දැන් තියෙන බඩු මිලත් එක්ක රුපියල් 15ක් නැතිව බිත්තරයක් නිෂ්පාදනය කරන්න බැහැ. බඩඉරිඟු රුපියල් 30-35ට තිබුණු කිලෝවක් දැන් රුපියල් 72යි. රුපියල් 38ට තිබුණු හුනුසාල් කිලෝවක් අද වන විට රුපියල් 58යි. ඊ විටමින් කොට්ටයක් රුපි. 26,000-31,000 අතර තිබුණේ. අද වන විට එය 65,000-70,000 පමණ වෙනවා. බිත්තර නිෂ්පාදකයන් පිටරට අමුද්‍රව්‍ය 75෴ක් යොදා ගන්නවා. ලංකාවෙන් බඩඉරිඟුයි හුනුසාලුයි විතරයි ගන්නේ. සාමාන්‍යයෙන් ෆාම් එකේ කුලියත් එක්ක බලද්දී බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 16.25ක් යනවා. එහෙම නැත්නම් සාමාන්‍ය වියදම රුපියල් 13.50ක් වෙනවා. ප්‍රීමා කුකුල් කෑම කිලෝ 50 කොට්ටයක් රුපියල් 4500ක් වෙනවා. ඒ කියන්නේ කෑම කිලෝ එකක් රුපියල් 90යි. කුකුල්ලු 100ක් දවසකට දාන්නේ බිත්තර 80යි. ඒ සත්තු 100ට දවසකට කෑම කිලෝ 12ක් යනවා. ඒ වියදම් බලද්දි ගොවියාට ලැබෙන්නේ පොඩි ලාභයක්. රජය අයකරන බදු ටික අයින් කළා නම් මීට වඩා අඩුවට බිත්තරයක් නිෂ්පාදනය කරන්න තිබුණා. පසුගිය කාලයේදී බිත්තරයක් රුපියල් 8ට 9ට දීලා පාඩු වූ නිසා ගොවියෝ විශාල පිරිසක් මේ කේෂ්ත්‍රයෙන් අයින් වුණා. අද පැටියෙක් ළඟට නිකන් ගෙනත් දුන්නත් පාඩු නැතිව හදන්න බැහැ. දැන් රුපියල් 10ට 12ට බිත්තරයක් කන්න බැහැ. - බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක