Budget එකෙන් වාහන මිල මොනා වෙයිද?

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,578
    17,633
    113
    Auckland
    1300cc + car taxes wadi wenawa

    made in india cars tax wadi wenawa :D :D

    upto 1000cc tax adu wenawa :D

    a kiyanne japanese batta van wala ganan adu wena seen ekak yanne , anik hama dema wadi wenawa. including hybrid
     

    kalu_kaputa

    Member
    Sep 4, 2014
    262
    18
    0
    මෙවර අයවැය යෝජනා මගින් වාහන ආනයනය සඳහා වන බදු ගණනය කිරීම සරල කිරීමට රජය තීරණය කිරීම හේතුවෙන් වෑන් රථවල මිල ගණන් කැපීපෙනෙන ලෙස අඩුවනු ඇතැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරෙංචිගේ මහතා පැවැසීය. ඒ අනුව ඉදිරියේද හයිඑස් (Hiace) වෑන් රථයක මිල රුපියල් ලක්ෂ 10කින් පමණ අඩුවනු ඇති බවත්, අනෙකුත් වර්ගවල වෑන් රථවල මිල ගණන්ද රුපියල් ලක්ෂ 10ත් 5ත් අතර, ප්‍රමාණයකින් අඩුවනු ඇති බවත් ඔහු සඳහන් කළේය. වෑන් රථ සඳහා වූ බද්ද 152 සිට 98 දක්වා, 1/3ක් ප්‍රතිශතයකින් අඩුවීම හේතුවෙන් පාරිභෝගිකයන්ට මෙම සහනය හිමිවන බව මෙරෙංචිගේ මහතා පෙන්වා දුන්නේය. මෙම සහනය තවත් මාස 1 1/2කින් පමණ පාරිභෝගිකයන්ට ලැබෙනු ඇති බවත් ඔහු කියාසිටියේය.
    මීට අමතරව පරිසර හිතකාමී මෝටර් රථ ප්‍රචලිත කිරීමේ අරමුණින්, ඉලෙක්ට්‍රික් මෝටර් රථ සඳහා වූ බද්ද 38 සිට 23 දක්වා පහත හෙලීමට රජය තීරණය කිරීම හේතුවෙන් එම රථවල මිලද රුපියල් ලක්ෂ 3කින් පමණ අඩුවන බව ඔහු සඳහන් කළේය. මෙරෙංචිගේ මහතා වැඩිදුරටත් කියාසිටියේ ඉන්දියාවෙන් සහ චීනයෙන් ගෙන්වනු ලබන වටිනාකමින් අඩු මෝටර් රථ සඳහා අනිවාර්යයෙන් ගෙවිය යුතුව තිබූ රුපියල් ලක්ෂ 6 1/2ක බදු මුදල, බදු ක්‍රමය සරල කිරීම හේතුවෙන් ලිහිල්වීම නිසා, එම මෝටර් රථවල වටිනාකමද රුපියල් ලක්ෂ 2-3 අතර, මිලකින් අඩුවනු ඇති බවය. මෙම මිල පහළයාම වටිනාකමින් වැඩි ජපන් මෝටර් රථ සඳහා අදාළ නොවන බවද ඔහු පැවැසීය. හයිබ්‍රිඩ් රථ සඳහා වන බද්ද 60 සිට 58.5 දක්වා සුළු ප්‍රතිශතයකින් අඩුකොට ඇති බැවින් හයිබ්‍රිඩ් රථවල මිල ගණන්වලද සුළු අඩුවීමක් අපේක්ෂා කළ හැකි බව මෙරෙංචිගේ මහතා සඳහන් කළේය. 2010 වසරේ අයවැය මගින් හයිබ්‍රිඩ් රථ සඳහා ලබාදුන් සහනය ඉදිරියට පවත්වාගෙන යාමට මෙවර අයවැයෙන් රජය පියවර ගෙන ඇතැයි ඔහු කියා සිටියේය. පෙට්‍රල් මෝටර් රථ සඳහා වූ බද්ද 200 සිට 175 දක්වා අඩු වී තිබුණද, ඒ සඳහා අය කෙරෙන බදු ප්‍රතිශතය තවමත් ඉහළ අගයක් ගැනීම හේතුවෙන් ඉදිරියේදීද එම මෝටර් රථ මෙරටට ගෙන්වීමට වාහන ආනයනකරුවන්ට අපහසුවනු ඇති බවත්, එබැවින් එම සහනය පාරිභෝගිකයන්ට ලබාගැනීමට නොහැකිවන ඇති බවත් ඔහු පැවැසීය. සමස්තයක් වශයෙන් ගත්කළ මෙවර අයවැයෙන් රථවාහන පාරිභෝගිකයන්ට සහන හිමිවී ඇති බව මෙරෙංචිගේ මහතා කියාසිටියේය. වාහන ආනයනය කිරීමේදී මතෛක් අය කළ සියලු බදු වර්ග එක්කොට එක් නිෂ්පාදන බද්දක් හඳුන්වාදීමට මෙවර අයවැයෙන් රජය පියවර ගෙන ඇති බවත් වසර ගණනාවක සිට කළ ඉල්ලීම්වල ප්‍රතිඵලයක් ලෙස මෙසේ බදු ක්‍රමය සරල කිරීම මෙවර අයවැයේදී ගත් සුවිශේෂී තීරණයක් ලෙස සලකන බවත් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා කියාසිටියේය.
     
    Last edited: