මචං උඹ එදා ඉසුරුපායෙන් O/L, A/L certificates සහතික කරගන්න විදිය ගැන අහුව නේද?
ඒ වැඩේ කරගත්තද?
Isurupayen karaganna onidha danne na..normally api nam translater kenek ta dila translate karagena consuler affair division office eken verify karagannawaa..
oz yannada? O/l A/L awa one na ban..
one kivva ban certify karaganna kivva
Kuada kiwe? mama last week translate kala sworn translators kiyala set akak innawa unta kiyala degree cert aka witrak tibbama ati... Uba stududent da yanne?
තව දෙයක් වලට O/L & A/L වලට වෙන වෙනම ෆෝම් දෙකක් fill කරන්න ඕනෙ.ඉසුරුපාය නේද පැලවත්ත හරියෙ තියෙන්නෙ?(ඉසුරුපායද/සෙත්සිරිපායද කියන නම නම් මතක නෑ)
අන්න ඒකට යන්න ඕනෙ මුලින්ම.
විභාග දෙපාර්තමේන්තුවට.
ඒකෙන් අපි ෆෝම් එකක් ෆිල් කරල දෙන්න ඕනෙ "Foreign Ministry"එකට කියල දාල. ඒ ෆෝම් එකේ තියෙනව ටික් මාක් එකක් දාන්න.
ඊට පස්සෙ එතනින් දෙනව කාඩ්/ටෝකන් එකක් සල්ලි ගෙව්වෑම් පස්සෙ,ඒ ටෝකන් එක ගිහින් දෙන්න ඕනෙ Foreign Ministry එකට.
එතකොට එකෙන් දෙයි certify කරල.
Exam department එකෙ පෝලිම් ඉන්න එකනම් මරු කට්ට සෙනග වැඩි දවසට.ගොඩක් වෙලාවට සෙනග තමා
පුලුවන් තරම් උදෙන් යන්න 9ට විතරවත්,මම දන්න විදියට Exam department එකේ මේ වැඩ (O/L A/L ceritification) කරන්නෙ 2.30,3.00 විතර එනකං විතරයි.
ඒකනිසා ලොකු පෝලිම් වල ඉන්න බලාගෙනත් එක්කම වේලාසනින්ම යන්න.


වෙනම එකක් දෙනව මචං.
අර එදා කිව්ව විදියටම තමා කරන්න ඕනෙ.
තව දෙයක් වලට O/L & A/L වලට වෙන වෙනම ෆෝම් දෙකක් fill කරන්න ඕනෙ.
Foreign Ministry එකට කියල O/L, A/L certificate කීයක් approve කරගන්න ඕනෙද කියලත් දාන්න තියෙනව.
ඊට පස්සෙ ටෝකන් එක අරන් යන්න foreign ministry එකට.
ආරංචි විදියට මීට දවස් 5,6කට කලින් foreign ministry එක සම්පූර්ණයෙන් අලුත් තැනකට ගෙනිහිං තියෙන්නෙ.
World Trade Center (WTC) එක ඉස්සරහ තියෙන සෙලින්කෝ බිල්ඩින් එකේ 2 හෝ 3 තට්ටුවෙ තියෙන්නෙ Foreign Ministry එක දැන්.
අලුත් ප්ලේස් එකේ සිස්ටම් එක තනිකරම computerized.
මුලු ඔෆිස් එකේම තියෙන්නෙ Apple iMac.
මේ අලුත් සිස්ටම් එක නිසා ක්‍රම 2කට approval එක දෙනව.
එකක් ඩිජිටල්, උඹට approve කරල email එකක් තමයි එන්නෙ pdf එකක් එක්ක. ඒක printout අරගත්තම හරි.
අනිත් එක එතනදිම printout එකක් දෙයි, ඒකෙත් හැබැයි සීල් ගහල ස්ටිකර් ගහල දෙන්නෙ නෑ.
O/L,A/L නිසා ගොඩක් වෙලාවට එ වෙලාවෙම printout එකක් දෙයි.
ඒත් degree එකකට වගේ approval ගන්න ගියොත් නම් සමහරවිට ඒ වෙලවෙම approval එක දෙන්නෙ නෑ,email එක තමා එවන්නෙ.
ඔය විදි දෙකෙන් කෝක හම්බුනත් දැන් approve කරපු කොපි 5,6 ගන්න ඔනෙ නෑ, සල්ලිත් ගොඩක් ඉතුරුයි. කෙලින්ම තමන්ට ඕනෙ ගානට (foreign ministry එකෙන් printout නම් දුන්නෙ, ඒක scan කරල ඕනෙ තරම් කොපි ගහගන්න/ email with pdf එකක්නම් දුන්නෙ ඒකෙ printout ඕනෙ තරම් ගහගන්න.) printout ගහගත්තනම් ඇති, ඒව කාටහරි චෙක් කරන්න ඔනෙ නම් online තමා චෙක් කරන්න ඔනෙ, මේ විදිය තමා අලුත් සිස්ටම් එක foreign ministry එකේ.
foreign ministry එකටත් උදෙන්ම යන්න, පට්ට සෙනඟ.