Cafe Managed By Students For Students The Kiosk

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,057
    26,514
    113
    Kandy
    මේක හරි අපූරු කතාවක්. සමහරවිට අපූරු මිනිස්සු ගොඩකගෙ කතා ගොඩක ආරම්භයක් වෙන්නත් පුලුවන්. ඔයා තවමත් කන්න ආවෙ නැත්තන් මේ ලියන්නෙ ඔයාට. ලෝකෙ සුන්දරම, අව්‍යාජම අවන්හලට දවසක එන්න.
    😊
    💚

    හැමෝම ජීවත් වෙන්නෙ අමාරුම කාලෙක ඉතින් ඒ වගෙ කාලෙක ළමයි වෙනුවෙන් ළමයි පවත්වාගෙන යන ආපනශාලාවක් ගැන මම මේ ලියන්නෙ ජීවිතේ පළවෙනි වතාවට. අමාරුවෙන් අධ්‍යාපනේ ඇදගෙන දහසකුත් ප්‍රශ්න අස්සෙ ජීවිතේ දවස් ගෙවන විද්‍යාර්ථයින්ට උදව් කරන්න විද්‍යාර්ථයින් පවත්වාගෙන යන ආපනශාලාවෙන් ඔයත් ඇවිත් උදේ කෑමක්, දවල් කෑමක්, රෑ කෑමක් අරං බලන්න.එහෙම නැත්තන් ඔයාට පුලුවන් මහන්සි වෙලාවක ඇවිල්ල අයිස් කොෆි එකක්, ජූස් එකක් බීල යන්න.
    🍔
    🍮️
    🍹
    🍽️

    ලෝකෙ දියුණු වෙන හැම තප්පරයකම අපිත් දියුණුවෙන එක ගැන අවංක සතුටින් අකුරු කරමි. ඉතින් මේ ඔයා වියදම් කරන හැම රුපියලක්ම ආයෙත් ලමයෙක් වෙනුවෙන් ලැබෙනව කියල දැනගෙන ඇග්‍රි ෆැකල්ටි එකට ඇවිත් මේ රසම රස කෑම එකක් කාලා යන්න....
    ❤️

    මිනිස්සුන්ට උදව් කරන්න අපිට අමුතුවෙන් තප්පර ජීවිතේ එන්නෙ නෑ. ඉතින් ගෙවෙන තප්පරේක මෙතනට ගොඩ වෙලා යන්න. ඔයාට පුලුවන් උදව්වක් කරන්න කවද හරි ලෝකෙ දිනන්න දඟලලා පොරකන ජීවිතේ අමාරුම තප්පරේක ඇදගෙන දුවන ළමයෙක්ට.
    ❤️

    ඉතින් දවසක ඔයත් ඇවිත් යන්න හන්තාන කඳු පාමුල තියෙන ලෝකෙ සුන්දරම හිත් දරාගත් මිනිස්සු ඉන්න පරාර්ථකාමීත්වයේ අවන්හලට....
    💚
    😌

    2023/01/11
    - සරංග කෝනාර -











    ලින්ක්
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,803
    22,075
    113
    Kaer Morhen
    thewitcher.com
    උසස් පන්තිකයන්ගේ සල්ලි නිර්ධන පන්තියට දෙන්න හදාපු එකක් නේද මේ, බලප්නකෝ රයිස් එක 500යි, නෝමල් ද 😪 ෂෝට් eats වල ගණන් අම්මෝ.
    හැබැයි ලස්සනයි රහයි වගේ
     
    • Haha
    Reactions: Honey Bunch

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,057
    26,514
    113
    Kandy
    උසස් පන්තිකයන්ගේ සල්ලි නිර්ධන පන්තියට දෙන්න හදාපු එකක් නේද මේ, බලප්නකෝ රයිස් එක 500යි, නෝමල් ද 😪 ෂෝට් eats වල ගණන් අම්මෝ.
    හැබැයි ලස්සනයි රහයි වගේ
    nikan kadekin ganan ahala balandako
     
    • Sad
    Reactions: Gwynbleidd

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,593
    1,001
    113
    උසස් පන්තිකයන්ගේ සල්ලි නිර්ධන පන්තියට දෙන්න හදාපු එකක් නේද මේ, බලප්නකෝ රයිස් එක 500යි, නෝමල් ද 😪 ෂෝට් eats වල ගණන් අම්මෝ.
    හැබැයි ලස්සනයි රහයි වගේ
    machan oka sustainable karanna competitive price karanna one. aneka oke food voucher program ekak yanawa. state universities wala inna lamai hamoma jeppo newe. meka attama honda concept ekak. nuwara oya standard eke kema gattama meka patta labai.