CarFi ? Powercup ?

ftthushara

Well-known member
  • Mar 1, 2011
    5,655
    1,498
    113
    Right Place
    CarFi?! Powercup? ඔබේ කාර් එක සුපර්කාර් එකක් කරන ගැජට් 6ක්


    1. CarFi – කාර් අන්තර්ජාලේ

    CarGadget-01.jpg


    වාහනේ අපි යත්දී අන්තර්ජාලේ භාවිතා කරනවා නම් ඒ කරන්න වෙන්නේ අපේ mobile data on කරගෙන තමයි. එත් ඉතින් එකට අපිට වන්දි ගෙවන්න වෙන්නේ අපේම බැට්රි ලයිෆ් එක බිල්ලට දීලා තමයි. (මොබයිල් ඩේටා ඔන් කලාම ඉකමනට බැටරි බහිනවා කියන එක අපි හැමෝම දන්නා දෙයක්නේ.) ඉතින් මේ වැඩේට කරන්න තියෙන හොඳම විසඳුමක් තමයි, වාහනේ ඇතුලේ වයිෆයි කලාපයක් හදාගන්න එක. ඒ වැඩේ ඉතින් මේ ගැජට් එකෙන් ලේසියෙන්ම කරන්න පුළුවන්. උවමනා වෙන්නේ සිම් එකක් විතරයි.

    Button.png


    2. Dashboard Cam

    CarGadget-02.jpg


    අපිට Dashboard Cam එකක වටිනාකම දැනෙන්නේ අපි වාහනේ වෙනත් වාහනයක හරි අපේ වාහනේට ඉස්සරහින් මොනවා හරි සිදුවීමක් සිදු වුනාම තමයි. පොලීසියට හෝ වෙනත් පාර්ශවයකට තමන්ගේ නිතිය ක්‍රියාත්මක කරන්න බොහොම පසු සාක්ෂි සපයන්නෙක් විදිහට මේ Dashboard Cam එක අපේ භාවිතා කරන්නන් අතර බොහොම ප්‍රචලිතයි. තත්ත්වයෙන් බොහොම උසස් උනත් මිල බොහොම සුළු ගණනක් වන Dashboard Cam ඔබට ඕනෑතරම් අන්තර්ජාලයෙන් මිලදී ගන්නට පුළුවන්.

    Button.png


    3. Sticky Mat

    CarGadget-03.jpg


    වාහනයක යනකොට අපේ දේවල් (ෆෝන්, සල්ලි, වෙනත් දේ) වාහනේ වෙගේත් එක්ක එහෙමෙහෙ විසිවෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩියි. ඉතින් එහෙම විසික් වෙන දේවල් එක තැනක රඳවාගන්න ඔබට මේවගේ sticky mat එකක් භාවිතා කරන එකෙන් ලද හැකි වාසි බොහොමයි. මිලත් බොහොම අඩුයි.

    Button.png


    4. Power Cup Inverter

    CarGadget-04.jpg


    පවර් කප් එක ඉබේ වාහනේ කප් හොල්ඩරේ රඳවා ගන්න, ඊට පසුව සිගරට් ලයිටර් ප්ලග් එක ගසන තැනට එහි පවර් ජැක් එක ගසන්න. දැන් ඔබට පහසුවෙන් ඔබේ ලැප්ටොප් එකේ සිට ගෙමින් සිස්ටම් එකක් වෙනකම් ඕනෑම දෙයක් චාජ් කරගන්න බොහොම පහසුයි.

    Button.png


    5. RadioShack Bluetooth Cassette Adapter

    CarGadget-05.jpg


    ෆෝන් එකේ තියෙන සින්දු කාර් එකේ දී අහන්න. එහෙම නැතිනම් ඔබේ ටැබ් එකේ හෝ වෙනත් බ්ලුටුත් එනේබල් ඩිවයිස් එකක තියෙන සින්දු කාර් ස්ටීරියෝ එකෙන් අහන්න පහසුම ක්‍රමය තමා RadioShack Bluetooth Cassette Adapter කියන්නේ. කැසට් එකෙක් හැඩයේ මේ බ්ලුටුත් රිසිවරය වාහනේ කැසට් ඩේක් එක ඇතුලට දැම්මම ඔබේ ප්‍රියතම ගීත ෆෝන් එකේ ටැබ් එකේ කොහේ තිබුනත් මේ හරහා අහන්නට පුළුවන් වේවි.

    Button.png


    6. Car Oxygen Bar Car Air Fresh

    CarGadget-06.jpg


    වාහනය් ඇතුලත ඇති සංසරණය වන වාතය උරාගෙන පිරිසිදු කරන නැවත මුදා හරින උපාංගයක් තමයි මේක. එසේ නැවත පිට කිරීමේදී පිරිසිදු කරන වාතය නිසා සෙම්ප්‍රතිශ්‍යාව වගේ බෝවෙන අසාත්මිකතා ඇතිවීමේ අවධානම බොහොම අඩු කරගන්නට පුළුවන්.


    Button.png


    Aniwa.lk