channel 4 ට කොටින්ගෙන් පගාව- ගෝඨා

france

Banned
Apr 23, 2011
267
48
0
channel 4 ට කොටින්ගෙන් පගාව- ගෝඨා



චැනල් 4 එකේ මාධ්‍යවේදින්ට කොටින් විසින් අල්ලස් දී මෙම වැඩසටහනට ව්‍යාජ වීඩියෝ හදවා මෙය නිෂ්පාදනය කර ඇති බව ගෝඨාභය රාජපක්ෂ විසින් අනාවරණය කරයි.

By Duminda Balasuriya
While rejecting the contents of the video aired on the British Channel 4 news channel, Defence Ministry Secretary Gotabaya Rajapaksa yesterday said they have received information that a fake video had been created by Channel 4 news after obtaining money from pro-LTTE elements.
Fake, made for LTTE money: Gota
“Once again some pro-LTTE elements have used the Channel 4 news agency after giving money to them (Channel 4) in order to tarnish the image of both the Sri Lankan government as well as the army,” Mr. Rajapaksa said.
He also said that during the war, the army was always committed to save the lives of innocent civilians and never harmed their lives.
According to Mr. Rajapaksa, the lives of civilians as well as the families of the LTTE leaders, such as widows of LTTE Sea Tiger Leader Soosai and the LTTE Political Chief Thamilchelvan, who were stranded, were protected by the armed forces during and after the war.
“As examples, the army is still giving protection to the families of Soosai and Thamilchelvan, who were top level LTTE leaders and also carefully protected the mother and father of slain LTTE leader Prabhakaran, until their death” Mr. Rajapaksa said.
Mr. Rajapaksa also added that the army always behaved professionally giving utmost priority to safeguard the lives of innocent civilians and the allegation against the army is clearly to tarnish the image of the army internationally. DM quote
While rejecting the contents of the video aired on the British Channel 4 news channel, Defence Ministry Secretary Gotabhaya Rajapaksa yesterday said they have received information that a fake video had been created by Channel 4 news after obtaining money from pro-LTTE elements
 

france

Banned
Apr 23, 2011
267
48
0
ලංකාවේ කිසිදු යුද අපරාධයක්‌ වී නෑ
චැනල් ෆෝ වීඩියෝ පටය
ශ්‍රී ලංකාව ප්‍රතික්‍ෂේප කරයි



කීර්ති වර්ණකුලසූරිය, සමන් ගමගේ

චැනල් ෆෝ රූපවාහිනිය පෙරේදා (14 දා) ශ්‍රී ලංකාවට එරෙහිව විකාශය කළ වාර්තාමය වීඩියෝ වැඩසටහනින් පසු යුද අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ස්‌වාධීන විමර්ශනයක්‌ කළ යුතු බවට බ්‍රිතාන්‍යය කර ඇති යෝජනාව රජය ප්‍රතික්‍ෂේප කර ඇත.

මෙම රූපවාහිනී වැඩසටහන දැකීමෙන් බ්‍රිතාන්‍යයේ විදේශ කාර්යාල ඇමැති ඇලිස්‌ටර් බර්ට්‌ මහතා බී.බී.සී. මාධ්‍ය ජාලයට කළ ප්‍රකාශයකට අනුව බ්‍රිතාන්‍යය මෙම යෝජනාව කළේය.

චැනල් ෆෝ මගින් 'කිලිං ෆීල්ඩ්' නමින් විකාශය කළ මෙම සාවද්‍ය වීඩියෝ වැඩසටහන සම්පූර්ණයෙන් ම ප්‍රතික්‍ෂේප කරන බව ද රජය සඳහන් කර සිටී.

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්‌ කාර්යාලය මගින් ප්‍රසිද්ධ නිවේදනයක්‌ නිකුත් කරමින් රජය ඒ බව ප්‍රකාශ කර ඇත.

ඉතිහාසයේ විශාලතම ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ ගෞරවය ශ්‍රී ලංකා හමුදාවන්ට හිමිවන අතර, ශ්‍රී ලංකා හමුදාවන්ගේ මානව හිතවාදී බව ඉකුත් මෙහෙයුම් මගින් මනාව පිළිබිඹු වූ බව ද බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්‌ කාර්යාලය නිකුත් කළ එම නිවේදනයේ සඳහන්ව තිබේ.

උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම පත්කර යුද ගැටුම් හමුවේ සිදු වූ බලපෑම් හා ජාතීන් අතර සුහදත්වය වර්ධනය කිරීමට ශ්‍රී ලංකාව පුළුල් වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කර තිබෙන බව ද එම නිවේදනය මගින් රජය පෙන්වා දී ඇත.

එසේ තිබියදී චැනල් ෆෝ රූපවාහිනිය මෙවන් වැඩසටහන් මගින් කරනුයේ එකී ජාතික සුහදත්වය වර්ධනය කිරීම විනාශ කර දුරස්‌ බවක්‌ ඇති කිරීම බව ද එම නිවේදනයෙන් පවසා ඇත.

චැනල් ෆෝ රූපවාහිනී වැඩසටහනත් සමඟ ප්‍රසිද්ධ ප්‍රකාශයක්‌ කර ඇති කැනඩා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක වන රාධිකා සිටිසබේෂන් ද යුද අපරාධ පිළිබඳ විමර්ශන සඳහා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර බලපෑමක්‌ එල්ල විය යුතු බවට සඳහන් කර ඇත.

ශ්‍රී ලාංකික තරුණියක වන ඇය මෙවන් ප්‍රකාශයක්‌ කිරීම සහ චැනල් ෆෝ වැඩසටහනත් සමඟ මතුවන හඬ අනුව මෙහි ඇති කුමන්ත්‍රණකාරී බව මැනවින් පැහැදිලි වන බව මේ පිළිබඳ අදහස්‌ දැක්‌වූ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ පැවැසීය.

වන්නි මෙහෙයුම දියත් කළ හමුදා ප්‍රධානීන් යුද අපරාධකරුවන් බවට පත් කිරීම සඳහා බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය ඇමිනේස්‌ටි ඉන්ටර්නැෂනල් චැනල් ෆෝ ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන හතරක්‌ මෙම රහසිගත කුමන්ත්‍රණය ක්‍රියාත්මක කර ඇතැයි පැවැසේ.

මේ සාවද්‍ය චිත්‍රපටය විකාශනය කෙරෙන බව දැක්‌වෙන පත්‍රිකා මිලියනයක්‌ මුද්‍රණය කර බ්‍රිතාන්‍යය හා යුරෝපය තුළ බෙදාහැරීමට කොටි හිතවාදීන් ක්‍රියාකර ඇත.

මේ කුමන්ත්‍රණය සඳහා ජර්මනියේ බර්ලින් නගරයේ සිටින ඡේ. ඩී. එස්‌. නමැති සංවිධානය සහාය වී තිබේ.

තමන්ට මේ යුද අපරාධ දර්ශන සැපයුවේ එකී ඡේ. ඩී. එස්‌. සංවිධානය යෑයි චැනල් ෆෝ රූපවාහිනී සේවාව විසින් හෙළි කර ඇත.

මෙකී සාවද්‍ය වීඩියෝපටය තිරගත කෙරෙන බව දන්වන දැන්වීම් ද බ්‍රිතාන්‍යයේ පුවත්පත්වල පළකර තිබූ බව හෙළිවිය.

චැනල් ෆෝ රූපවාහිනිය මගින් පෙරේදා රාත්‍රියේ 'කිලිං ෆීල්ඩ්' නමැති චිත්‍රපටය විකාශය කර පැය 24 ක්‌ ගත වීමටත් පෙර බ්‍රිතාන්‍යය අදාළ ඉල්ලීම කර තිබිණි.

මේ 'කිලිං ෆීල්ඩ්' චිත්‍රපටය ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවන්ට අවමන් කිරීම සඳහා කළ නිර්මාණයක්‌ යෑයි ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක නිලධාරියෙක්‌ පැවැසීය.

මෙකී සාවද්‍ය යුද අපරාධ චිත්‍රපටය විකාශනය වන බවට අතිවිශාල මුදලක්‌ දරමින් පුවත්පත් දැන්වීම් පවා පළකර තිබේ.