CARGILS FOOD CITY පාඩුයි!

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
Source http://www.lankagossipgirl.com/2014/08/cargils-food-city.html

කාර්ගිල්ස් සමුහ ව්‍යාපාරය ගෙවුණු ජුනි දක්වා වන කාර්තුව තුළ රුපියල් මිලියන 144 ක් පාඩු ලබා ඇති බව බව අලුත්ම අතුරු ගිණුම් වාර්තා පවසයි.

2013 වසරේ මෙම කාලයේ එම සමාගමේ ලාභය රුපියල් මිලියන 122 ක් වී තිබේ. කාර්ගිල්ස් ෆුඩි සිටි ප්‍රධාන සිල්ලර වෙළෙඳ අංශයේ ලාභ රුපියල් මිලියන 612 සිට 330 දක්වා පහළ වැටි ඇත.මෙහිදි සිල්ලර වෙළෙඳ අංශය සදහා වන අගය එකතු කළ බද්දේ බලපැම ප්‍රධාන වු

බවත් මේ අනුව ගත වු කාලයේ රුපියල් මිලියන 190 ක බදු බරක් මේ සදහා පිරිවැය ලෙස දැරිමට සිදු වු බවත් සමාගම කියයි.රටේ සමස්ත එළවළු හා පළතුරු නිෂ්පාදනයෙන් සියයට 04 ක නියෝජනයක් ඇති ස්වකිය වෙළෙඳාම් පමණක් මෙම වැටි බලපැමෙන් මිදෙන බවද සමාගම කියයි.

Fast Moving Consumer Good හෙවත් ක්ෂිණිකවම පාරිභෝගිකයා මිලදී ගන්නා භාණ්ඩ අංශයේ ලාභ මිලියන 32 ක අලාභ සිට රුපියල් මිලියන 67 ක ලාභ දක්වා වර්ධනය වි ඇත.KFC ප්‍රමුඛ ආපන ශාලා අංශයේ ලාභ රුපියල් මිලියන 39 සිට මේ කාර්තුවේ රුපියල් මිලියන 25 ක අලාභ දක්වා පහළ ගොස් ඇත.මෙහිදි ආපන ශාලා 03 ක් නවීකරණය සදහා වසා දැමිම මුළික වු බව සමාගම කියයි.

ආයෝජන අංශයේ ලාභ රුපියල් මිලියන 06 සිට මිලියන 41.5 දක්වා ඉහළ ගොස් ඇත.

කාර්ගිල්ස් සමුහ ව්‍යාපාරයේ Three Coins බීයර් නිෂ්පාදන හා වෙළෙඳ අංශය මිළදි ගැනිම සඳහා Carson Cumberbatch PLC සමුහයට හා Carlsberg මැලේසියාට අයත් The Lion Brewery Ceylon Plc හා ඇතිකර ගත් ගිවිසුම ප්‍රකාරව මෙම බීර අංශයේ කටයුතු අඩපණ වු නිසා මෙහි අලාභය රුපියල් මිලියන 116 ක් වු බවත් ඉදිරියේදි මෙහි ගනු-දෙනු අවසන් වු විගස අදාල තත්ත්වය සමනය වනු ඇති බවද සමාගම කියයි. -
 

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,496
    16,250
    113
    43_big.jpg
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ලාබ ලබන්නේ කොහොමද බන්?? මුන් ජරාව නේ විකුනන්නේ.....
    බහුජාතික සමාගම් කාරයන්ගේ ජරාවල් ඔක්කොම තියෙනවා ... දේෂීය නිෂ්පාදන ලොවෙත් නෑ ........
    මිනිස්සු දැන් ඉස්සර වගේ මෝඩ නෑ ... කීලස් , කාගිල්ස් , ආර්පිකෝ යනවට වැඩිය සතොසකින් හරි තොග බදු කඩේකින් හරි රුපියලක් හරි අඩුවෙන් ඕන දෙයක් ගන්න පුළුවන්...