BYD අවුල අදත් අධිකරණයේදී නොවිසදේ.. තව දිගට ඇදේ…
ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින BYD වාහනවල මෝටර් ධාරිතාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙස අභියාචනාධිකරණය අද (ඔක්: 24) රේගුවට නියම කළේ ය.
රේගුව විසින් ජාතික ආර්ථිකයට බදු මුදල් රැස් කරනු ලැබීම ඉතා වැදගත් වනවා සේ ම වාහනවල ගැනුම්කරුවන්ගේ මෙන් ම ආනයනික සමාගම්වල යහපත සම්බන්ධයෙන් ද අධිකරණයට සලකා බැලීමට සිදුවන බව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේ ය.
එමනිසා, මෙම විමර්ශන කඩිනමින් අවසන් කළ යුතු බවත්, ඒ සඳහා සහය ලබා දෙන ලෙස පෙත්සම්කාර පාර්ශවයටත් විනිසුරුවරයා දැනුම් දුන්නේ ය.
රේගුව රඳවාගෙන සිටින සිය වාහන නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජෝන් කීල්ස් CG සමාගම විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම කැඳවූ අවස්ථාවේදී විනිසුරුවරයා මේ බව ප්‍රකාශ කළේ ය.
https://lankacnews.com/අවුල-අදත්-අධිකරණයේදී-නොව/