CCNA පා‍ඩම

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    01. Straight - Through Cable

    Straight - through cable එකක රෑප සටහනක් මම පහත දක්වලා තියෙනවා.

    straightT.jpg


    හුගක් අය දන්නවත් ඇති අපි network cable එකක් කුඩා වයර් 8 කින් සමන්විත බව රෑප සටහන දිහා හොදට බැලුවම මේක තේරැම් ගන්න පුලුවන්. මේ වයර් 8 පාට 8 කින් තමයි එන්නේ (ඒක international standard එකක්). මෙන්න මේ කුඩා වයර් connector එකට සම්බන්ධ වෙන රටාව අනුව තමයි network cable එකිනෙකට වෙනස් වෙන්නේ.

    බලන්න Straight - through cable එකක දෙපැත්තම (අග්‍ර දෙකම) එකම රටාවට connector එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින්
    Straight - through cable එකක් හදුනා ගැනීම කරන්නේ ඔන්න ඔය කාරනයෙන්. එච්චර අමාරැ නෑ නේද ? හැබැයි මේක හැමදාටම මතක තියෙන්නේ ඕනේ එච්චරයි. අපිට ඉස්සරහ පාඩම් වලදිත් මේක හුගක් වැදගත් වෙනවා.

    අපි ඊළගට බලමු
    Straight - through cable එකකින් එකිනෙක සම්බන්ධ වෙන Network Devices මොනවද කියලා.



    straight_devices.jpg

    ​

     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Straight - through cable එකකින් සම්බන්ධ වෙන උපකරණ මතක තියා ගන්න පුලුවන් හොද ක්‍රමයක් තමයි හැමතිස්සේම එකිනෙකට වෙනස් උපකරණ එකට සම්බන්ධ වෙන්නේ (එක අවස්ථාවක් හැර - Router එකක් කෙලින්ම PC එකකට එහෙම නැත්තම් Host machine එකකට සම්බන්ධ වෙන්නේ Crossover Cable එකක් හරහා) Straight - through cable එකකින් කියලා මතක තියා ගැනීම.

    තව දෙයක් අපි සාමාන්‍ය ව්‍යවහාරයේ සමහර විට මේ Straight - through cable එකට Patch Cable එක කියලත් කියනවා. කවුරැ හරි Office එකේ කෙනෙක් Patch Cable එකක් ගේන්න කියලා කිව්වොත් ගෙනියන්න ඕනේ Straight - through cable එකක් ඔන්න.

    02. Crossover Cable
    ඔන්න පහත තියෙනවා crossover cable එකක රෑප සටහන

    cross.jpg


    බලන්න Straight - through cable එකත් එක්ක මේකෙ වෙනස. එක අග්‍රයක වයර් වල පිහිටීම අනිත් අග්‍රයට වඩා වෙනස් අපිට වෙනස් කම් දෙකක් හදුනාගන්න පුලුවන්. 1 සහ 3 කියන් වයර් දෙක එකිනෙක cross වෙනවා. ඒ ‍වගේම 2 සහ 6 ස්ථාන එකිනෙකට cross වෙනවා. ඉතින් මේ Straight - through cable එකයි crossover cable එකයි එකිනෙකින් වෙන කරලා හදුනා ගන්න එක එච්චර දෙයක් නෙවෙයි නේද
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඒ වගේම අපි බලමු crossover cable එකකින් සම්බන්ධ වෙන Devices මොනවද කියලා.


    cross_devices.jpg

    ​


    Crossover cable එකෙන් සම්බන්ධ වෙන Devices හදුනා ගැනීමත් ලේසියි. බලන්න එක අවස්ථාවක් හැර අනිත් හැම අවස්ථාවේදීම එකට සම්බන්ධ වෙලා තියෙන්නේ එක සමාන Devices නේද.

    මම කොටු කරලා පෙන්නලා තියෙන්නේ විශේෂ අවස්ථාවක් අපිට සිද්ධ වු‍නොත් Router එකක් කෙලින්ම PC (Host)එකකට සම්බන්ධ කරන්න ඒ අවස්ථාවෙදිත් අපි පාවිච්චි කල යුත්තේ
    Crossover cable එකක්. අන්න ඒක පටලවා ගන්න එපා.

    ඔය ඉහත කතා කරපු Straight - through cable එක සහ Crossover cable එක තමයි අපි ප්‍රධාන වශයෙන් Network එකකදි භාවිතා කරන්නේ. ඔයගොල්ලොත් Network field එකේ job එකක් කරනවනම්, ඔයගොල්ලන්ගේ Boss මොනවා හරි ‍cable එකක් ගේන්න කිව්වොත් වරද්දන්නේ නැතුව ගෙනියන්න පුලුවන් වෙන්න ඕනේ. නැත්තම් ඔන්න case තමයි.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    03. Rolled Cable (Console Cable)

    Rolled cable පාවිච්චි කරන්නේ එක වැඩක් සදහා ඒ තමයි Router එකක් කෙලින්ම PC එකකට සම්බන්ධ කර ගැනීම සදහා.
    Rolled cable එකක රෑප සටහනක් පහත තියෙනවා


    rollover_db9cable.jpg
    Rolled cable

    මේ cable එකේ එක පැත්තක් Router එකේ serial port එකකට සම්බන්ධ වෙනවා අනිත් පැත්ත සාමාන්‍ය network cable එකක් විදිහට PC එකට සම්බන්ධ කරන්න පුලුවන්. Router එකක් configure කරද්දි Router එකේ OS එක PC එකට load කර ගන්න Router එකයි PC එකයි සම්බන්ධ කරගැනීමේ පහසුම ක්‍රමය මේක තමයි.
    ​
    Rolled cableRolled cable
    ​
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අපිටත් ඒකාලේ CCNA කරන්න තිබුනා. දැන් අපරාදේ කියලා හිතෙනවා කලේ නැති එකට .
    ඉස්සර නිකන් හිටියා. දැන් ඔය qualification එක තිබ්බා නම් කොච්චර advantage එකක්ද

    :(
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    අපි දැන් TCP/IP Model එක ගැන පොඩ්ඩක් දැනගන්න යන්නේ.

