C ++ භාවිතයෙන් දෙන ලද සංඛ්‍යාවක් ඔත්තේද ඉරට්ටේද යන්න සොයමු

maleesha udan

Well-known member
  • Jan 23, 2019
    206
    436
    63
    අපි බලමු කොහොමද C ++ පාවිච්චි කරලා දෙන ලද සංඛ්‍යාවක් ඔත්තේද ඉරට්ටේද (odd / even) කියල හොයන්නේ

    ඇත්තමට කිව්වොත් මේක අති සරලම Program එකක්. ඒ උනාට මේ program එකේදී පාවිච්චි කරන Arithmatic Operator එකක් වන modulus (%) opeartor එක ක්‍රියාකරන විදිහ තේරුම් ගන්න හොද program එකක් මේක.

    මන් මේ ප්‍රෝග්‍රෑම් එක දෙවිදිහකට ලියලා තියෙනවා

    1) User Input නැතිව - ඒ කියන්නේ පරිශීලකයා විසින් යම් සංඛ්‍යාවක් ඇතුළු කරන් නැ , ඒ වෙනුවට program එකට default දීලා තියෙන යම් සංඛ්‍යාවක් ඔත්තේද ඉරට්ටේද කියලා check වෙනවා

    //without user input

    #include <iostream>
    using namespace std;
    int main()
    {
    int num=20;
    if(num%2==0) cout<<num<<" is an even number"<<endl;
    else cout<<num<<" is an odd number"<<endl;
    return 0;

    }


    2) User Input සහිතව - මේකෙදි පරිශීලකයට අවස්ථාව ලැබෙනවා ඔහුට කැමති සංඛ්‍යාවක් Program එකට input කරලා ඒ සංඛ්‍යාව ඔත්තේද ඉරට්ටේද කියලා පරික්ෂා කරලා බලන්න

    //using user input

    #include <iostream>
    using namespace std;
    int main()
    {
    int num;
    cout<<"Enter a number"<<endl;
    cin>>num;
    if(num%2==0) cout<<num<<" is an even number"<<endl;
    else cout<<num<<" is an odd number"<<endl;
    return 0;
    }


    මේ අවස්ථා දෙකේදීම මන් පාවිච්චි කලේ If -Else conditional Structure එක
    ඒවගේම පරික්ෂා කරලා බලන සංඛ්‍යාවේ Variable එකේ data type එක විදිහට මන් ගත්තේ int (integer + හෝ - පුර්ණ සංඛ්‍යා)
    වැදගත්ම දේ තමා Operator එක. මෙහෙදී භාවිතයට ගන්න arithmatic operator එක තමා Modulus operator එක.මේක Binary operator එකක්.

    අපි දන්නවා යම් සංඛ්‍යාවක් ඉරට්ටේ සංඛ්‍යවක් (even number) වෙන්න නම් ඒ සංඛ්‍යාව දෙකෙන් ඉතුරු නැතිව බෙදෙන්න ඕනේ
    ඔත්තේ කියන්නේ යම් සංඛ්‍යවක් දෙකෙන් හරියටම බෙදෙන් නැති සංඛ්‍යා

    eg - 4/2 = 2 යි ඉතිරි 0 (ඉරට්ටේ)
    8/2 = 4 යි ඉතිරි 0 (ඉරට්ටේ)
    0/2 = 0 යි ඉතිරි 0 (ඉරට්ටේ) 0 (Zero) කියන්නෙත් ඉරට්ටේ සංඛ්‍යාවක්
    7/2 = 3 යි ඉතිරි 1 (ඔත්තේ)
    9/2 = 4 යි ඉතිරි 1 (ඔත්තේ)

    ඉතින් මෙතැනදී Modulus operator එකෙන් වෙන්නේ යම් සංඛ්‍යවක් තව සංඛ්‍යාවකින් බෙදුවහම කියක් ඉතිරි වෙනවද කියල පෙන්නන එක. මේ operator eke sign එක වෙන්නේ %

    eg - 7%2 = 1
    9%2 = 1
    4%2 = 0
    8%2 = 0

    ඉතින් මේ ක්‍රමේට අපිට පුළුවන් දෙන ලද සංඛ්‍යාවක් ඔත්තේද ඉරට්ටේද කියල හොයන සරල program එකක් C++ වලින් හදාගන්න 😎


    Free Online youtube video downloader - https://nacktube.com/