමණි. මන්ද අදෘශ්‍යමානව සිටි මේ කලාව උගන්වන ජපන් නින්ජාවරු අදෘශ්‍යමාන ඝාතකයන්ද විය හැකි බැවිනි.


    රඹුක්‌කන කීර්ති එස්‌. කුමාර
     
    Last edited:
    • Like
    Reactions: chanakamanjula

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    piisu wedak ban okkoma iwarai eka undekin haa nedda

    එහෙම තමයි ඉතින් ඒ කාලෙට ඕවා ගැලපුනා.දැන් යුද්ධ අස්සේ මේවා කරන්න බෑ තමයි.ඒත් ඉතින් ආත්මාරක්ෂාව නරක නෑනේ.මොකෝ හැම එකාම තුවක්කු පිස්තෝල අරගෙන යන එකක් යෑ
     

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    aparade bn BRUCE LEE hitiyanan thama innawa neda? godak janappriya minissu hari ikmanata adu wayasen marenawa.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,932
    6,244
    113

    crow ෆිල්ම් එකේ ෂූටින් එක වේලාවකදී වෙඩි වැදිලා

    ekath onakaminma karapu wadak wage ban.loku game ekak yatin gihin wage matanam penne.mokada brandon lee ta bruce lee okkoma ugannala thibbe.marapu unta me dennama maranna onakama thibila thiyenawa.dennama eka widihakata maruwoth saka karana nisa dewidiyakata maranna athi.:(