මේ ගැන ලියූ විශ්ලේෂණයක්.
====================
රාවණා කියන්නෙ ථේරවාදයට පහර ගහන්න යොදාගත්ත උපක්‍රමයක්. ඒ අනුව ඒ සම්බන්ධයෙන් පහත කාරණා අවධාරණය කළ යුතුයි.
1. මහායාන ලංකාවතාර සූත්‍රයට රාවණා කෙනෙක් සහ ලංකාව කියන "නම" ඇතුළත් වෙලා තියෙනවා.
2. ජාතක පොතේ දශරථ ජාතකයේ මහා බෝසතාණන් වහන්සේ රාම කුමාරයා. රාවණාවාදීන්ට අනුව රාමකුමරු දුෂ්ට ප්‍රතිවාදියකු වනවා.
3. දැන් කාලේ ඉන්න රාවණාවාදීන් රාවණා සක්විති රජෙක් විදියටත් හඳුන්වනවා.
4. ඔහු සක්විති රජකු නම් ජම්බුද්වීපයට (අපට දැනෙන පෘථිවි මහද්වීපයට) අමතරව අපරගොයාන, පූර්ව විදේහ, උතුරුකුරු දිවයින කියන මහද්වීපයන්ද ඇතුළත්ව සතර මහද්වීපයන් ම ලංකාද්වීපයේ සිටම පාලනය කළා වනවා.
5. එයින් ඔවුන් ඒත්තු ගන්වනවා ලංකාද්වීපය යනු ජම්බුද්වීපයයි, එහි සක්විති රජුන් ද පහළ වන්නේ ය යනුවෙන්.
6. ඒ අර්ථයෙන් ම තථාගතයන් වහන්සේලා ද පහළ වන්නේ මේ දීපයේ ම බව ඔවුන්ට අනුව එයින් දැක්විය හැකියි.
7. ලංකාවතාර සූත්‍රයට අනුව රාවණා රජුට ධර්මය දේශනා කළේ අපගේ තථාගතයන් වහන්සේට පෙර වැඩසිටි තථාගතයන් වහන්සේ නමක් ලෙස ද ඔවුන් දක්වනවා.
8. ඒ අර්ථයෙන් ථේරවාදයේ එන පරිදි බුද්ධාන්තරය යනු එතරම් දීර්ඝ කාලයක් නොවන බවට පෙන්වා දෙනු ලබනවා.
ථේරවාද සම්ප්‍රදාය ඉක්මවමින්, මහායාන ඉගැන්වීම් ස්ථාපනය කිරීම පිණිස නිර්මාණය කරන ලද ලංකාවතාර සූත්‍රයට රාවණා ඇතුළත් කළ අවශ්‍යතාවය ම අද මීවනපලානේ පාර්ශවයේ ඉගැන්වීම් සත්‍යාපනය පිණිස ද යොදා ගැනෙමින් පවතිනවා.
ඒ අනුව රාවණා පිළිගන්නා සියලු දෙනා තථාගතයන් වහන්සේ විසින් වදාළව, මහා සංගායනා සතරක් ඔස්සේ රහතන් වහන්සේලා විසින් භානක ක්‍රමයට නිකැළැල්ව පවත්වා ගනිමින් ග්‍රන්ථාරූඪ කරන ලද ත්‍රිපිටකගත සද්ධර්මයට අභියෝග කරනු ලබන බව ස්ථීරව පෙන්වා දීමට හැකියි