Campus කොල්ලෙක්ද මැරිලා තියෙන්නේ?

Dexter011

Well-known member
  • May 19, 2021
    5,543
    10,389
    113
    එහෙනම් අන්තරේ අවුස්සගත්ත වෙනවා
    ඔව් මේක ලොකු කේස් එකක් වෙයි තරුණ කොල්ලෙක් හින්දා...දුකයි බන් පවුලක් සැප ගන්න අමු අමුවේ මිනිස්සු මරනවා...🥺
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    ඔව් මේක ලොකු කේස් එකක් වෙයි තරුණ කොල්ලෙක් හින්දා...දුකයි බන් පවුලක් සැප ගන්න අමු අමුවේ මිනිස්සු මරනවා...🥺
    den itin tiyenne laksa ganan set wela arunge gewal pitinma gihi tiyela ratenma elona eka gadaffi style ban, keri ballo yanne ne wena monawa karath
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,486
    36,436
    113
    මැදමහනුවර
    මුව ආවරණය ඉවත් කිරීමට පෙර කියවන්න.

    ජනතා අරගල යටයවන ආණ්ඩුවේ නින්දිතම උපක්‍රමය හෙළිවේ.- පොදු ස්ථාන වල මුව ආවරණ පැලදීම අනිවාර්යය නොකිරීම එයයි.

    නමුත් බස් රථවල සහ උත්සව වලදී මුව ආවරණය පැලදීම අනිවාර්යය කිරීමෙන්ම මෙම තීරණය හුදෙක් වෙනත් අරමුනක් උදෙසා ගත් එකක් බව මනාව පිළිඹිබු වේ.
    මෙහි පහත් අරමුණ කිහිපයක් ඇත.

    1. නව කොවිඩ් පොකුරු ඇති කිරීම.

    2. නැවත කොරෝනා ව්‍යාප්ත වූ පසු රටම ලොක්ඩවුන් කර අරගල ඇතුලු සියලු ආර්ථික ප්‍රශ්න යට ගැසීම.

    3. පොදු ස්ථාන වල අරගලයේ යෙදෙන අරගල කරුවන් පහසුවෙන් හදුනා ගැනීම සහ කොවිඩ් ව්‍යාපත කර අරගල විසුරුවා හැරීම.

    4.නැවත වරක් රටේ ප්‍රධාන ප්‍රශ්නය බවට කොරෝනා පත් කිරීම සහ එමගින් ආර්ථික ප්‍රශ්න, දේශපාලන ප්‍රශ්න යට ගැසීම.

    බංකොලොත් දේශපාලුවන්ගේ උගුල් වලට අසුවී *මුව ආවරණය සුලු මොහොතකට හෝ ඔබෙන් ඈත් කිරීමට පෙර මදක් බුද්ධිමත්ව සිතා බලන්න.එයින් අහිමි වන්නේ ඔබේ ජීවිතයයි. ජීවිත හානියක් සිදු නොවී බොහෝ අය ජීවිතය බේරා ගත්තද කොවිඩ් 19 වැලදීමෙන් සිදුවන්නේ ඔබේ ප්‍රතිශක්තිය, ස්වසන පද්ධතිය විනාශ වීමයි. අවුරුදු ගනන් කල් පවත්නා විවිධ අතුරු ආබාධ ඇති වීමයි. විවිධ සංකූලතා හේතු කොට ගෙන ආයු කාලය බොහෝ දුරට කෙටි වීමයි.*

    එම නිසා මුව ආවරණය කිසිදු විටෙක ඉවත් නොකරන මෙන් ඔබෙන් ආයාචනා කරමි. මන්දයත් මේ වනවිටත් මාධ්‍යයෙන් අනාවරණය නොකළද රෝහල් කොවිඩ් රෝගීන්ගෙන් පිරී පවතින අතර ඔවුන්ට දීමට ඉදිරියේදී *පැරසිටමෝල් පෙත්තක්වත් මේ රටින් සොයා ගැනීමට නොහැකි බැවින් සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් සොයා ගැනීමට pcr,antigen කිරීමට කට්ටලවත් නොමැති බංකොලොත් වාතාවරණයක් රට තුල නිර්මාණයවී තිබෙන නිසාවෙනි.*

    මුලු ලොව පුරා නව කොවිඩ් රෝගීන් වැඩි ප්‍රමාණයක් හමුවන මෙවන් අවස්ථාවකදී පහත් දේශපාලන උගුල් වලට අසුවී ඔබගේ ජීවිතය බිල්ලට නොදෙන්න. *මන්දයත් පෙර තිබූ කොවිඩ් රැලි වලදී ජීවිත බේරා ගැනීමට දේවල් වලින් 1% ක් වත් ඉදිරියේදී එන කොවිඩ් රැලි වලදී මිනිසුන් රැක ගැනීම වෙනුවෙන් කිරීමට නොහැකි වන අන්ත අසරණ තත්වයකට මගේ රටත් සමස්ථ සෞඛ්‍ය පද්ධතියත් පත්වී හමාර බැවිනි.*
    බුද්ධිමත්ව සිතන්න.තීරණය ඔබ සතුයි.

    සටහන - ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනිල් සුබසිංහ

    මෙවන් අවස්ථාවකදී මුව ආවරණය ඉවත් කරන්න නම් එපා.ඒක පහත් දේශපාලන උගුලක්.

    මෙම පණිවිඩය ඔබගේ ආදරණීයයන් හා බෙදා ගන්න. ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම ඔබගේ යුතුකමකි.