BYD ආයෙත් රේගුවේ හිරවෙයි BYD අවුල අදත් අධිකරණයේදී නොවිසදේ.. තව දිගට ඇදේ…

2osama

Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ
    BYD අවුල අදත් අධිකරණයේදී නොවිසදේ.. තව දිගට ඇදේ…

    WhatsApp-Image-2025-02-21-at-10.34.56.jpeg

    ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින BYD වාහනවල මෝටර් ධාරිතාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙස අභියාචනාධිකරණය අද (ඔක්: 24) රේගුවට නියම කළේ ය.

    රේගුව විසින් ජාතික ආර්ථිකයට බදු මුදල් රැස් කරනු ලැබීම ඉතා වැදගත් වනවා සේ ම වාහනවල ගැනුම්කරුවන්ගේ මෙන් ම ආනයනික සමාගම්වල යහපත සම්බන්ධයෙන් ද අධිකරණයට සලකා බැලීමට සිදුවන බව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේ ය.

    එමනිසා, මෙම විමර්ශන කඩිනමින් අවසන් කළ යුතු බවත්, ඒ සඳහා සහය ලබා දෙන ලෙස පෙත්සම්කාර පාර්ශවයටත් විනිසුරුවරයා දැනුම් දුන්නේ ය.

    රේගුව රඳවාගෙන සිටින සිය වාහන නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජෝන් කීල්ස් CG සමාගම විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම කැඳවූ අවස්ථාවේදී විනිසුරුවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

    https://lankacnews.com/අවුල-අදත්-අධිකරණයේදී-නොව/
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ
    ඔය ඔක්කොම හොර ගුහාවල්.
    මේකට නම් හේතුව ආණ්ඩුව හැම මාගුලකින්ම උපරිම බදු ගහලා මිනිස්සු හූරගෙන කන්න බලන නිසා බන්
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    මේකට නම් හේතුව ආණ්ඩුව හැම මාගුලකින්ම උපරිම බදු ගහලා මිනිස්සු හූරගෙන කන්න බලන නිසා බන්
    ඔතන යන්නේ තඩි ඩීල් එකක්. හැමෝම බලන්නේ කීයක් හරි අරගෙන පැත්තකට වෙන්න. ලංකා නිවුස් වෙබ් චන්දිමයා ගැහුවා දඩ ගේමක්.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ
    ඔතන යන්නේ තඩි ඩීල් එකක්. හැමෝම බලන්නේ කීයක් හරි අරගෙන පැත්තකට වෙන්න. ලංකා නිවුස් වෙබ් චන්දිමයා ගැහුවා දඩ ගේමක්.
    මොකක්ද බං ඒ ගේම
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,709
    8,981
    113
    kandy
    මේ මාසේ 28 කල් ගියා . බජට් එක එනකන් තියා ගැනයි වගේ