බෞද්ධ කියන්නේ දර්ශනයක්. ආගමක් නෙවෙයි බෞද්ධ යනු බුද්ධිය මෙහෙය වීම කියන එකයි.එහෙම නැත්නම් බුද්ධිය භාවිතා කර තාර්කානූකූල ලෙස තමන්ගේ වට පිටාව දෙස උපේක්ෂා ලෙසින් බැලීමටයි. බෞද්ධ දහමේ උගන්වනවා තමයි ඇලීම හොද නැති දෙයක් බව නමුත් සාමාන්‍යය මිනිසෙක් තමන්ව තෘප්ත කරගැනිම සදහා යම් ප්‍රමාණයකට තමන්ගේ පස ඉදුරන් පිනවා ගත යුතුයි මොකද මේකෙන් තමගේ මානසික මට්ටම සතුටු දායක ප්‍රමාණයකින් තබාගන්න පුලුවන් නිසා. යමෙක් හිතනවා නම් පස ඉදුරන් පින වීම වැරදියි කියලා අදාළ කෙනා අනිවාර්‍යයෙන්ම මහණ වී අරහත් වෙන්න උත්සහා කරන්න ඕනේ නමුත් යමෙන් ගිහිගිහි ඉන්නවා නම් ඒකේ තේරුම ඔහුට හෝ ඇයට සසරේ තව ඉන්න ඕන කියන එක නේ? ඉතින් එහෙම කෙනෙක් පස ඉදුරන් පින වීමෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වීම අර්ථ ශූණ්‍යය දෙයක් මොකද ගිහිගෙහි උඩ බලන් හිටියටවත්, පස ඉදුරන් පිනවීමෙන් ඈත්වෙලා හිටියත් අරහත් වෙන්නේ නැති නිසා. ඒකට සමථය වඩලා විපස්සනාව වඩන්න ඕනේ. ඉතින් මේක කළ හැක්කේ මහණ වුවොත් විතරයි නිවැරදි ලෙස, ගිහිගෙහි කරන එක ලේසි වැඩක් නෙවෙයි. ඉතින් ගිහිගෙහි ඉන්න මිනිස්සු තමන්ගේ මනස තෘප්ත කරගන්න මේ වගේ දෙයක් බැලුවට කමක් නෑ.
සිරස කුමරිය වැරදි වෙන්නේ කොහොමද ? දෙරණ තියෙන Reality Show වැරදි වෙන්නෙ කොහොමද ?
හිරු පාටි වැරදි වෙන්නෙ කොහොමද? මේ ඔක්කොම තියන්නේ ගිහියන්ටයි. ඉතින් මේ කිසිම දෙයක් වැරදි නෑ.