Cars of Fast & Furious 6

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Cars of Fast & Furious 6

    Dodge Charger SRT8



    අමෙරිකාවේ ක්‍රයිස්ලර් සමාගමේ ඩොජ් සන්නාමය යටතේ නිපදවෙන "ඩොජ් චාජර් SR8" කාර් රථය දොර 4, රියර් වීල් ඩ්‍රයිව් හා 4වීල් ඩ්‍රයිව් යන පහසුකම් දෙකම සහිත රථයකි. 2006 වසරේ සිට වෙළඳපොලට නිකුත් වෙන මෙහි 2012 මාදිලියේ රථයක් චිත්‍රපටයේ දැක්වෙයි.

    V8 මාදිලියේ ලීටර් 6.1ක ධාරිතාවයක් ඇති, අශ්වබල 435ක එන්ජිමකින් බලගැන්වෙන මෙය 5ස්පීඩ් වර්ගයේ ස්වයංක්‍රීය ගියර පද්ධතියකින් සමන්විතය.

    අධිවේගී ධාවන ලෝලීන් සඳහාම නිර්මාණය කොට ඇති මෙය බ්‍රෙම්බෝ මාදිලියේ ඩිස්ක් බ්‍රේක් පද්ධතියකින්, ඉලෙක්ට්‍රොණිකව පාලණය වන සස්පෙන්ශන් පද්ධතියකින් හා වෙනත් නවීන පුපාංග රාශියකින් සමන්විතය.

    BMW M5


    5 Series මාදිලියේ බී.එම්.ඩබලිව් රථයක් වන මෙය අශ්වබල 520, ලීටර් 4.4 V8 වර්ගයේ turbo එන්ජිමකින් සමන්විතය. 7 speed, dual clutch වර්ගයේ ගියර පද්ධතියක් යොදා ඇති මෙම රථයද අධිවේගී ධාවන ලෝලීන් සඳහාම නිර්මානය කොට ඇත.

    Dodge Challenger


    ක්‍රයිස්ලර් සමාගමේ තවත් නිශ්පාදනයක් වන ඩොජ් චැලෙන්ජර් "muscle cars" හෙවත් කුඩා, එහෙත් අධිබල/ අධිවේගී ධාවනය සඳහා නිර්මාණය කොට ඇති කාරයකි. Retro style හෙවත් පැරණි පෙනුමක් ඇති ලෙස නිර්මාණය කොට ඇති ඩොජ් චැලෙන්ජර් මාදිලියේ අලුත්ම මොඩලය වසර 2013 මොඩලයයි.

    අශ්වබල 470, ලීටර් 6.8 ධාරිතාවය ඇති V8 එන්ජිමකින් සමන්විත මෙහි උපරිම වේගය පැයට කිලෝමීටර් 286ක සුපිරි වේගයකි.

    Mustang Shelby GT500
    ෆෝර්ඩ් සමාගම මගින් අධිවේගී ධාවන ලෝලීන් සඳහා නිර්මාණය කොට ඇතිඔ මස්ටැන්ග් ශෙල්බි GT500 රථය අශ්වබල 660ක ජවයක් ඇති, ලීටර් 5.8ක ධාරිතාවයකින් යුතු V8 වර්ගයේ මැනුවල් ට්‍රාන්ස්මිශන් එන්ජිමකින් සමන්විතය.

    පැයට කිලෝමීටර් 325ක උපරිම වේගයක් ලඟාකරගත හැකි මෙම රථයේ එන්ජිම සුපර්-චාර්ජරයකින් වේගවත් කොට ඇත.

    Aston Martin DB9


    සුප්‍රකට ඇස්ටන් මාටින් සමාගම නිර්මාණය කරන DB9 මාදිලිය ලීටර් 5.9ක ධාරිතාවයකින් යුතු, අශ්වබල 510යේ V12 එන්ජිමකින් සමන්විතය. උපරිම වේගය පැයට කිලෝමීටර් 295ක් වන අතර නවත්වා ඇති DB9 රථයකට පැයට කිලෝමීටර් 100ක වේගයකට ලඟාවීමට ගතවන්නේ තත්පර 4.5ක් පමණි.
     
    • Like
    Reactions: DILUF
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    ela
    Jensen interceptor

    Jensen-interceptor_bbac7.jpg


    mekath thiyenawa wage dakka
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    mee film eke athi deyak na :)

    shape :D
    samahara ewa nikan hindi film wage ;) aru nikan pissek wage yana wahana walin paninawa :P mukuth wenne na :P heeeee