CFL ඔබ දැනගෙන සිටියාද

eladakolla

Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    CFL ඔබ දැනගෙන සිටියාද

    බල්බ ලොව පුරා වසරකට මිලියන 900ක් පමණ අක්‍රමවත්ව බැහැර කරයි. මෙම එක් බල්බයක් තුල රසදිය 5mg පමණ ඇත.මේ ප්‍රමාණයෙන් ජලය ගැලුම් 6000ක් පමණ දූෂණයට ලක්වේ. මෙම රසදිය ගල් අඟුරු දහනයෙන් ද විශාල ලෙස පරිසරයට එක් වේ. පරිසරයේදී මෙම රසදිය මෙතිල් මර්කරි බවට පත්වන අතර එයඋග්‍ර විෂ රසායනයකි. තවද මෙම රසායනික බොහෝ කල් යන තුරු පරිසරයෙන් ඉවත් නොවී, විනාශ නොවී පවතී. එය මිනිසාට බොහෝ බලපෑම් ඇති කරයි.
    වැඩුණු පුද්ගලයන්ගේ මොලය හා ස්නායු පද්ධතියට හානි කරයි.ළමයින්ගේ ඉගෙනීමේ අපහසුතා, බුද්ධිය හා ශාරීරික වර්ධනයේ හා විකසනයේ සිදුවන ආපසු සකස් කළ නොහැකි ආබාධ ඇති වේ.ගර්භනී මවුවරුන්ට හා කුඩා ළමයින්ට කුඩා ප්‍රමාණයකින් වුවද බරපතල සෟඛ්‍ය ගැටලු ඇති කරයි.
    කාමරයක් තුල බල්බයක් බිඳී ගිය හොත් එහි ඇති රසදිය වසර 20ක් පමණ කාලයක් වුවද ඇඳ ඇතිරිලිවල , බිම පැවතිය හැකිය.තවද CFL බල්බවලින් සමහරක් ඒවා මගීන් නිකුත් කරන නිල් ආලෝකය මගීන් මොලයේ පයිනියල් ග්‍රන්ථිය මගීන් ස්‍රාවය කරන මෙලටොනික් ස්‍රාවයවීම අඩාලවීමත් එමගින් පියයුරු හා පිරිමින්ගේ ප්‍රොස්ටේට් ග්‍රන්ථියේ පිළිකා ඇතිවීමටත් හේතු වේ. CFL බල්බ වැඩි වේලාවක් දැල්වීමේදී නිකුත්වන විද්‍යුත් චුම්බක කිරණ, පීනෝල්, නැප්තලීන් සහ ස්ටයිරින් වැනි රසායනික ද්‍රව්‍ය නිකුත් කරන බැවින් මේවාට නිරාවරණය වීමෙන් පිළිකා ඇතුලු බරපතල සෳඛ්‍ය ගැටලු ඇති කරයි.
    එබැවින් CFL බල්බ පාවිච්චියට පෙර ඔබ ඒ පිළිබඳව දැනුවත් විය යුතු අතර ඉවතලන CFL බල්බ පරිසරයට හානි නොවන ලෙස බැහැර කිරීමට වග බලා ගත යුතුය. තවද CFL බල්බයක් කාමරයක් තුල බිඳී ගිය හොත් ආරක්ෂිත ලෙස ඒවා කාමරයෙන් ඉවත් කිරීම කළ යුතුය
    .CFL විදුලි බුබුල සමාජය තුල බොහෝ ජනප්‍රියත්වයට පත් වූ පාරිභෝගික භාණ්ඩයකි.ඊට හේතු වූ කරුණු කිහිපයක් විය. ප්‍රධානතම හේතුව බවට පත් වූයේ මෙම CFL විදුලි බුබුල ක්‍රියාත්මක වීම සඳහා ඉතාමත් අඩු විදුලියක් අවශ්‍ය වීමය.එබැවින් මෙම බල්බ භාවිතයෙන් නිවෙස් තුල ආලෝකය ලබා ගැනීම සඳහා වැයවන විදුලිය සැලකිය යුතු මට්ටමකින් අඩු කර ගැනීමට හැකිවේ.තවද මෙම බල්බ ඉතා දීප්තිමත්ව දැල්වෙන නිසා හොඳ ආලෝක තත්වයක් ලබාදේ.එමනිසා මේවායේ භාවිතයද බොහෝ ඉහල ගොස් ඇත.
    අන්තර්ජාලයෙන්.
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    CFL බල්බ් එකක් බිදුනොත් (අපි හිතමු කාමරේක වැටිල බිදුන කියල).
    කාමරේ හොදට ජනෙල් දොරවල් ඇරලා ටික වෙලාවක් යනකම් කාමරේට නොයන එක තමා හොද.

    පත්තරේක තිබ්බේ මෙහෙම කරන්න කියල.
     
    • Like
    Reactions: eladakolla

    eladakolla

    Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    CFL බල්බ් එකක් බිදුනොත් (අපි හිතමු කාමරේක වැටිල බිදුන කියල).
    කාමරේ හොදට ජනෙල් දොරවල් ඇරලා ටික වෙලාවක් යනකම් කාමරේට නොයන එක තමා හොද.

    පත්තරේක තිබ්බේ මෙහෙම කරන්න කියල.
    rep++
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    cfl හා ටියුබ් ලයිට් වලින් පාඩම් කරන්න හොද නැහැලු ,වර්ණ අන්ධතාව ඇති වෙනවාලු
    පාඩම් කරන්න
    article-0-02F7339C000005DC-584_233x423.jpg
    මේ වගේ බල්බ් එකක් පාවිච්චි කරන්න
     
    • Like
    Reactions: eladakolla

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    cfl හා ටියුබ් ලයිට් වලින් පාඩම් කරන්න හොද නැහැලු ,වර්ණ අන්ධතාව ඇති වෙනවාලු
    පාඩම් කරන්න
    article-0-02F7339C000005DC-584_233x423.jpg
    මේ වගේ බල්බ් එකක් පාවිච්චි කරන්න
    mevage eliya nane bn
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    LED bulb use karapan bn oya mokuth awlak nahani,,para ayine tiyena eewa wage newey, gana wadi hoda quality ekak ara gattata padu naha,, philip,kelani wage.. mama dakka kelani LED bulb ekak eeke LED tiyenne nikan filament bulb ekaka wage pattama eliyay.. images.jpg
     
    • Like
    Reactions: eladakolla

    eladakolla

    Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    cfl හා ටියුබ් ලයිට් වලින් පාඩම් කරන්න හොද නැහැලු ,වර්ණ අන්ධතාව ඇති වෙනවාලු
    පාඩම් කරන්න
    article-0-02F7339C000005DC-584_233x423.jpg
    මේ වගේ බල්බ් එකක් පාවිච්චි කරන්න

    thanks for information mchn rep added