canada inna agentla FYA.

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,792
    35,650
    113
    වොන්ඩර් ලැන්ඩ්
    රුපියල් කෝටි ගණනක් වටිනා ඉන්ධන අස්ථානගතවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමරිශන කොමිසම පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති මහා පරිමාණ වංචා සිද්ධියක චූදිතයකු යැයි කියන ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයකු හොර රහසේ විදේශගතව ඇති බව ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය. ඛනිජ තෙල් සංස්ථාවේ වාණිජ අංශයේ අදාළ නිලධාරියා සහ පිරිපහදුවේ උසස් නිලධාරීන් කිහිප දෙනකුට ඉන්ධන බැරල් අස්ථානගත වීමේ සිද්ධීන් කීපයක් සම්බන්ධයෙන් මෙසේ චෝදනා එල්ල වී ඇති අතර

    එම ඉන්ධනවල වටිනාකම රුපියල් කෝටි 900 කට ආසන්න බව ද කී එම නිලධාරියා ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ වාණිජ අංශයේ උසස් නිලධාරියා රැකියාවෙන් ඉවත් වන බව වෙනත් පාර්ශ්වයක් හරහා දැනුම් දී ඇති බව ද සඳහන් කළේය.

    චෝදනාලාභී නිලධාරියා ලබන වසරේ විශ්‍රාම යෑමට නියමිත බවත් ඔහු ඇමරිකාවට පිටත්ව යන බව දැනුම් දී තිබුණ ද කැනඩාවට ගොස් ඇතැයි දැන ගන්නට ලැබී ඇති බවත් එම නිලධාරියා කීය. එම නිලධාරියා ඇතුළු පිරිසක් එකතුව මෙරටට ආනයන කළ ඉන්ධන නෞකාවලින් ඉන්ධන බැරල් දහස් ගණනක් පිට කර ඇතැයි චෝදනා එල්ල වී ඇතැයි තෙල් සංස්ථාව කළ අභ්‍යන්තර පරීක්‍ෂණයකින් ද හෙළි වී තිබේ.

    මෙම මහා පරිමාණ ඉන්ධන ජාවාරම සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ද පැමිණිලි කර ඇති අතර ඉදිරියේ දී එම දෙපාර්තමේන්තුව ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරීන් රැසකගෙන් ප්‍රකාශ ගැනීමට නියමිත බව ද වාර්තා වේ.
    යොහාන් භාසුර