Chainora - අපිට අපේම Social Media Network එකක්

asksajee

Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    Chainora - අපිට අපේම Social Media Network එකක්

    මේ පෝස්ට් එක අපේ රටේ වැඩක් ගැන. සෝෂල් මීඩියා ගැන හැමෝම දන්නවා. මේ කියන්න යන්නෙ අලුත් සෝෂල් නෙට්වර්ක් එකක් ගැන. විශේෂත්වය මේක අපේ රටේ නිර්මාණයක් වෙන එකයි.

    logo.png


    මේකෙ නම තමයි Chainora. http://www.chainora.com ඔස්සේ පිවිසෙන ඕනෑම කෙනෙකුට පහසුවෙන් ගිණුමක් හදාගන්න පුළුවන්. නූතන සමාජ ජාල වෙබ් අඩවියක තියෙන සියලු පහසුකම් Chainora තුල තිබෙනවා. සාමාන්‍ය ජාලයක පවතින අංඟ වන like, comment, share වැනි පහසුකම් වලට අමතරව අපූරු අංගයක් වන්නේ "Nearby Users" ද පවතිනවා. එමගින් තමන් සිටින ස්ථානයෙ සිට 2 km දුරක සිටින යහළුවන් හඳුනා ගැනීමට හැකියාව පවතිනවා

    Capture.PNG


    කවුද මේක හැදුවේ???
    මේ වෙබ් අඩවිය නිර්මාණය කලේ ලකිඳු ජයතිලක විසින්. ඔහු සිටින්නේ රත්මලාන ප්‍රදේශයේ. රෝයල් ඉන්ස්ටිටියුට් ජාත්‍යන්තර පාසලේ මූලික අධ්‍යාපනය සම්පූර්ණ කර ඇති ලකිඳු මේ වන විට ICBT හි මෘදුකාංඟ ඉංජිනේරු උපාධිය හදාරමින් සිටින අතර එය ද මදකට නතර කර මහත් කැපවීමකින් මෙම අඩවිය අවුරුද්දක පමණ කාලයක් වෙහෙස වී නිර්මාණය කර ඇත.

    57e180a801e432.47803147.jpg


    මෙවැනි ජාලයක මූලීක තාක්ෂණික පදනම පවා ඉතා සංකීර්ණ වන අතර එය ජය ගැනීමට ලකිඳු සමත්ව සිටිනවා .සැප්තැම්බර් මාසයේ දියත් කරනු ලැබූ මෙම ජාලයට මේ වන විට සාමාජිකයන් 1000 අධික ප්‍රමාණයක් එක්වී සිටිනවා .මෙම ජාලය තව තවත් දියුණු කිරීම සඳහා ආයෝජකයකුගේ සහය අවශ්‍ය වී තිබෙනවා.

    ඉතිං මේ වැඩේට අත හිත දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් 0758319429 අංකයෙන් හෝ [email protected] විද්‍යුත් තැපෑල ඔස්සේ ලකිඳු සමග සම්බන්ද වෙන්න පුළුවන්. දැන්ම ගිණුමක් හදාගෙන එකතු වෙන්න
     

    asksajee

    Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    මං හදපු එකක් නෙමෙයි බං. නෙට් එකේ තිබිලා මං දැම්මේ ලංකාවේ එකෙක්ගේ එකක් නිසා