Button Battery පරිස්සම් වෙයන්

lapatieka

Active member
  • Jun 8, 2011
    492
    82
    28
    Button Battery පරිස්සම් වෙයන්

    ඊයේ සිදුවුණු දෙයක් නිසා මේ දේ උබලටත් බෙදාගන්න හිතුවා

    අපේ අක්කා කෙනෙක්ගේ බබා Button Battery එකක් ගිලලා
    ඩිස්පෙන්සරි එකකට ගියාම ඉස්පිරිතාලේ යන්න කියලා
    පස්සේ එක්ස්රේ කරලා ඒ වෙලාවේම තියටර් එකට අරන් මේක අයින් කරලා

    දෙමව්පියන්ටත් බැනලා නොසැලකිලිමත් කම කියලා
    සාමාන්‍යයෙන් පොඩි ළමයි අතින් පොඩි පොඩි දේවල් ගිලෙනවනේ
    මෙච්චරටම බය වෙන්න හේතුව මම ටිකක් හොයලා බැලුවා

    මෙතන තියෙනවා හොද පැහැදිලි කිරීමක් මේකේ භයානක කම ගැන

    පොඩි අය ඉන්න මමත් උබලත් ළමයින්ට දෙන දේවල් ගැන සහ ළමයි ගැන මිට වඩා පරිස්සම් වෙයල්ලා....
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,024
    113
    ඔව් මචන් පොඩි උන් හැම දේම කටේ දාගන්නවා.සමහරක් අය තමා ඔහොම ගිලින්නේ.සමහර විට ගිලෙනවා ඇති.අපේ පොඩි එකී නම් ඔය වගේ දෙයක් දැක්කත් අපිට ඒක ගෙනල්ලා දෙනවා.කවදාවත් කටේ දාගන්නේ නැහැ.ඒ විදිහට කරන්න අපි පුරුදු කරලා තියෙන්නේ.
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    එක දවසක් ගිල්ලම කෙලපන් අල්ලන්
    එතකොට ආයෙ කන්නෙ නැහැ :)
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මචන් කිව්වට තරහා වෙන්න එපා. පොඩි දරුවො ඉන්න ගෙදරක වටපිටාව පොඩි දරුවන්ට තියෙන අවදානමට හරියන විදියට හදන්න ඕන. එහෙම නැතුව දෙයක් වුනාම බොරුවට විලාප තිබ්බට වැඩක් නෑ. නිවුස් වල දකින තරමක් දකින්නේ එහෙම සිද්ධි. ඇති ඕක පුපුරලා ඇතුලේ තියෙන දේවල් බඩට එකතු නොවුන එක.
     

    lapatieka

    Active member
  • Jun 8, 2011
    492
    82
    28
    මචන් කිව්වට තරහා වෙන්න එපා. පොඩි දරුවො ඉන්න ගෙදරක වටපිටාව පොඩි දරුවන්ට තියෙන අවදානමට හරියන විදියට හදන්න ඕන. එහෙම නැතුව දෙයක් වුනාම බොරුවට විලාප තිබ්බට වැඩක් නෑ. නිවුස් වල දකින තරමක් දකින්නේ එහෙම සිද්ධි. ඇති ඕක පුපුරලා ඇතුලේ තියෙන දේවල් බඩට එකතු නොවුන එක.

    kathaawa aththa machan
    e akkalaa genalla dunna toy ekaka thibila gilala thiyenne

    any way akkalata oita wadaa wagakim sahagatha wenna thibuna...