    TCP/IP Model (DOD - Department Of Defense Model)


    මේ TCP/IP ‍එහෙම නැත්තම් DOD Model කියලා අපි ඉගෙනගන්නෙත් අර කලින් අපි කරපු OSI Layers ගැනම තමයි. දැන් ඔයගොල්ලේ බලයි මොකද එහෙනම් මේ OSI Layers ආයෙත් කරන්නේ කියලා. මම ඉස්සෙල්ලාම කියන්නම් මේක ගැන පොඩි විස්තරයක්. OSI Layer architecture එක තමයි ලෝකෙම පිළිගත්ත standard එක. නමුත් ඇමරිකාවේ ඉන්නේ ටිකක් අමුතු අයනේ. මේ අය OSI Layer එකේ තියෙන Layers ප්‍රමාණය ‍පොඩ්ඩක් වෙනස් කරලා නමක් තිබ්බා TCP/IP නැත්තම් ඒගොල්ලන්ගේ Department of Defense (Internet එක පටන් ගැනීමටත් මේ Department of Defense එකේ සම්බන්ධයක් තියෙනවනේ. මම හිත්න්නේ Internet වල ඉතිහාසය කියෙව්වොත් දැනගන්න පුලුවන්) එකේ නමින් DOD Model කියලා. හැබැයි මේකේ සියලු දේවල් OSI Layer වල ඉගෙනගත්තු දේවල්ම තමයි. පහත රෑපය බැලුවම ඔයගොල්ලන්ට පැහැදිලි වෙයි ‍කොහොමද DOD Model එක OSI Layer වලින් වෙනස් වෙන්නේ කියලා.

    OSI_DOD.jpg


    පැහැදිලිව පේනවා ඇති OSI Model එකේ තියෙන Layers කිහිපයක් එකතු කරලා DOD එහෙම නැත්තම් TCP/IP Model එකේදි Layers ගාන අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ TCP/IP Model එකේ තියෙන්නේ layers 04 ක් විතරයි.


    ​
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    බලන්න OSI Model එකේ තියෙන අන්තිම Layers 03 ඒ කියන්නේ Application, Presentation සහ Session layers තුනම එකතු කරලා හදලා තියෙනවා Application එහෙම නැත්තම් Process කියලා තනි Layer එකක්.

    එතකොට OSI Model එකේ Transport Layer එකේ නම වෙනස් කරලා Host to Host Layer කියලා දාලා තියෙනවා.

    ඊළගට OSI Model එකේ Network Layer එකේ නමත් වෙනස් කරලා Internet layer කියලා.

    අන්තිමට Data Link සහ Transport layers එකතු කරලා හදලා තියෙනවා Network Access Layer කියලා.


    හැබැයි බය වෙන්න දෙයක් නෑ ඔය නම් වෙනස් වුනාට ඒ ඒ Layers වලින් සිද්ධ වෙන්නේ OSI Model එකේදි සිද්ධ වෙච්ච දේවල්ම තමයි. කිහිපයක් එකතු වෙලා හැදිච්ච තනි layer එකේදි ඒ layers කිහිපයෙන්ම සිදු වුන දේ කෙරෙනවා.

    හොදයි ඉතින් ඔය නිසා අපි මේ Layers වල ක්‍රියාකාරීත්වය ගැන ආයෙත් කතා කරන්න යන්න ඕනේ නෑ. නමුත් මම OSI Layers වලදි නොකර පොඩි දෙයක් හංගා ගත්තා මේ TCP/IP layers වලදි කරන්න. ඔන්න ඒ හංගා ගත්ත දේ එලියට දාන්නයි මේ හදන්නේ.

    අපි
    OSI Layers ගැන කරද්දිත් නොයෙකුත් අවස්ථාවන් වලදි එක එක Protocol ගැන ඉගෙන ගත්තා මතක ඇති. TCP (Transmission Control Protocol), UDP (User Datagram Protocol) වගේ පොඩි පොඩි දේවල් ටිකක් ගැන. හැබැයි මේ එක එක Layer වලට විශේෂිත Protocol වෙන වෙනම තියෙනවා. දැන් ඉහත මම කිව්ව TCP සහ UDP කියන දෙකම Transport Layer එකේදි භාවිතා වෙන Protocol දෙකක්.ඒ වගේම මේ Protocol වලට ඒගොල්ලන්ට විතරක් වෙන් වුනු Port Number එකකුත් තියෙනවා. ඉතින් අපි CCNA වලදි ඒ ඒ Layer වලදි අපිට වැදගත් වන Protocol කිහිපයක් ගැන තමයි මම දැන් පැහැදිලි කරන්න යන්නේ.
     
    Last edited: